19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ හත්වන තරගය ලෙස අද ඩුබායි හි පැවැත්වෙන ශ්‍රී ලංකා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 219කට දැවී ගියේය.
කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පන්දු යවන්නො තියුණු පන්දු යැවීම නිරතවෙමින් ශ්‍රී ලංකා මුල් පෙළ කඩුළු දෙකක් ලකුණු 49ක් වනවිට දවා ගත්හ.
එහෙත් නායක සිනෙත් ජයවර්ධන සහ පුළිඳු පෙරේරා ලකුණු 63ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. නායක සිනෙත් ජයවර්ධන ලකුණු 49 දී දුවද්දී දැවී යෑමටකට හසු විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනුර කළුපහණ ලකුණු 58ක් රැස් කළේය. රසුන්ද ගමගේ ලකුණු 26ක්, විශ්ව ලහිරු නොදැවී ලකුණු 23ක් ලැබුවේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 50 තුළ දී රැස් කරන්නට හැකි වූයේ ලකුණු 219ක් පමණි. කඩුළු 09ක් දැවී ගියේය.
ඔමිඩ් රහ්මාන් කඩුළු 02ක්, ආයන් අෆ්සාල් ඛාන් කඩුළු 02ක්, අයිමන් අමඩ්, දෘව් පරාෂා, හරිදික් පාල් එක් කඩුල්ල බැගින් ලැබූහ.
මේ වනවට එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටිති.