අංගොඩ ලොක්කාගේ සිරුරෙන් ගත් කොටස් ඉන්දියාවේ විද්‍යාගාරයක

එහි සාම්පලවලින් DNA පරීක්ෂණයක් කරන බව ඉන්දීය CID ප්‍රධානියා කියයි

ඉන්දියාවට පැනගොස් රහසිගතව ජීවත්ව සිටියදී මියගොස් ඇති මෙරට පාතාල නායකයෙකු වූ අංගොඩ ලොක්කාගේ මළ සිරුරෙන් ගත් කොටස්වලින් ලබාගන්නා සාමපලවලින් ඩීඑන්ඒ පරීක්ෂාවක් සිදු කොට ඒ අනුව ඔහුම දැයි තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව ඉන්දීය පොලීසිය පවසා තිබේ.

ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී කේ. ශංකර් පෙන්වා දෙන්නේ අංගොඩ ලොක්කා එහි විසූ බවට වන වාර්තා බොහොමයක් ලැබී ඇති නමුත් මියගොස් ඇත්තේ ඔහුම ද යන්න පිළිබඳ තහවුරු කරගැනීම මෙමගින් සිදු කරන බවයි.

අංගොඩ ලොක්කා නමැති අපරාධකරු එරටදී ආර්. ප්‍රදීප් සිං ලෙස ව්‍යාජ ලේඛන සාදා එලෙස හඳුන්වමින් ඔහු සමඟ විසූ කාන්තාව සහ තවත් දෙදෙනෙක් විසින් ඔහුගේ මළ සිරුර අවසන් කටයුතු කර තිබුණි.


ඊට පෙර කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාලය හා ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් විසින් අංගොඩ ලොක්කාගේ සිරුරෙන් ලබාගෙන ඇති කුඩා අන්ත්‍රය, ආමාශය, අක්මාව සහ වකුගඩු කොයිම්බතූර් හි ප්‍රාදේශීය අධිකරණ විද්‍යාගාරය වෙත යවා ඇතැයි අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් සඳහන් කර තිබේ.

අංගොඩ ලොක්කා ඉන්දියානුවකු ලෙස එරටදී පෙනී සිටි අයුරු
අංගොඩ ලොක්කා සමග ජීවත් වූ බව කියන ලාංකික කාන්තාව
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් කාන්තාව

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අංගොඩ ලොක්කාගේ ව්‍යාජ තොරතුරු ඇතුළත් කළ ලියවිලි

Exit mobile version