ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන –
මේ දිනවල විශාදය පිළිබඳ දරුණු අදහස් සමාජ මාධ්‍යයේ පළවෙයි.
එම අදහස් සමහරක් පුද්ගලයාගේ සිත තවත් භීතියට දුර්මුඛ බවට පත්කරන බව පෙනේ.
විශාදය ජාන සම්බන්ධයකින් යුතු බව සැබෑය.
එහෙත් එසේ නැතත් සමහර විටෙක අනපේක්ෂිත පීඩා නිසා පුද්ගලයන් ආතතියට පත්වී එය විශාදය දක්වා යා හැකිය.
එයින් මිදෙන්නට අප උත්සහ නොගෙන අදාල සුදුසු ප්‍රතිකාර සහ ක්‍රියාකාරකම් නොකර සිටිනවිට විශාදයට අපගේ ජීවිතේ පැළපදියම් වීමට ඉඩ ලැබේ. පසුව විශාදය අපේ ජීවිත අක්‍රමණය කර අපව වහළකු කරගනු ලැබේ.
මෙයින් මිදිය නොහැකිද?
මිදිය හැකියි.
ඒ සඳහා උපකාරීවන මගපෙන්වීම් කිහිපයක් පහත දැක්වේ.
සිතා අත්හදා බලන්න.
ඕනෑම කෙනෙකුට ඕනෑම හේතුවක් අරබයා ඕනෑම අවස්ථාවක විශාදය වැළඳිය හැකිවා මෙන්ම උත්සාහය අධිෂ්ඨානය ඇතිවිට ඉන් මිදීමටත් හැකිය.
අනුගමනය කරන්න.
- අපේක්ෂා බහුල වීමෙන් බැහැරවීම
- මේ මොහොත කාර්යබහුල වීම
- ලැබී ඇති දෙයින් තෘප්තිමත් වීම ( කිසිවක්ම ලැබී නැතැයි සිතනවාට වඩා තමාට ලැබී ඇති තමා මෙතෙක් නුදුටු දේ සිහිකර සතුටුවීම)
- විනෝදාංශයක නිරතවීම
- අලුත් දෙයක් ඉගෙනුම
- තමාටත් අන් අයටත් මෛත්‍රි කිරීම
- අන් අයට උදව් කිරීම. ඔවුන්ගේ සතුට දැක සතුටුවීම
- චිත්‍ර පාට කිරීම
- සිතට අතීතයට හෝ අනාගතයට දිව යෑමට ඉඩ නොදීම
- කයට දාඩිය දමන වෙහෙසකර වැඩක හෝ ව්‍යායාමයක් යෙදීම
- ඍණාත්මක දේ කතා කරන පරිසර වලින් ඉවත්ව සැහැල්ලු ප්‍රියමනාප මිනිස්සු සමග ගැවසීම
- ඖෂධ නිසි මාත්‍රාව නිසි ලෙස ගැනීම. ඖෂධ මෙන්ම උපදේශනයද ලබා ගැනීම
- ජීවිතය ලිවීම. ඒ ලියන සටහන නොකියවා සිටින්නට හැකි නම් හොඳයිත
- මරණය දුර්වලයන්ගේ තෝරාගැනීම බව සිතීම
විශාදය ඇතිවන්නට හේතුවූ ක්‍රියාකාරකම් , සිතුවිලි බුද්ධිමත් ලෙස සිත යොමුකර විමසා බලා එම ක්‍රියාකාරකම් වලින් බැහැර වීම
- පීඩා ගෙනෙන බව දැන දැනම සිදුකරන ක්‍රියාකාරකම් මෙන්ම එබඳු පුද්ගලයන්ගෙන්ද ඈත්වීම
- යෝග ව්‍යායාම කිරීම
- පරණ හොඳ මිතුරන් සමග සබඳතා අලුත් කරගැනීම
- නින්ද , ආහාර ගැනීම ක්‍රමවත් කරගැනීම සඳහා නිසි උපදෙස් ගැනීම.
- ඕනෑම දෙයක් ඕනෑම මොහොතක අහිමිවිය හැකි ලෝකයක අප ජීවත්ව සිටින බව තේරුම් ගෙන සම්බන්ධතා පැවැත්වීම
- තරඟකාරීවීම අතහැරීම
මේවායින් කිහිපයක් හෝ විශාදය ඇතත් නැතත් පුහුණුකර ගතහොත් ඔබගේ ජීවිතයට විශාල අස්වැසිල්ලක් ලද හැකිය.
මේ විශාදයට ප්‍රතිකාර ලෙස යොදාගත හැකි දේවලින් ටිකක්
ඔබේ දන්නා අයෙකුට විශාදය ඇත්නම්. විශාදයට ප්‍රතිකාර සඳහා යොමුකරන ගමන් විශාදය හටගැනීමට හේතුවූ කාරණයට පිළිතුරු සොයා ගැනීමට උපදේශනයකට යොමු කරන්න
විශාදයට ගැතිව, එයින් මිදිය නොහැකිවීම
විශාදයට ජීවිතයේ සෑම සිදුවීමක්ම බැරකිරීම, විශාදය නඩත්තුවීමට හේතුවක් බවත් තේරුම් ගන්න