fbpx
බදාදා, දෙසැම්බර් 6, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

කොරෝනා අස්සේ අභ්‍යවකාශයට ගිය ඇමෙරිකාවේ SpaceX…

Lanka Sara Editor by Lanka Sara Editor
මැයි 31, 2020
in විද්‍යා හා තාක්ෂණ
0
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයෙන් රටම ගිලගෙන සිටින මොහොතේ වුවත් ඇමරිකානුවන් සිය තාක්ෂණික අත්හදාබැලීම් නතර කරන බවක් පෙනෙන්නේ නම් නැත. පසුගිය කාලය පුරාම ඔවුන් විවිධාකාරයේ පර්යේෂණ ගණනාවක නිරත වූහ. ඊට දිය හැකි ළඟම උදාහරණය වන්නේ පෞද්ගලික රොකට් සමාගමක් වන space x සමාගම විසින් ගගනගාමීන් දෙදෙනකු  අභ්‍යවකාශගත කිරීමයි.

SpaceX රොකට්ටුව මැයි 27 වැනිදා අභ්‍යවකාශගතකිරීමට සැලසුම් කර තිබුණත් අයහපත් කාලගුණය හේතුවෙන් එය 30 වැනිදාට කල් දැමීමට SpaceX සමාගම සහ නාසා ආයතනය තීරණය කළහ. කෙසේහෝ ඉතා හොඳින් ඉර පායා තිබූ සෙනසුරාදා දිනයේ ෆ්ලොරිඩාහි කේප් කැනවරල් සිට මෙම යානය අභ්‍යවකාශය වෙත පිටත් කරහරිනු ලැබීය. ඇමරිකානුවන් දහස් ගණනක් මෙම අවස්ථාව ඒ අවට ප්‍රදේශවල සිට නැරඹු අයුරු ඇමරිකානු මාධ්‍ය විකාශනය කළහ.

RelatedPosts

ශුක්‍රාණු ඩිම්බ හෝ ගර්භාෂ බිත්තියක් නැතිව “මිනිස් කළලයක් ” නිර්මාණය කළ පුදුම හිතෙන පර්යේෂණය!

බුද්ධික – සසක්ති … ගූගල් මවිත කරවමින්  භාෂා බාධක නැති අනාගතයකට ලෝකය  කැන්දාගෙන යන  අඹ යාලුවන් දෙදෙනා…

 මිනිස් ශුකාණු චලන වේගය වැඩිකරන ලොව හොඳම සංයෝගය සොයාගත් විද්‍යාඥයාට පේටන්ට් අයිතිය ගන්න ඩොලර් නෑ.

මෙම අවස්ථාව දැකබලා ගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස්ද පැමිණ සිටීමෙන් පැහැදිළි වන්නේ මෙම ව්‍යාපෘතිය ඇමරිකානුවන්ට අතිශයින්ම වැදගත් බවයි. space x සමාගම මෙලෙස අභ්‍යවකාශගතකළ රොකට්ටුව නම් කර තිබුණේ crew dragon ලෙසයි.

මෙම ව්‍යාපෘතියට ඔවුන් දී තිබූ අන්වර්ථ නාමය වූයේ “මකර ආගමනය” යන්නයි. ඔවුන් එසේ හඳුන්වන්නේ මෙම අභ්‍යවකාශ යානය ඇමරිකානුවන් 1981 වසරට පසුව අභ්‍යවකාශයට යවන නවීනතම යානාව වන නිසාය. ඔවුන් මෙතෙක් කල් යැවූ බොහෝ යානා නැවත නැවත අලුත්වැඩියා කළ ඒවාය.

නවතම යානාවක් අභ්‍යවකාශගතකිරීමේ තාක්ෂණික අභියෝගය භාරගත්තේ සුප්‍රකට “ටෙස්ලා” සමාගමේ සහ space x සමාගමේ  ප්‍රධානි ඊලෝන් මස්ක්ය. නාසා ආයතනය සිය අභ්‍යවකාශ මෙහෙයුම් ඉතිහාසයේ පළමු වතාවට ව්‍යාපෘතියක් පෞද්ගලික සමාගමකට පැවරූ පළමු අවස්ථාව මෙය වීමද ඓතිහාසික සිදුවීමකි. නාසා ගගනගාමීන් දෙදෙනකු වන ඩග්ලස් හර්ලි සහ රොබර්ට් බෙන්කන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් යෙදවීමටත් නාසා ආයතනය නොපැකිලිව ඉදිරිපත් විය.

කෙසේහෝ එම අභියෝගය සාර්ථක කර ගැනීමට නාසා ආයතනයත් space x සමාගමත් දැන් සමත්වී තිබේ. අද (31) දිනය ඉතා තීරණාත්මකය. තව පැය කිහිපයකින් ඩග්ලස් හර්ලි සහ රොබර්ට් බෙන්කන් රැගත් SpaceX යානාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට නියමිතව ඇත. විශේෂත්වය වන්නේ එම ඒකාබද්ධ කිරීමේ කාර්යය සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රිය ක්‍රියාවලියක් ( automatic docking system) වීමයි.

SpaceX යානාව විශේෂ සංවේදක උපාංග (sensors) සහ විශේෂ කැමරා පද්ධතියකින් යුක්තය.මෙම ස්වයංක්‍රිය ඒකාබද්ධ කිරීමේ (docking system) ක්‍රියාවලිය ඔවුන්ට ආගන්තුක දෙයක් නොවේ. පසුගිය වසරේ ඔවුන් විසින් නියමුවන් රහිත යානයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සාර්ථකව සම්බන්ධ කළ නිසා මෙවර ඔවුන් කිසිදු චකිතයකින් තොරව සිය ඩොකින් ක්‍රියාවලිය සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටී.

කෙසේවෙතත් ඩග්ලස් හර්ලි සහ රොබර්ට් බෙන්කන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමට පෙර නියමු පාලනයෙන් යානය පදවාගෙන යෑමටත් සැලසුම් කර තිබිණි. මෙම ලිපිය ලියන අවස්ථාවේ ඔවුන් විසින් එම ක්‍රමවේදය අත්හදාබලමින් සිටිනවා විය හැක. ඔවුන් සතුව ඇති පාලන පුවරුව සම්පුර්ණයෙන්ම  ටච් ස්ක්‍රීන් මුහුණතකි ( touchscreen interface ).

කෙසේවෙතත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආසන්න වන විට යානය ස්වයංක්‍රියවම නියමු පාලනයෙන් ස්වයංක්‍රිය පාලනයට හැරෙන ලෙස සකසා තිබීම විශේෂත්වයකි. එතැන් සිට ඩොකින් ක්‍රියාවලිය අවසන් වනතුරු ස්වයංක්‍රිය පාලනය ක්‍රියාත්මක වනු ඇත.

එක්සත් ජනපදයේ වේලාවෙන් උදෑසන 10:29ට මෙම SpaceX යානාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ කිරීමට නියමිතය.

මෙම අභ්‍යවකාශ ගමන ඇමරිකාවට සේම සමස්ත ලෝකයටම තීරණාත්මකය. මෙම ව්‍යාපෘතිය සාර්ථක වනවා යනු දැවැන්ත පියවර ගණනාවක් ඉදිරි වසර කිහිපයේදී තැබීමට නියමිතව තිබෙනවා යන්නයි. විශේෂයෙන්ම ටෙස්ලා සහ SpaceX සමාගමේ මූලිකම පරමාර්ථය වන්නේ අභ්‍යවකාශ තරණය වාණිජව ලාබ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමය. එනම් සාමාන්‍ය මිනිසුන් අභ්‍යවකාශය වෙත ගෙන යෑමේ කාර්යය සිදු කිරීමයි.

ඔවුන් ඒ වෙනුවෙන් වූ මූලික කටයුතු සියල්ල මේ වනවිට සිදුකර අවසන්ය. ඉතාම මෑත කාලයේදී අභ්‍යවකාශ තරණය සඳහා මුදල් යෙදවිය හැකි පිරිසක් අභ්‍යවකාශය වෙත ගෙන යෑමට ඔවුන් අපේක්ෂා කරයි. නාසා ආයතනය ඒ සඳහා ඔවුනට අවශ්‍ය මූලික වටපිටාව දැන් සකසා අවසන්ය. මෙම SpaceX අභ්‍යවකාශ ව්‍යාපෘතියද එම කාර්යය පරික්ෂා කරන තවත් එක් මෙහෙයුමකි.  SpaceX සමාගමේ මෙන්ම නාසා ආයතනයේත් වොෂිංටන් පාලනයේත් අවසාන අරමුණ එකකි. අභ්‍යවකාශයට පළමුවෙන්ම සාමාන්‍ය සංචාරකයින් ගෙන ගිය රට ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයට එක්කිරීම එම අරමුණයි. ඒ අරමුණ ඉටු කරගනිමින් ඉතිහාසයට එක්වීමට ඔවුන් ඉතා ආසන්න බවනම් පැහැදිළිය.

පමුදිනී හෙට්ටිගොඩ

Tags: නවතම
Share90Tweet47

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

තොණ්ඩමන්ගේ අන්තිම මොහොතේ කළ ඉල්ලීම් ගැන අගමැති අවමඟුලේදී කියයි…

Next Post

කොවිඩ් ආසාදනය වී පැමිණෙන විදේශගත වූවන් රටට ලොකු ප්‍රශ්නයක්

RelatedPosts

ශුක්‍රාණු ඩිම්බ හෝ ගර්භාෂ බිත්තියක් නැතිව “මිනිස් කළලයක් ” නිර්මාණය කළ පුදුම හිතෙන පර්යේෂණය!
විද්‍යා හා තාක්ෂණ

ශුක්‍රාණු ඩිම්බ හෝ ගර්භාෂ බිත්තියක් නැතිව “මිනිස් කළලයක් ” නිර්මාණය කළ පුදුම හිතෙන පර්යේෂණය!

ඔක්තෝබර් 27, 2023
බුද්ධික – සසක්ති … ගූගල් මවිත කරවමින්  භාෂා බාධක නැති   අනාගතයකට ලෝකය  කැන්දාගෙන යන  අඹ යාලුවන් දෙදෙනා…
විද්‍යා හා තාක්ෂණ

බුද්ධික – සසක්ති … ගූගල් මවිත කරවමින්  භාෂා බාධක නැති අනාගතයකට ලෝකය  කැන්දාගෙන යන  අඹ යාලුවන් දෙදෙනා…

සැප්තැම්බර් 27, 2023
Sperm-Cells-Swimming
විද්‍යා හා තාක්ෂණ

 මිනිස් ශුකාණු චලන වේගය වැඩිකරන ලොව හොඳම සංයෝගය සොයාගත් විද්‍යාඥයාට පේටන්ට් අයිතිය ගන්න ඩොලර් නෑ.

ඔක්තෝබර් 28, 2022
Next Post
කොවිඩ් ආසාදනය වී පැමිණෙන විදේශගත වූවන් රටට ලොකු ප්‍රශ්නයක්

කොවිඩ් ආසාදනය වී පැමිණෙන විදේශගත වූවන් රටට ලොකු ප්‍රශ්නයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුව අදත් පාර්ලිමේන්තුවේ දී ගැටෙයි… යනවනම් යන්න… යළිත් ශ්‍රි.ල.නි.ප.යට කියයි!

    කට වහන්න ගිය රොෂාන් රණසිංහට කතා කරන්න වෙලාව ලබුණු හැටි…

    401 shares
    Share 160 Tweet 100
  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    5551 shares
    Share 2220 Tweet 1388
  • “සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

    306 shares
    Share 122 Tweet 77
  • අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

    276 shares
    Share 110 Tweet 69
  • තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

    260 shares
    Share 104 Tweet 65
  • යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

    220 shares
    Share 88 Tweet 55

නවතම ලිපි

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

by editor
දෙසැම්බර් 5, 2023
0

බිංගිරිය පොලිසියේ   ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

by editor
දෙසැම්බර් 5, 2023
0

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

by editor
දෙසැම්බර් 5, 2023
0

Cricket-case

දිගට ඇදෙන ක්‍රිකට් නඩුව!

by editor
දෙසැම්බර් 5, 2023
0

Kandy Municipal Council

මහනුවර නගර සභාවෙන් කෝටි 02ක් වංචා කළ කළමණාකාර සහකාරවරිය රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 5, 2023
0

නවතම ලිපි

Elpitiya- Pradeshiya-Sabha

විසුරුවා නොහැරිය එකම ප්‍රාදේශීය සභාව වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය පරාදයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

මාතර මහරෝහලට කෝටි 10ක් වටිනා නව ඩිජිටල් එක්ස්රේ යන්ත්‍රයක්!

මාතර මහරෝහලට කෝටි 10ක් වටිනා නව ඩිජිටල් එක්ස්රේ යන්ත්‍රයක්!

by editor
දෙසැම්බර් 5, 2023
0

ශම්මිලා පත් කළ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් දක්වා  ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය පැතිරෙයි!

රොෂාන්ට එරෙහිව අල්ලස් කොමිසමට යන ෂම්මි මුදල්වලට වග වුනු හැටි… වග වෙනවා නම් ෂම්මි වගේ වෙන්න…

by editor
දෙසැම්බර් 5, 2023
0

තරුණ පවුල් සෞඛ්‍ය සේවිකාවකට බස් රථයක් තුළ ලිංගික අතවර කළ දොඩංගොඩ පොලිසියේ සුළු පැමිණිලි ස්ථානාධිපති අත්අඩංගුවට…

කටගොන්නක් බී ගෙන නඩු කටයුත්තකට අධිකරණයට පැමිණි පොලිස් නිලධාරියෙක් රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 5, 2023
0

Vladimir-Zavadsky,

රුසියානු හමුදා ප්‍රධානියෙක් යුක්‍රේන ප්‍රහාරයකින් ඝාතනය වෙයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

Femaler-Arrested

පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරකමක් කළැයි  නාවික හමුදා සෙබලියක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 5, 2023
0

යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

by editor
දෙසැම්බර් 5, 2023
0

ජනපති නුගේගොඩ කිරිපිටි පෝලිම් නැති කළහැටි එස්ඩීඅයිජී දේශබන්දු කියයි!

“සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

by editor
දෙසැම්බර් 4, 2023
0

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

by editor
දෙසැම්බර් 4, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

නොවැම්බර් 29, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

දෙසැම්බර් 5, 2023
බිංගිරිය පොලිසියේ   ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

දෙසැම්බර් 5, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   
  • බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…
  • ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.