කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ? WHO පැහැදිලි කරයි

දෙවන මාත්‍රාව සති 12කට පසු ගැනීමෙන් රෝහල් ගතකිරීම් සියයට 90කින් අඩුවෙලා

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වෛරසයට එරෙහිව ලබා දෙන එන්නත් අතරින් ශ්‍රි ලංකාවේ ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත සහ වෙනත් රටවල ලබා දෙන ෆයිසර් බියොන්ටෙක් එන්නත්වල පළමු මාත්‍රාවෙන්ම එය යුරෝපීය රටවල රෝහල් ගත කිරීම් සියයට 85ත් 94ත් අතර ප්‍රතිශතයකින් අඩුව ඇති බවත් දෙවන එන්නත් මාත්‍රාව සති 12කට පසුව ලබා ගැනීමෙන් මෙම ප්‍රතිශක්තිය තවදුරටත් තහවුරු වන බවට විද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසයි.
ස්කොට්ලන්තයේ ජනතාව අතුරින් එන්නත ලබා ගත් මිලියන 1.14ක පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනයකදී මෙම කරුණු තහවුරු වු බව විද්‍යාඥවරිය සඳහන් කරයි. දැනට සිදුවන එන්නත්කරණය එහි ප්‍රතිඵල පිළිබඳ ව කෙටි පැහැදිළි කිරීමක් කරමින් වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසන්නේ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේදී එය ලබා දිය යුතු කාලය පිළිබඳව ද නව දැනුමක් නිර්මාණය වූ බවය. පර්යේෂකයන් විසින් සිදු කරනු ලැබ ඇති පර්යේෂණවල ප්‍රතිඵල මත ඇය පවසන්නේ පළමු එන්නත් මාත්‍රාව ලබා ගෙන සති හයක කාලයකට පසුව එන දෙවන එන්නත ලබා දීමේදී රෝහල් ගත කිරීමේ ප්‍රතිශතය සියයට 54කින් පමණ අඩු වුවද දෙවන එන්නත් මාත්‍රාව පළමු එන්නත් මාත්‍රාවෙන් සති 12කට පසුව ලබා දීමෙන් සියයට 85ත් 94ත් අතර මට්ටමකින් රෝහල් ගත කිරීම් අඩු වූ බවය.
පර්යේෂකයන් මේ වනවිට මීට අදාළ තොරතුරු බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලයේ පවා ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී මෙම තොරතුරු මත දෙවන මාත්‍රාව රොගීන්ට ලබා දිය යුත්තේ කවර කාල පරතරයකින්ද යන්න පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මඟ පෙන්වීම් ලබා දෙනු ඇති. කොහොම වුණත් මේ තොරතුරු මත පළමු මාත්‍රාවෙන්ම රෝගීන් තුළ සැලකිය යුතු ප්‍රතිශක්තියක් නිර්මාණය වී ඇති බව පැහැදිළියි. එයින් ශරීරය තුළ කොවිඩ් වෛරසයට එරෙහිව නව ප්‍රතිදේහ ජනක නිර්මාණය වෙනවා. දෙවන මාත්‍රා ලබා දුන් පසුව මෙය තවදුරටත් ශක්තිමත් ප්‍රතිශක්තියක් රෝගයට එරෙහිව ඇතිවෙනවා. ඒ නිසා දෙවන මාත්‍රාව ලබා ගැනීම ඉතාම වැදගත්“ යයිද ඇය සඳහන් කරන්නීය.
දෙවන මාත්‍රාව ලබා ගැනීමේදී මුලදී ගත් එන්නත් වර්ගනේම ගත යුතුද යන්න පිළිබඳව කෙරෙන විමසීම් සම්බන්ධයෙන්ද පිළිතුරක් දුන් වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසන්නේ දැනට වෙනත් එනනත් වර්ගයක් ලබා දීමෙන් සිදුවිය හැකි ප්‍රතිඵල පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි නොමැති හෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනනේ මුලින් ලබා දුන් එන්නත් වර්ගයෙන්ම දෙවන මාත්‍රාවද ලබා ගත යුතු බවය.

Exit mobile version