අගමැති ඇමරිකානු රාජ්‍ය ලේකම් සමග සංවාදයක…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට සහය දැක්වීමට සහ ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත් ඇමරිකාව එකඟ වී ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ   අද (13) සවස ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්   සමඟ සිදුකළ දුරකථන සංවාදයක දී  එම එකඟතාවය පල වී ඇත.

එහිදී  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කර තිබේ.

ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු  ප්‍රකාශ කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමෙරිකානු ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට සිය සුබ පැතුම් එක් කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ    රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Exit mobile version