අම්මාගේ නිසල සිරුර නිවසේ තිබෙද්දී අම්මාගේ අවසන් ප්‍රාර්ථානව ඉටු කරන්න පිටියට බැස්ස ඉසිපතනයේ රත්තරන් පුතා!

එවැනි පුතෙක් ගැන අසා නැත්තෙමි.

අම්මාගේ ප්‍රාර්ථනාව වූයේ ඔහු ශූර රගර් ක්‍රීඩයෙක් වනු දැක්මය.  අම්මාට කළ හැකි උතුම්ම අවසන් ගෞරවය පුද කරන්නට අම්මාගේ මිනිය මල්ශාලවේ තැන්පත් කර තිබිය දී ඒ අප්‍රමාණ පුතා පාසල වෙනුවෙන්  පිටියට බැස්සේය.

තරගයේ මුල්ම උත්සාහක දිනුම තැබුවේ ඔහුය. තියුණු තරගයකින් පසු පාසල ජයග්‍රහණය කළේය. ජයග්‍රහණයෙන් පසු ඔහුගේ ජවය සිඳී ගිය අයුරු දුටුවෙමි. ඔහු මහා හයියෙන් හඬා වැටුනේ බලන් සිටි අපේ හදවත් බිඳ ලමිනි.

ඒ අප්‍රමාණ පුතා සම්බන්ධව මේ පුංචි සටහන තබමි.

ඉසිපතන ශාන්ත ජෝෂප් තරගය…

ඔහු මේ වනවිට ශ්‍රී ලංකා පාසල් රග්බි කණ්ඩායම් අතර අපරාජිතව තරග වදින ඉසිපතන කණ්ඩායමේ වින්ග් ක්‍රීඩකයෙකි. ඔහු ගැන රගර් ලෝලීහු දනිති. ඒ පුතා හෂේන් රන්දිමාල්ය.


අන්තර් පාසල් වයස 19 න් පහළ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියෙහි තරගයක් ඊයේ (30) ලොන්ඩ්‍න් පෙදෙසේ පැවැත්විනි. ඒ  ඉසිපතන විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතරය.

පසුගිය වසරේ ලීග් අනුශූරයන් වූ සාන්ත ජෝසප් පිලය. ශූරතාවය ඉසිපතන පිලටය.   ඉසිපත්‍න කණ්ඩායම වෙනුවෙන් ලකුණු ගැනීම ආරම්භ කරනු ලැබුවේ වින්ග් ක්‍රීඩක හෂේන් රන්දිමාල්ගේ විශිෂ්ට උත්සාහක දිනුමත් සමගය. අතිශය උද්වේගකර තරගයෙන් ලකුණු 28-18 ක  තියුණු ජයක් ඉසිපතන කණ්ඩායම අත් කරගත්තේය.

අෂේන් රන්දිමාල්ගේ අම්මාගේ නිසල සිරුර ඒ වනවිට මල්ශාලවක තැන්පත් කරය. තම පුතා විශිෂ්ට රගර් ක්‍රීඩකයෙකු වනු දැකීමේ අම්මාගේ ආශාව අවසන් මොහොතේත් ඉෂ්ඨ කරන්නට පාසල වෙනුවෙන් පිටියට බට ඒ යෝධ පුතා සතුව තිබූ මහා ධෛර්ය තරගය අවසන් මොහොතේ දී දියවී ගියේය.

අම්මා වෙනුවෙන් ජයග්‍රහණය අත්කරගත් තරය අවසාන් වූ මොහොතේ දි රන්දිමාල් මහා හයියෙන් හඬා වැටුනේ මුළු කණ්ඩායම මෙන්ම ප්‍රතිවාදී ශාන්ත ජෝෂප් ක්‍රීඩයකයන් ද කම්පා කරවමිනි.

ඉසිපතන ක්‍රීඩකයෝ ජයග්‍රහණය සැමරුවේ රන්දිමාල් වත්තම් කරගෙන ආයාසයෙන් ඔහුව සනසමිනි.

“මචං… .. ඒ අපි හැමෝගෙම අම්මා…”   ඉසිපතන නායකයා පපුවට ගහගනිමින් කියනු ඇසිනි.

තරගය නිමා වූ පසු ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ යළි නිවෙස්වලට නොගියහ. මල් වඩමක් රැගෙන මුලු කණ්ඩායම ක්‍රීඩා ඇඳුම පිටින් ගියේ රන්දිමාල්ගේ අම්මාගේ මළ ගෙරදය.

 

කාලයක් පිළිකා රෝගයකින් පෙළෙමින් සිටි රන්දිමාල්ගේ අම්මා හිමාලි ඔවුන් හැර යන්නේ පෙරේදා ය. ඇයගේ අවසන් කටයුතු හෙටය.

මේ වනවිට  හෂේන් රන්දිමාල් ගැන රටම කතා කරන්නේය. මහා මිනිසෙකුට අවශ්‍ය අසීමිත දරාගැනීම ඒ දරාගැනීමම ජයග්‍රහණයකින් කෙළවර කරන ආකාරය මේ පුංචි පුතා රටට කියා දී ඇති බව විශ්වාස කරමි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් මේ රටට අවශ්‍යවන්නේ අශේන් රන්දිමාල් ආදර්ශයමය. රටට අවශ්‍ය වන්නේ ශාන්ත ජෝෂප් ක්‍රීඩයකියන් වැනි ප්‍රතිවාදීන්ය. මක්නිසාද යත්  අප ජීවත් වන්නේ අම්මා මළ ඉලව් ගෙදරක් වැනි රටක බැවිනි.

 

Exit mobile version