සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අවුරුදු මිලියන 120කට පසු තායිලන්තයෙන් මතුවුන අලි 09කට වැඩි බර අති දැවැන්ත ඩයිනෝසරයාගේ කතාව… නාගටයිටන් ගැන කියවන්න…

by editor
මැයි 15, 2026
in ජීවිතය
NAGATITAN
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

තායිලන්තයේ චයියාෆුම් (Chaiyaphum) ප්‍රදේශයෙන් අග්නිදිග ආසියානු කලාපයෙන් මෙතෙක් හමු වූ විශාලතම ඩයිනෝසර් විශේෂය සොයා ගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබේ. තායිලන්තය සහ එක්සත් රාජධානියේ පර්යේෂකයන් එක්ව සිදුකළ පර්යේෂණයකින් අනතුරුව  මේ සත්ත්වයා පිළිබඳව ලෝකයට නිල වශයෙන් දැනුම් දුන්නේ ඊයේ දිනයේ දී ය.  

මීට වසර මිලියන 100 ත් 120 ත් අතර අතීතයක ජීවත් වූ මෙම දැවැන්ත සත්වයා ‘නාගටයිටන් චයියාෆුමෙන්සිස්’ (Nagatitan chaiyaphumensis) ලෙස නම් කර තිබුණේය. විද්‍යාඥයන්ට අනුව  මේ ඩයිනෝසරයාගේ සිරුරේ දිග මීටර් 27ක් පමණ ය. උගේ  බර ටොන් 27කි.  තේරුම් ගන්නට කියනවා නම් එය  වැඩුණු ආසියානු අලි නව දෙනෙකුගේ බරට සමාන ය. මේ යෝධයා ශාක භක්ෂකයෙකි.

මෙම පොසිලය මුල් වරට වාර්තා වන්නේ 2016 දී ය.  ඒ  තායිලන්තයේ ඊසානදිග චයියාෆුම් පලාතෙනි.   ප්‍රදේශවාසීන්   පොකුණක් අසල තිබී මෙම අස්ථි කොටස් මුලින්ම දැක  තිබිණි.  අතර, ඉන් පසුව තායි සහ බ්‍රිතාන්‍ය පර්යේෂකයන් වසර කිහිපයක් තිස්සේ සිදු කළ කැණීම් සහ අධ්‍යයනයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම අනාවරණය සිදු විය. මේ සඳහා මහාසාරාඛම් විශ්වවිද්‍යාලය, සුරනාරි තාක්ෂණ විශ්වවිද්‍යාලය, සිරින්දෝන් කෞතුකාගාරය සහ ලන්ඩන් විශ්වවිද්‍යාලය එක්ව කටයුතු  කළේය.

යෝධයාට නම ලැබුණු හැටි –

මෙම සත්වයා ‘නාගටයිටන් චයියාෆුමෙන්සිස්’ ලෙස හඳුන්වන්නට යෙදුන කතාවක් ද  තිබේ.  ‘නාගටයිටන්’ යන නම ලැබී ඇත්තේ තායිලන්ත සහ අග්නිදිග ආසියානු ජනප්‍රවාදවල එන ‘නාග’ (Naga) සත්වයා සහ ග්‍රීක මිථ්‍යා කථා වල එන ‘ටයිටන්’ (Titan) නැමති යෝධයන් සංකේතවත් කරන  වචන දෙකේ එකතුවෙනි. ‘චයියාෆුමෙන්සිස්’ යන කොටසින් එම පොසිල හමු වූ  නිසා චයියාෆුම් පළාත ද සංකේතවත් කෙරේ.

මෙම වැදගත් සොයාගැනීම පිළිබඳ විස්තර ඊයේ   (2026 මැයි 14)    සුප්‍රකට ‘සයන්ටිෆික් රිපෝට්ස්’ (Scientific Reports) විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී. පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ (University College London) තායි ජාතික ආචාර්ය උපාධි අපේක්ෂක තිතිවුත් සේතපානිචකුල් (Thitiwoot Sethapanichsakul) සඳහන් කරන්නේ, මෙය තායිලන්තයේ හමු වූ “අවසාන යෝධයා” (The last titan) ලෙස හැඳින්විය හැකි බවයි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

සම්පූර්ණ අස්ථි පද්ධතියක් ලැබුණා ද?

පර්යේෂකයන්ට මෙම සත්වයාගේ සම්පූර්ණ අස්ථි පද්ධතියම හමු වී තිබුණේ නැත. , කොඳු ඇට පෙළේ කොටස්, ඉළ ඇට, මීටර් 1.78ක් දිගැති බාහු අස්ථියක් (Humerus), උකුල් ඇට සහ කලවා අස්ථි කොටස් කිහිපයක් පමණක් ඔවුහු සොයා ගත්හ. එම අස්ථි කොටස් ඇසුරින් විද්‍යාත්මක ගණනය කිරීම් සිදු කර මෙම ඩයිනෝසර්ගේ සැබෑ ප්‍රමාණය නිගමනය කර කෙරිනි. මොවුන් දිගු බෙල්ලක් සහිත ‘සෝරොපොඩ්’ (Sauropod) නමින් හැඳින්වෙන ඩයිනෝසර් කාණ්ඩයට අයත් ‘සොම්ෆොස්පොන්ඩිලන්’ (Somphospondylans) විශේෂයක් බව හඳුනාගෙන ඇත.

 

නාගටයිටන්ගේ විශේෂත්වය

ඔහු අයත් වන්නේ  සොම්ෆොස්පොන්ඩිලන් (Somphospondylans) නැමැති බෙල්ල දිගු ඩයිනෝසර විශේෂයටය.  සොම්ෆොස්පොන්ඩිලන් (Somphospondylans)  යනු   ප්‍රමාණයෙන් අතිශය දැවැන්ත වූ, දිගු බෙල්ලක් සහිත ශාක භක්ෂක ඩයිනෝසර් කණ්ඩායමකි. මොවුන් ප්‍රධාන වශයෙන් මීට වසර මිලියන 145කට පෙර සිට වසර මිලියන 66කට පෙර දක්වා වූ ක්‍රිටේසියස් යුගයේ ජීවත් වූහ.

ක්‍රිසටේසියස් යුගය  යනු පෘථිවි ඉතිහාසයේ ඉතාම වැදගත් කාල පරිච්ඡේදයකි.  ඩයිනෝසර්වරුන් ලොව පුරා රජ කළ  මහා යුගයේ අවසාන සහ දීර්ඝතම කොටස මේ නමින් හඳුන්වයි.    මෙම යුගයේදී පෘථිවියේ දේශගුණය සාපේක්ෂව උණුසුම් වූ අතර, මුහුදු මට්ටම ඉහළ මට්ටමක පැවතිණි. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට මල් හටගන්නා ශාක (Angiosperms) බිහි වූයේ ද, මීමැස්සන් වැනි කෘමීන් පරිණාමය වූයේ ද මෙම කාලය තුළදීය. මෙම යුගය නිමාවට පත්වූයේ පෘථිවියට කඩා වැදුණු දැවැන්ත ග්‍රහකයක් නිසා ඇති වූ මහා විනාශයෙන් පසුව ඩයිනෝසර්වරුන් මිහිතලයෙන් තුරන් වී යාමෙනි.

නාගටයිටන් වැනි සතුන්   අයත් වූ සොම්ෆොස්පොන්ඩිලන් (Somphospondylans) විශේෂයේ       සිරුරේ සැකැස්ම අනෙකුත් දිගු බෙල්ලක් ඇති  ඩයිනෝසර්වරුන්ට වඩා තරමක් වෙනස් සහ දියුණු ලක්ෂණ පෙන්නුම්  කළේය.

මෙම සතුන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන්ගේ අස්ථි පද්ධතිය සැකසී ඇති ආකාරය ය. ‘සොම්ෆොස්පොන්ඩිලන්’ යන නාමයේ තේරුම වන්නේ “ස්පොන්ජියක් වැනි කශේරුකා සහිත” යන්නයි. ඔවුන්ගේ කොඳු ඇට පෙළෙහි ඇති අස්ථි (Vertebrae) ඇතුළතින් ඉතා කුඩා වාත කුටි රාශියකින් සමන්විත වන්නේය.  එය ස්පොන්ජියක ස්වභාවයක් ගනී. මෙම සුවිශේෂී ව්‍යුහය නිසා සත්වයාගේ සිරුරේ බර සැහැල්ලු වන අතර, එතරම් දැවැන්ත සිරුරක් දරා ගැනීමටත්, දිගු බෙල්ල පහසුවෙන් එහා මෙහා කිරීමටත් ඔවුන්ට හැකියාව ලැබුණේය.

සොම්ෆොස්පොන්ඩිලන් සතුන්ගේ උරහිස් සහ පපුව ප්‍රදේශය ඉතා පළල් වූ අතර, ඔවුන්ගේ පාද හතරම ඉතා ශක්තිමත් කණු මෙන් පිහිටා තිබුණි. මෙම ව්‍යුහය නිසා විශාල වනාන්තර සහ ගංවතුර තැන්නවල් හරහා ආහාර සොයා ගමන් කිරීමට ඔවුන්ට මනා සහයක් ලැබිණි.

NAGATITAN
අස්ථියක උස..

නාගටයිටන්  ජීවත් වූ කාලයේ චයියාෆුම් පලාත තිබුණු හැටි

නාගටයිටන් ජීවත් වූ අවධියේදී මෙම ප්‍රදේශය ගංගා සහිත ගංවතුර තැන්නක්ව පැවති බවත්, මොවුන් සමඟ කුඩා ශාක භක්ෂකයන්, මස් අනුභව කරන ඩයිනෝසර්වරුන්, කිඹුලන් සහ පියාඹන උරගයන් (Pterosaurs) වාසය කර ඇති බවත් විද්‍යාඥයෝ විශ්වාස කරති.

මෙම සොයාගැනීම මගින් ක්‍රිටේසියස් යුගයේ මධ්‍ය කාලයේදී ආසියාවේ විසූ  බෙල්ල දිග “සෝරොපොඩ්”  ඩයිනෝසර්වරුන් කෙතරම් දැවැන්ත ලෙස පරිණාමය වී ඇත්ද යන්න පිළිබඳ නව සාක්ෂි සපයයි.  එමෙන්ම ඔවුන්ගේ ව්‍යාප්තිය සම්බන්ධව ද මේ සමග විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය වී තිබේ.

නාගටයිටන්ගේ ජීවමාන ප්‍රමාණයේ අනුරුවක් මේ වන විට බැංකොක් නුවර ‘තායිනෝසෝර්’ (Thainosaur) කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්ෆ්ලුවන්සා B රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක්: වෙසක් උත්සව සමයේ අවධානයෙන් සිටින්නැයි වෛද්‍ය උපදෙස්!

Next Post

අපරාධ ලෝකයේ පට්ට පොරවල්වල නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන හැටි බටුවත්තේ චාමරගෙන් දැනගන්න….

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.