අගමැති කම, ඊලඟ ජනාධිපති අපේක්ෂකකම ඇතුළු කොන්දේසි රැසක් සමග බැසිල් පාර්ලිමේන්තු එයි…

Basil-Rajapaksha

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පැමිණෙන්නේ රාජපක්ෂ පවුල හා ආණ්ඩුව සමග එකඟතා  කීපයක් ඇතිකරගෙන බව  ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ලංකාසරට හෙළි වේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ  ජනාධිපති සමයේ තමන් දැරූ ඇමති ධුරය, මීලඟ ජනාධිපති අපේක්ෂකත්වය, හා ජනාධිපති අපේක්ෂත්වය ලබා ගැනීමට වසරකට පෙර අගමැති ධුරය යන එකඟතා මේ වනවිට ඇති කරගෙන තිබෙන බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

බැසිල් රාපක්ෂ එක් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසු, ඊලඟ වතාවට නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව සැලසීමට එකඟ වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.


ද්විත්ව පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දිමත් සමග ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඔහුට ලබා දෙන බවත් ඊට අදාල කටයුතු මේ වනවිට සැලසුම් කර ඇති බවත් ඉහත ආරංචි මාර්ග අනාවරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්තමානයේ රට මුහුණ පා ඇති සමාජ ආර්ථික හා දේශපාලන ගැටලු පුළුල් ලෙස විශ්ලේෂණය කර 2024ට නව මුහුණුවරකින් පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන බලවේගය හැඩ ගැස්වීම සඳහා ඉහත එකගතා ඇති කරගෙන බැසිල් රාජපක්ෂ ට අවස්ථාව ලබා දිය යුතු බවට එකග වී ඇතැයි වාර්තා වේ.

Exit mobile version