නුවන් ජයසේකර –
කෘතිම පොහොර හිඟයක් මවාපාමින් වැඩි මිලට අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ රුපියල් 1,440,000ක් වටිනා යූරියා පොහොර තොගයක් සමඟ වෙළඳසැල් හිමිකරුවෙකු පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17) මෙම වැටලීම සිදු කර ඇත්තේ තිස්සමහාරාම, අලුත්ගොඩ පාර ප්‍රදේශයේ පිහිටි කෘෂි අලෙවි සැලක් පරීක්ෂාවට ලක් කිරීමෙනි. අදාළ වෙළඳසැල තුළ රහසිගතව පොහොර තොගයක් සඟවා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.
එහිදී අලෙවි නොකර සඟවා තිබූ කිලෝ 50 ප්‍රමාණයේ යූරියා පොහොර මිටි 144ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ. වෙළඳපොළ තුළ පොහොර හිඟයක් පවතින බව පෙන්වා, පසුව වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මෙම තොගය සඟවා තබා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය විය.
අත්අඩංගුවට ගත් සැකකාර වෙළඳසැල් හිමිකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි.







