රජයේ කාර්‍යාල තුළ ඡන්ද පත්‍රිකා බෙදීම තහනම්

රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්ද පත්‍රිකා බෙදීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දේශපාලනඥයින්, දේශපාලන ක්‍රියාකාරීන් හා වෘත්තිය සමිති ක්‍රියාකාරීන් වෙත දැනුම් දෙයි.

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් මෙවැනි ක්‍රියා වළක්වන ලෙස නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පහත කරුණු අවධාරණය කර ඇත.

………………………………………….


රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්ද ආයාචනා කිරීමෙන් අත්පත්‍රිකා බෙදීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව

කිසිදු රජයේ හෝ පළාත් සභා කාර්යාලයක හෝ රජයේ පාට ශාලාවක පළාත් පාලන ආයතනයක වෙනත් රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සතු ආයතනයකදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීමේ, අත්පත්‍රිකා බෙදීමේ හෝ වෙනත් එවැනි කාර්යයන් සිදුකිරීම හෝ රැස්වීම් පැවැත්වීම තහනම් වේ. එබැවින් එවැනි ක්‍රියා වලින් වැලකී සිටීම අවශ්‍ය බව සියලුම දේශපාලනඥයින් හෝ දේශපාලන ක්‍රියාකාරීන් හා වෘත්තිය සමිති ක්‍රියාකාරීන් වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.

ස්වකීය පාලනය යටතේ ඇති රජයේ හෝ පළාත් සභා කාර්යාලවල හෝ පාඨශාලාවල හෝ පළාත් පාලන ආයතනවල හෝ රජයේ ආයතනවල සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල මෙවැනි නීති විරෝධී ක්‍රියා සිදුකිරීමට ඉඩ නොදීම එම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හා උප කාර්යාල ප්‍රධානීන්ගේ වගකීම වේ.  මේ සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XXXII වැනි පරිච්ඡේදයේ 2:4 සහ 2:5 ඡේද කෙරෙහි අවධානය යොමු කරවනු කැමැත්තෙමි.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ඡන්ද විමසීම් කාලසීමාව තුළදී රජයට හෝ රාජ්‍ය සංස්ථාවලට හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට හෝ අයත් යම් නිශ්චල හා චංචල දේපල, පක්ෂ, කණ්ඩායම් අපේක්ෂක ප්‍රවර්ධනයට නැතහොත් අගතියට හේතුවන පරිදි හෝ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම, පැවැත්වීමේ කාර්යයට බාධාවන පරිදි හෝ යොදා ගැනීම වැළැක්වීම සඳහා විධාන සම්බන්ධ අංක 2178/29 හා 2020.06.06 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කරුණු කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස මෙයින් නිවේදනය කරමි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහින්ද දේශප්‍රිය
සභාපති
මැතිවරණ කොමිෂන් සභාව

Exit mobile version