එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්නත්කරණය ආරම්භ වී තිබියදීත් සති හතකට පසුව යළිත් ඇතැම් රටවල කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීම් වැඩි වි ඇති බවත් එයට හේතුව වී ඇත්තේ එන්නත්කරණය ආරම්භ කිරීමෙන් පසුව ඇතැම් රටවල් තම සෞඛ්‍යාරක්ෂක නිති රීති සහ ප්‍රතිපත්ති යම් ලිහිල් කිරීමකට ලක් කිරීම බවත් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පවසයි. ඊයේ ජිනීවා නුවර දී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූයේ එයින් සිදුවන්නේ එන්නත්කරණයෙන් ලබා ගත් වාසිය යටපත් වීම සහ රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම පමණක් බවය. මෙය රටවල් විසින් සිදු කරන ලොකු වැරැද්දක් බවත් ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කලකිරවන සුළු බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.
සෑම රටකම මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකරනු ලබන පරීක්ෂණ ප්‍රමාණය අඛණ්ඩව සිදු කළ යුතු බවත් ආශ්‍රිතයන් හඳුනාගැනීම ඔවුන් නිරෝධායනය කිරීම ඇතුළු ලබා දී ඇති මඟපෙන්වීම් තවදුරටත් මෙන්ම අනුගමනය කළ යුතු බවටද ඔහු අවධාරණය කළ අතර සෑම රටකම ජනතාවද සමාජ දුරස්ථභාවය දෑත් පිරිසිදුකම මුව ආවරණ පැලඳීම සහ හොඳ වතාශ්‍රයක් සහිත ස්ථානවල ගැවසීම වැනි පිලිවෙත් සමඟ තවදුරටත් කළයුතු යයි අවධාරණය කළේය.
“ ඉදිරි මාස කිහිපය තුළ අඩු ආදායම් සහිත රටවල් 142කට කොවැක්ස් පහසුකම හරහා එන්නත් මිලියන 277ක් ලබා දීම අපේ ඉලක්කයයි. එන්නත ලබා දීමේදී අප ඉල්ලා සිටින්කේ ලෝක සෞක්‍ය සංවිදානය විසින් සකස් කරන ලද මඟ පෙන්වීම් අනුව ප්‍රමුඛතාව දෙනන් කියලයි. මුලින්ම සෞක්‍ය අංශ සහ වැඩිම අවදානමක් ගන්නා කන්ඩායම්, ඊට පසුව වයස්ගත සහ රෝගාබාධ අවදානම් තිබෙන ජනකොටස්. නමුත් ඇතැම් රටවල් තරුණ පිරිස් වැනි අවදානම අඩු ජන කොටස් වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දී ඇති බව දැන් ගන්නට ලැබෙනවා. එය සිදු නොවිය යුත්තක්. රටවල් අතර එන්නත්කරණයට රේස් අවශ්‍ය නෑ. රේස් තිබිය වෛරස් එක සමඟයි. ඒ සඳහා සෑම රටක්ම තම වගකීම් හඳුනා ගෙන කටයුතු කිරීම වැදගත්.“ යයි ඔහු පැවසීය.

Exit mobile version