ලලිත් චාමින්ද –
අක්මීමන කපුහේන්පල ප්රදේශයේ නිවසක තිබී ගිනි අවි සහිත ආයුද ගබඩාවක් සොයා ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී තිබේ.
කපුහේන්පල බිපුලේගොඩවත්ත නිවසක සිටි 73 හැවිරිදි පුද්ගලයෙක් සන්තකයේ තිබී මෙසේ සොයාගෙන ඇති අයුධ අතර ෂොට් ගන් 03ක්, රිවෝල්වර 2ක්, පිස්තොලයක්, කඩු තුනක්, කිනිසි පහක් ඇතුළු අවි තොගයකි. දුර දක්නයක් ද අවි සමග සඟවා තිබිය දී හමුවී ඇත. .
තව ද ෂොට් ගන් සඳහා යොදන උණ්ඩ 48ක්, පිස්තෝල උණ්ඩ සහිත මැගසින් 01ක්, ද විමර්ශකයින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි!







