ජාතික කණ්ඩායම කොවිඩ් අවදානමක

File photo

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර්ට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ ජාතික සංචිතයට නම් කර ඇති ක්‍රීඩයකන් 35දෙනාම බරපතල කොවිඩ් අවදානමකට මුහුණ දී තිබේ.

පසුගිය දා පැවති සධීර සමරවික්‍රමගේ මංගලෝත්සවයට මේ සියලු දෙනාම සහභාගී වී ඇති බව වාර්තා වේ.

ඒ අතර අනිද්දා (05) පැවැත්වීමට නියමිත ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පිළිබඳව ගැටලුවක් මතු වී ඇත. කිරීමට නියමිත පී,සී.ආර් පරීක්ෂණවලින් පසුව ඉදිරි සැලසුම් ගැන තීරණය කරන්නට සිදු වී ඇතැයි වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ වනවිටත් ජාතික කණ්ඩායම නම් කරන තේරීම් කමිටුව පත් කර නැත.

Exit mobile version