අක්‍රිය වූ PCR යන්ත්‍රය සඳුදා සිට සක්‍රියයි

මෙරට ප්‍රධානතම PCR යන්ත්‍රය අක්‍රිය වීමට හේතුව පැය 10ක අඛණ්ඩ පරීක්ෂාවකින් අනතුරුව සොයාගත් බවත් එය ලබන සඳුදා සිට යළි ක්‍රියාත්මක කිරීමට හැකි බවත් මෙරට චීන තානාපති කාර්‍යාලය පවසයි.

මෙම යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා ගෙන්වන ලද චීන කාර්මික ශිල්පීන් PCR පරීක්ෂණ යන්ත්‍රය ක්‍රියා විරහිත වීමට හේතු ලෙස දක්වා ඇත්තේ ස්වයංක්‍රීය අණු නිස්සාරණය අර්ධ වශයෙන් අපගමනය වීම, රසායනාගාර පරිසරය හා මෙහෙයුම් මේසය අස්ථායී වීම ආදියයි. මෙහි ප්‍රධාන පද්ධතිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර යථාතත්වයට පත්කරන ලද යන්ත්‍රය 100% ක් නිසි පරිදි ක්‍රියාත්මක වන බවට සහතික කිරීම සඳහා තවත් වට කිහිපයක් පරික්ෂා කිරීමට නියමිතය.

මෙම යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් පසුගිය දිනවල PCR පරීක්ෂණ දහස් ගණනක් පමා විය.


මෙම යන්ත්‍රයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙරට ශිල්පීන් මහත් පරිශ්‍රමයක් දැරූහ.

පසුව චීනය සමඟ රාජතාන්ත්‍රික මට්ටමේ හදිසි සාකච්ඡාවකින් පසු එරට ශිල්පීන් වහා ගෙන්වා ගැනීමට පියවර ගැනුණි.

චීනයේ තාක්ෂණික සහාය ඇතිව හදිසි පදනමක් යටතේ ජුනි මාසයේදී ඉදිකරන ලද මෙම විද්‍යාගාරය මගින් එය PCR පරීක්ෂණ 26,000 ක් පවත්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රමුඛ ජෛව තාක්‍ෂණ සමාගමක් වන BGI Genomics රටවල් 66 කට සිය නිෂ්පාදන
හොංකොං සහ ඕස්ට්‍රේලියාව, සර්බියාව වැනි රටවලට සපයනු ලබන අතර ඒවායෙහි “ෆයර් අයි” PCR පරීක්ෂණ විද්‍යාගාර ඉදිකර ඇත.

Exit mobile version