සමගි ජනබලවේගයේ නුවරඑළිය මැර අපේක්ෂකයා අත්අඩංගුවට

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන  සමගි ජන බලවේගය අපේක්ෂක, හඟුරන්කෙත සංවිධායක ජයලත් දිසානායක  සිදුකර ඇතැයි කියන පහරදීමකින් අයෙකු තුවාල ලබා හඟුරන්කෙත ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හගුරන්කෙත පොලිසිය විසින් ජයලත් දිසානායක   අද (23) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වලපනේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

හඟුරන්කෙත ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුවී ඇති අතර ඉන් තුවාල ලබා ඇත්තේ හිටපු අමාත්‍ය සී’ බී’ රත්නායකගේ සම්බන්ධීකරණ නිලධාරීවරයකු වන සුමිත් ගල්වල ගේ රියැදුරු ප්‍රණීත් අත්තනායක(25) නම් අයෙකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හඟුරන්කෙත දමුණුමෑය ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් සම්බන්ධීකරණ නිලධාරී සුමිත් ගල්වල  සමඟ හඟුරන්කෙත ප්‍රදේශයට පැමිණ  සිටියදී මෙම පහරදීම සිදුව තිබේ.

Exit mobile version