බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

VFS ගනුදෙනුවේ පසුපස සිටිමින් පාර්ලිමේන්තුවත් නියෝජනය කරන මාෆියාව හර්ෂ මරා දැමීමේ සූදානමක ද?

by editor
ජූනි 7, 2024 - Updated on ජූනි 8, 2024
in පුවත්
Harsha-De-Silva
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මුහුණදෙන තර්ජන සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කරන ලද නියෝගයක් මත මෙම ප්‍රවේශයට පිවිස ඇත.

අප ජීවත් වෙමින් ඇත්තේ අහවල් කුපාඩි රටකදැයි දැන්වත් තේරුම් ගැනීම වැදගත්ය. රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණ මරණ තර්ජන කරන්නේය. වැසිකිළි පෝච්යකට ටකරමකට ඡන්දය දෙමින් රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවා ඇත්තේ මෙවැනි තිරිසන් පරාණ ටිකකි.

අද පාර්ලිමේන්තුවේ දී සිදුවූ හෙළිදරව් වීම යළිත් අවධානයකින් කියවන ලෙස අපි මේ රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටිමු. පාර්ලිමේන්තුව සහ ජාවාරම්කරුවන් අතර මාෆියාව තිගස්වන කතාවක් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාත් විපක්ෂ නායකවරයාත් රටට කියන්නේය .

සිද්ධිය ආරම්භ වන්නේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාරය හර්ෂ ද සිල්වා VFS ආයතනය සමග කරන ලද ඩිල් එකක ප්‍රතිඵලයක් ලෙස ඔහු එම ගනුදෙනුව යට ගසා ඇති බවට පළවන පුවතක් පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරමිනි. මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණය වීමත්, ඉන් පෙර අවස්ථාවල දී මන්ත්‍රීවරයාට එල්ල වී ඇති තර්ජනත් එකම කුමන්ත්‍රණයක කොටසක් ලෙස ගෙනහැර දැක්වූ ඔහු පාර්ලිමේන්තුව ද නියෝජනය කරන මේ ජාවාරම් කරුවන් අතර සිය ජිවිතය අනතුරක බව පාර්ලිමේන්තුවට කියා සිටියේය. VFS ආයතනයේ නිලධාරීන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට ගෙන්වීමට නියෝග කළ විට ඔවුන් පැමිණියේ නැත. එය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් වූයේය. ප්‍රවෘත්තියෙන් චෝදනා කර තිබුණේ හර්ෂ ද සිල්වා VFS නියෝජිතයන් හමුවී පසුව ඩීල් එකක් දමා ප්‍රශ්නය යට ගැසූ බවය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

හර්ෂ ද සිල්වා – මෙහෙම වෙන්නේ කොහෙමද ගරු කතා නායක තුමා. එදා මාව පත් කරපු අපහසුතාවය පිළිබඳව මා ඔබතුමාට කිව්වා. මම මෙතනත් කිව්වා. එතකොට කවුද මේවා කරන්නේ. කාගේ උවමනාවට ද මේක මගේ පැත්තට හරවන්න හදන්නේ.

අනිත් එක මේ වීසා එක සම්බන්ධ ප්‍රශ්නයට මම වාර්තාවක් ඉදිරිපත් කරනවා එන සතියේ. එතකොට මෙතන වෙලා තියන සම්පූර්ණ දේ මේ පාර්ලිමේන්තුව දැන ගන්නවා. කාටද ඕනකම තියෙන්නේ මේ මට ගහන්න.

ගරු කතා නායක තුමා. මම ඔබතුමාට මේක කියනවා. පාරෙ යනකොට මාව මරලා දැම්මොත් එහෙම… මම ඔබතුමාට දැඩිවම කියනවා. මගේ ආරක්ෂාව පිළිබඳ වගකීමක් ඔබතුමාට තියනවා. මේක ඩොලර් බිලියන ගානක වැඩක්. අද මම කිව්වා කියලා මතක තියාගන්න. මාව පාරේ මරලා දැම්මොත් මේකේ පිටිපස්සේ ඉන්න කට්ටිට වගකියන්න සිද්ධ වෙනවා.

මොකක් ද මට කරන්න කියන්නේ. මේකේ වංචා දූෂණ වහන්න ද කියන්නේ. මොකක්ද මට කරන්න කියන්නේ. මෙහෙම තර්ජනය කරන්න චෝදනා කරන්න පුලුවන් ද?. මොකක් ද මේකෙ තේරුම.

විපක්ෂ නායක – මේක බරපතල ප්‍රශ්නයක්. හර්ෂ ද සිල්වා මැතිතුමාව දෙවතාවක්ම ඉවත් කළා පබ්ලික් ෆිනෑන්ස් කමිටි එකෙන්. මොක්කද ඒකට හේතුව. එතුමා විෂය පිළිබඳ හොඳ දැනුමක් තිබෙන විශාරදයෙක්. එතුමා මේ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය පිළිබඳව නිර්ව්‍යාජ විනිවිද භාවයකින් කරන හෙළිදරව් කිරීම් නරත කරන්නයි එතුමාව අස් කළේ. ඊට පස්සේ රට බංකොලොත් වුනාට පස්සේ අපි යෝජනා කළා මෙතුමා සභාපති කරන්න. තටමලා තටමලා ඊට පස්සේ පත් කළා. දැන් එතුමාව පත් කළාට පස්සේ දැන් මොකක්ද මුදල් කාරක සභාවේ වෙන්නේ. රාජ්‍ය පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රිවරු ඇවිත් එතුමට තර්ජනය කරනවා. එහෙම කොහොමද වෙන්නේ.
රාජ්‍ය පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රිවරු ඇවිත් මෙතුමා VFS ගනුදෙනුව ගැන හොයලා බලන්න යනකොට එතුමට තර්ජනය කරනවා.

එක පැත්තකින් එහෙම කරලා රජයම අනික් පැත්තෙන් එක එක වහල්ලු දම්මලා මෙතුමට චෝදනා කරනවා මෙතුමා ඒක යට ගහනවා කියලා. මොකක්ද මේ කරන්නේ මොක්කද මේ විහිළුව.

ඔබතුමා දන්නව ද අර මහ බැංකු ගනුදෙනුවටත් වඩා විශාල විනාශයක් මේ ගනුදෙනුවෙ සිද්ධ වෙලා තියෙන්නේ. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා කරුණාකරලා මේ මුදල් කාරකසභාවේ සභාපති තුමාට මේ රාජ්‍ය පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරු ඇවිත් තර්ජන එල්ල කරන එක වහාම නරත රකන්නට ඕන. ඒකට ඔබතුමා විසඳුමක් දෙන්නට ඕන.

කතානායක – ඒ ගැන කිසිම චෝදනාවක් පැමිණිල්ලක් අපට ලැබිලා නෑ.

විපක්ෂ නායක – එතුමගෙන් අහන්න කතානායක තුමා. එතුමා කියයි.

කතා නායක – කවුද ඔබතුමාට තර්ජනය කළේ

හර්ෂ ද සිල්වා – ඔබතුමාට මම කිව්වා අතිශය අපහසුතාවයට පත් කළා කියලා මාව මුදල් කාරක සභාවෙදි. දැන් මම මේ කතාව ඉදිරිපත් කළේ දැන් වෙච්චි කතාවක්. මම ඔබතුමාට කියන්නේ අදෘෂ්‍යමාන බලවේග මේකෙ ඉන්නවා. මම දන්නේ නෑ කවුද කියලා. මගේ ජීවිතයේ අවදානමක් තියනවා කියලා තමයි මම කියන්නේ.

කතානායක – ඔබතුමාට තර්ජනයක් තියනව ද?

හර්ෂ ද සිල්වා – තර්ජනයක් කියලා මාව මරණවා කියලා කෙලින් කිව්වෙ නෑ. හැබැයි ඔබතුමාට මම කියන්නේ. මමනේ මේකෙ ඉන්නේ. මගේ සපත්තු දෙකට ඔබතුමා ආවොත් ඔබතුමාට තේරෙයි මෙතන තියන ගැටලුව මොකක් ද කියලා.

කතානායක – කරුණාකරලා කියන්න එහෙම දෙයක් තියනවා නම්. ඒ ගැන විභාග කරන්න පුලුවන්.

මුජබර් රහුමාන් – කතානායක තුමනි. ඇත්තටම මුදල් කාරක සභාවේ හිටපු සාමාජිකයෙක් හැටියට මම කතා කරන්නේ. ඇත්තටම මෙතුමා ඉතාම බරපල කාරණාවක් ඉදිරිපත් කළේ. මුදල් කාරක සභාව කියන්නේ පාර්ලිමේන්තුවේ වැදගත්ම ආයතනයක් රටේ මුදල් සම්බන්ධව තීන්දු ගන්න සහ ඒ සඳහා උපදෙස් දෙන අපේ කාරක සභාවක්.

එවැනි කාරක සභාවක් තුළ යම් යම් ගනුදෙනුවල දූෂණ වංචා හොයන්න ගියාම එතුමාට ඇවිත් තර්ජනාත්මක කතා කරනවා… මරණවා කියලා කෙලින්ම කියන්න ඕන නෑ ගරු කතානායක තුමනි.

“තමුසේ මේක හොයන්න එපා”… මෙහෙම කියන එක ඉතාම බරපතලයි. එතුමාට එහෙම බලපෑම් කරලා තියනවා. “තමුසේ මේක හොයන්න එපා”… ඒක අනියම් ආකාරයේ VFS එකත් එක්ක ගනුදෙනු කරපු පුදුගලයො. VFS එකෙන් සල්ලි ගත්ත පුද්ගලයො. ඒකයි කතා නායක තුමනි. මම ඔබතුමාගෙන් ඉල්ලනවා මෙතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න කියලා.

කතානායක – හරි.. බොහොම ස්තුතියි. ඒ ගැන පැමිණිලක් කරන්න. ඒ ගැන හොයලා බලන්න පුලුවන්.

අනතුරුව මහ ජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් විසින් මේ තර්ජන සමබන්ධව සෙවීම සඳහා සීඅයිඩී පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය. එයත් අපූරුය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිරකරුවෝත් මනුෂ්‍යයෝ ය… කුකුල් චමින්දට හිර ගෙදර ඇතුළේ ගුටි පූජාවක්… අනුරාධපුර රෝහලට ඇතුළු කරයි!

Next Post

බංගලි හටන… හෙට කුමක් වෙයි ද?

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.