සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රඛිත පුතා හරක් කටාගෙන් අල්ලස් ගත් දින වකවානුවල  විජේදාස තාත්තා ගේ  ඩුබායි සංචාරය  ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!

by editor
ජූලි 3, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රකට සංවිධානාත්මක අපරාධකරු නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’  වෙත අභය දානය ලබා දීමට ඇතුළු පහසුකම් සැපයීම වෙනුවෙන්  රුපියල් ලක්ෂ 1200ක (කෝටි 12) අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාල ගනුදෙනුව සිදුවූ කාලවකවානුවේ දී  ෙහිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඩුබායි රාජ්‍යයේ කළ සැකකටයුතු  විදේශ සංචාරය මුල් කරගනිමින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.  

මෙම අල්ලස් නඩුවේ දෙවැනි සැකකරු වන විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන ජූලි මස 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

  • සැකකරුවන් ඩුබායි හි සිටි කාලයේම ඇමතිවරයාත් ඩුබායි ගිහින්

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධන්පෙරුම අධිකරණය හමුවේ කියා සිටියේ, සැකකරුවන් තිදෙනා ප්‍රශ්නගත මුදල් ගනුදෙනුව සිදුකිරීම සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටි කාලසීමාව තුළදීම, එවකට අධිකරණ ඇමතිවරයා වූ විජේදාස රාජපක්ෂ ද ඩුබායි බලා ගොස් ඇති බව විමර්ශන නිලධාරීන්ට කරුණු අනාවරණය වී ඇති බවයි.

අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇය මෙසේ පැවසුවාය.

“ස්වාමීනී, සිදුකළ විමර්ශන මඟින් අලුත්ම කරුණක් අනාවරණය වෙනවා. දෙවැනි සැකකරුගේ පියා වන එවකට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ 2023 මාර්තු මස 21 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. සැකකරුවන් තිදෙනා මෙම ගනුදෙනුව සිදුකිරීමට ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන්නේ 2023 මාර්තු මස 29 වැනිදා. සැකකරුගේ පියා ඩුබායි සිට නැවත ලංකාවට පැමිණ තිබෙන්නේ 2023 මාර්තු මස 28 වැනිදා. සැකකරුවන් නැවත ලංකාවට පැමිණෙන්නේ මාර්තු 29 වැනිදා.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

මේ අනුව පැහැදිලියි ස්වාමීනී, සැකකරුවන් තිදෙනා මෙම ගනුදෙනුව සිදුකිරීමට ඩුබායි හි සිටි කාලයේදීම දෙවැනි සැකකරුගේ පියා ද ඩුබායි හි රැඳී සිට තිබෙනවා. ඔවුන් එක්ව විදේශගත වී හෝ එක්ව පැමිණ නැතත්, එකම කාලවකවානුවක් තුළ මේ සියල්ල සිදුව තිබෙනවා. ඒ අනුව දෙවැනි සැකකරුගේ පියා ඩුබායි ගොස් ඒ කාලය තුළ හමුවූ පුද්ගලයන් සහ සිදුවූ දේවල් මොනවාද යන්න පිළිබඳව අප විශේෂ විමර්ශනයක් සිදුකරනවා.”

  • අල්ලස් මුදල් හුවමාරු වූ  නිවස පිහිටි පාරේම ඇමති නිවසත් තිබිලා

මීට අමතරව හිටපු ඇමතිවරයා වෙත සැකය එල්ල වන තවත් ප්‍රබල කරුණක් අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. පළමු සැකකරු වන චරිත් අබේසිංහ, හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්තිගෙන් ලබාගත් අල්ලස් මුදලින්  රුපියල් කෝටි 02ක   මුදලක් යළි ඇය වෙත ලබා දීම සඳහා නුගේගොඩ, නාවල පාර, විජයබා මාවතේ පිහිටි ස්ථානයකදී  ය මිදිගම ප්‍රාදේශීය සභාවේ හිටපු  සභාපතිවරයා වූ, පසුව ඝාතනය කරන ලද  මිදිගම ලසන්ත වික්‍රමසිංහ හෙවත් මිදිගම ලසා වෙත යළි ලබාදීමට කටයුතු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

එම අල්ලස් මුදල් හුවමාරු වූ නුගේගොඩ නාවල පාර, විජයබා මාවතේම දෙවැනි සැකකරුගේ පියා වන විජේදාස රාජපක්ෂගේ නිවස ද පිහිටා ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වූ බව සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට පෙන්වා දුන්නාය. මේ අනුව, විජේදාස රාජපක්ෂගේ ඩුබායි සංචාරය මෙන්ම මෙම නිවස තුළ සිදුවී ඇති ගනුදෙනු    පිළිබඳව ද අල්ලස් කොමිසමේ දැඩි අවධානය යොමුව තිබේ

  • CID නිලධාරීන්ගේ හැසිරීම් සහ වත්කම් ගැනත් සෝදිසි

හරක් කටා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රැඳවුම් භාරයේ තබාගෙන සිටි කාලය තුළ, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය සහ ඔහු සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා ඇති ආකාරය පිළිබඳව ද පුළුල් විමර්ශනයක් සිදුකරන බව අල්ලස් කොමිසම සඳහන් කළේය. සැකකරුවන් තිදෙනාගේ දුරකථනවල වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ, ඇමතුම් මෙන්ම ඔවුන් සතු වත්කම් බැරකම් පිළිබඳව ද මේ වන විට විමර්ශන ක්‍රියාත්මකය.

මෙම නඩුවේ සැකකරුවන් වන රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ වරුෂ හැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, නීතිඥ අශෝක් වීරසූරිය ඇතුළු නීතිඥ මඩුල්ල සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස දීර්ඝ වශයෙන් කරුණු දැක්වූහ.

එහෙත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම, සැකකරුවන්ට ඇප ලබාදීමට තරම් සුවිශේෂී නීතිමය කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බව පවසමින් ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර, සැකකරුවන් තිදෙනාම ලබන ජූලි 17 වැනිදා දක්වා රක්ෂිත ბන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

Next Post

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානම: නීතිඥ සංගමයෙන් හදිසි මහජන සංවාදයක්!

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.