බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

න්‍යෂ්ටික බලශක්තියට අපේ ඇත්තන් බය ද?

by editor
අගෝස්තු 18, 2020
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

නිරෝධ රණසිංහ –

ඊයේ රටම අඳුරේ තිබුණේය. රටක බලශක්ති ජනනය හා ස්ථාවර සැපයුමේ වැදගත්කම සම්බන්ධව දැනෙන සුළු සංවාදයක් ඒ සමගම රට තුළ ඇතිවෙමින් තිබේ. මෙවන් පරිසරයක දියුණු බලශක්ති උත්පාදන විභයවන් සම්බන්ධව දැනුවත් වීම ජනතාවක් ලෙස වැදගත්ය.

නූතන ලෝකයේ භාවිත දියුණුම බලශක්ති ප්‍රභවය න්‍යෂ්ටික බලශක්තිය ය. න්‍යෂ්ටික බලශක්තිය ගැන හුඹස් බියක් ඇතිකර නොගෙන එහි විපුලතාවය හා තාක්ෂණික ක්‍රමවේදය සම්බන්ධව නිරවුල් අවබෝධයක් ලබා ගතයුත්තේ ඇයි දැයි විමසීම මේ සටහනේ අරමුණය.

න්‍යෂ්ටික බලාගාරයක තිබෙන ඉහළම ස්ථාවර බව, පරිසර හිතකාමී බව, අවම භූමි පරිභෝජනය සහ අඩු ජනන වියදම ආදී සියල්ල පසෙක තිබ්බත් රටක් ලෙස න්‍යෂ්ටික තාක්ෂණය වෙනුවෙන් අරගල කිරීමට හේතු ගණනාවක් තිබේ.  පහත දැක්වෙන්නේ ඉන් කීපයකි.

  1. තාක්ෂණික දියුණු බව – න්‍යෂ්ටික බලාගාරයක් යනු තාක්ෂණික වශයෙන් ඉතාම සංකීර්ණ, විචිත්‍ර සංකල්ප සමුදායයක් හා බැඳුනු තාක්ෂණික ක්‍රමවේදයකි. ඒක ඉගෙන ගැනීමෙන්, අපේ දරුවන්ට නිරවුල් ව ඉගැන්වීමෙන් සහ ඒ ආශ්‍රිතව දැනුම නිර්මාණය කිරීමට අපේ දරුවන් පෙළඹවීමෙන් අපට කිසිදිනෙක අයහපතක් වන්නේ නැත.
  2. බහුකාර්‍ය බව – මෙය ප්‍රධාන හේතුවලින් එකකි.  න්‍යෂ්ටික බලාගාරයක් යනු නිකම්ම නිකම් විදුලි ජනකයක් නොවේ. ලෝකයේ බොහෝ තැන් වල ඒවා ක්‍රියාත්මක වෙන්නෙ බහුකාර්‍ය අරමුණු ගණනාවක් වෙනුවෙනි. උදාහරණයක් ලෙස මේ බලාගාරවල හැදෙන අවශේෂ තාපයෙන් පමණක් (විදුලිය නොමැතිව) විශාල වශයෙන් මුහුදු ජලය පිරිපහදු කර පානීය ජලය හදාගත හැකිය. අපට කිට්ටුවෙන් ඉන්දියාවෙ ඇති කුඩන්කුලම්  න්‍යෂ්ටික බලාගාරයෙන් මේ ආකාරයට පැයකට ජලය ලීටර් 400,000ක් පිරිපහදු කෙරේ. එසේම තව යෙදවීමක් වන්නේ අපජලය ප්‍රතිචක්‍රීකරණය කිරීමය. උදාහරණයක් ලෙස ඇරිසෝනා වල ඇති පාලෝ වාර්ඩි න්‍යෂ්ටික බලාගාරය තමන්ට අවශ්‍ය සම්පූර්ණ ජල සැපයුම සපයාගන්නේ ඒ ආශ්‍රිත නගර වල අපජල සැපයුම ප්‍රතිචක්‍රීකරණය කිරීමෙනි. එසේ කර ඔවුන් විදුලි ඒකකයක් නිපදවන්නේ    ඩොලර් සත 2ක (රුපියල් 4ක්) පමණ මිලකටය.

තවත් මෙවැනිම  යෙදීමක් වන්නේ වෛද්‍ය විද්‍යාත්මක යෙදීම්ය. බලශක්ති උත්පාදනය සේම පිළිකා ප්‍රතිකර්ම විධි සඳහා යොදාගන්නා විකිරණශීලී ඖෂධ නිෂ්පාදනය කිරීමටත් මේ ඇතැම් න්‍යෂ්ටික විදුලි බලාගාර වලට හැකිය. රුසියාවේ ලෙනින්ග්‍රෑඩ් න්‍යෂ්ටික බලාගාරය මේ සඳහා උදාහරණයකි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ද්‍රව්‍යවල අගයන් වැඩිදියුණු කිරීම න්‍යෂ්ටික බලාගාරයක තවත් එක් අතුරු ඵලයකි. න්‍යෂ්ටික බලාගාරයක් යනු  අර්ධ සන්නායක ඉහළම සාර්ථකත්වයක් සහිතව නිශ්පාදනය කළ හැකි  තැනකි. ලෝකේ ඉහළම තත්ත්වයෙන් යුතු අර්ධ සන්නායක මාත්‍රණය කෙරෙන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුළය. ඔබගේ ජංගම දුරකථනවල,   පරිගණකවල ක්ෂුද්‍ර සැකසුම් චිප ඔය මට්ටමට දියුණු වූයේ ඉබේම නොවේ.

  1. වෛද්‍ය යෙදීම් – න්‍යෂ්ටික තාක්ෂණය යනු වෛද්‍ය යෙදීම් සඳහා අනර්ඝ මෙවලමකි. විශේෂයෙන්ම පිළිකා ප්‍රතිකර්ම සඳහා න්‍යෂ්ටික තාක්ෂණය තරම් සාර්ථක වෙනත් ප්‍රතිකර්ම නැති තරම්. මේ අතරිනුත්, ප්‍රෝටෝන ප්‍රතිකර්ම, නියුට්‍රෝන ප්‍රතිකර්ම, බෝරෝන් නියුට්‍රෝන ග්‍රාහක ප්‍රතිකර්ම සහ බැර අයන ප්‍රතිකර්ම වැනි අතිශය ඉහළ නිරවද්‍යතාවන් සහිත ක්‍රමවේද සියල්ල න්‍යෂ්ටික තාක්ෂණය හා බැඳුණු ඒවාය. ලෝකයේ ඉහළම ප්‍රතිකර්ම තාක්ෂණය ප්‍රංශය ලබාගෙන තිබෙන්නේ ඔවුන්ගේ අතිශය දියුණු න්‍යෂ්ටික බලාගාර තාක්ෂණයට පින් සිද්ධ වන්නටය.
  2. අවශේෂ ක්ෂේත්‍ර වල දියුණුව – න්‍යෂ්ටික තාක්ෂණය කියන්නේම හුදෙකලා තාක්ෂණික ක්‍රමවේදයක් නොවේ. ඒක නිසා රටක් න්‍යෂ්ටික තාක්ෂණය වෙත යනවිට පූර්වයෙන් ගොඩනගා ගන්න ඇවැසි ක්ෂේත්‍ර 19ක් පමණ අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතානායතනයෙන් දක්වා ඇත. යටිතල පහසුකම්, ප්‍රවාහනය, වෛද්‍ය ක්ෂේත්‍රය, කර්මාන්ත, මානව සම්පත්, අධ්‍යාපනයේ සිට විකිරණශීලී අපද්‍රව්‍ය කළමනාකරණය, ඉලෙක්ට්‍රොනික මිනුම්කරණය දක්වා සෑම ක්ෂේත්‍රයක්ම මේ යටතේ ඊට සමගාමීව සංවර්ධනය වේ. මෙය හිතාගන්නත් බැරි තරම් වැදගත් ප්‍රගමනයකි.
  3. සුරක්ෂිතතාව – ලෝකයේ ඇති ප්‍රතික්‍රියාකාරක 450කින් දෙකක සිදු වූ සිදුවීම් දෙකක් නිසා චර්නොබිල්, ෆුකුෂිමා ගගා න්‍යෂ්ටික තාක්ෂණයට එරෙහි වුව ද අද වනතුරු ලෝකයේ ඇති සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව අතින් ඉහළම බලාගාර වෙන්නෙ න්‍යෂ්ටික බලාගාරය. මේ සමග පහත දක්වා ඇති  ඇමුණුමේ ඇත්තේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ දී ඒ ඒ ප්‍රභවයෙන්ගෙන් සිදු වී ඇති ජීවිත හානි සංඛ්‍යාවය. ඍජු හා වක්‍ර හානි රැගෙන තක්සේරු කළත්  න්‍යෂ්ටික බලාගාර ඇත්තේ පහළ ම තැනය.
  4. මානව සම්පත් සංවර්ධනය – න්‍යෂ්ටික තාක්ෂණය නිසා දැනුමේ සිද්ධවන ප්‍රගමනය පසෙකින් තැබුව ද, න්‍යෂ්ටික තාක්ෂණය යනු ඉහළම ගණයේ විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, තාක්ෂණික නිලධාරීන් සහ කළමණාකරුවන් අවශ්‍ය වෙන තැනකි. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාරයක පුනරාවර්තන වියදම් (එදිනෙදා වියදම්) වලින් වැඩිම ප්‍රමාණය යන්නේ සේවක වැටුප් සඳහා. මක්නිසාද යත් මේ ක්ෂේත්‍රයේ මානව සම්පත් අගය අතිශයින් ඉහළ බැවිනි. එසේම න්‍යෂ්ටික බලාගාරයක් සඳහා සේවකයන් 1000-2000 අතර පිරිසක් අවශ්‍යය. මේ හැමෝම රටකට වටිනා සම්පත්ය.

මේ රටට න්‍යෂ්ටික බලාගාරයක වැදගත්කම සඳහා ඉදිරිපත් කළ හැකි හේතු කීපයක් පමණි. තවත් බොහෝ හේතු මීට පරිබාහිරව තිබේ. අපේ රටේ පවතින සමාජ-ආර්ථික ප්‍රශ්න විශාල ප්‍රමාණයකට විසඳුම් මේ තනි තාක්ෂණික කතාව තුළ තිබේ. විශේෂයෙන්ම අපේ වියළි කලාපය පෙළන පානීය ජල ප්‍රශ්නය දැක්විය හැකිය.

එබැවින් න්‍යෂ්ටික බලාගාර හෝ න්‍යෂ්ටික තාක්ෂණය යනු හුදකලා විදුලි ජනක ව්‍යාපෘතියක් ලෙස   ලඝු කළ යුතු නැත. න්‍යෂ්ටික තාක්ෂණය රටට රැගෙන එනවාද නැද්ද යන්නෙහි තීන්දුව එය ස්ථාපිත කිරීමට පදනම්වන පිරිවැය සහිත  මූල්‍යමය සාධක මත පමණක් තක්සේරු නොකළ යුත්තේ එබැවිනි. මේ සම්බන්ධව ජාතික වශයෙන් සංවාදයක් ඇතිවිය යුත්තේ එබැවිනි.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාන්තාවකගෙ තිසරුපට ඇතුලේ හෙරොයින් තිබී පොලිස් අත්අඩංගුවට

Next Post

රටටම විදුලිය ඇණහිටියේ කොහොමද?

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.