කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 07කට කොවිඩ්…

සිම්බාබ්වේ හරාරේ හි පැවති අයිසීසී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට  සහභාගී වූ ක්‍රීඩිකාවන් ඇතුළු කණ්ඩායමේ හත් දෙනෙක් කොවිඩ් ආසාදිත වී  ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

සිම්බාබ්වේ, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 06ක නව ඔමික්‍රෝම් කොවිඩ් වෛරස් ප්‍රභේදය පැතිරී යෑමත් සමග අයි.සී.සී. ය හරාරේහි පැවති  සුදුසුකම් ලැබීමේ තරගාවලිය අවලංගු කර කණ්ඩායම් වහාම සිම්බාබ්වේ වෙතින් පිට කිරීමට කටයුතු සම්පාදනය කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ආසාදිත පිරිස වාර්තා වී තිබේ.

මේ වනවිට වාර්තාවන පරිදි අසාදිතයන් සිම්බාබ්වේහි රඳවා ඉතිරි කණ්ඩායම ඩුබායි හරහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබේ. දැනට සිම්බාබ්වේ ඇතුළු රටවල් 05ක  සංචාරය කළ එන අය සඳහා පනවා ඇති තහනම හේතුවෙන් මෙරටට එන කණ්ඩායම දැඩි ආරක්ෂණ පිළිවෙත් යටතේ නිරෝධායනයට ලක් කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සංචාරයට ගිය පිරිස ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමත්විතය.

Exit mobile version