සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ  ඔහියෝ හි ගිම්හාන උත්සවයක වෙඩි තැබිමක්… 12ක් තුවාලයි…. 02ක ගේ තත්ත්වය බරපතලයි…

by editor
ජූනි 7, 2026
in පුවත්
ohiyo
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ ටොලෙඩෝ නගරයේ අතිශය ජනප්‍රිය ‘ඕල්ඩ් වෙස්ට් එන්ඩ්’ (Old West End Festival) වාර්ෂික උත්සවය පැවැති පරිශ්‍රය අසල ඊයේ  (ජුනි 06) සන්ධ්‍යාවේ සිදු වූ බිහිසුණු වෙඩි තැබීමකින්   අවම වශයෙන් 12 දෙනෙකු වත් තුවාල ලබා ඇති බව වාර්තා වේ.  ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් වයස අවුරුදු 14 ත් 61 ත් අතර පසුවන්නන් වන අතර, ඔවුන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 20 මුල් භාගයේ පසුවන තරුණයන් බව හඳුනාගෙන ඇත.  කෙසේ වෙතත්, මේ දක්වා කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව බලධාරීහු තහවුරු කරති.

වෙඩි තැබීමෙන් පසු…

සජීවී සංගීත සංදර්ශන, ආහාර ප්‍රදර්ශන කුටි සහ විවිධ වෙළඳසැල්වලින් සමන්විත, දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සාමකාමී ප්‍රජා සැමරුම් උත්සවය පැවැත්වෙන අතරතුර මෙම වෙඩි තැබීම සිදුවීමත් සමඟ මුළු ප්‍රදේශයම දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව ඇත.

ටොලෙඩෝ පොලිස් දෙපාර්තමේන්තුව වෙත සන්ධ්‍යා කාලයේ එනම් පස්වරු 5:37 ට පමණ ඩෙලවෙයාර් සහ ග්ලෙන්වුඩ් මාවත් (Delaware and Glenwood Avenues) අසල වෙඩි හඬවල් ඇසෙන බවට තොරතුරු ලැබී තිබේ. ඒ වන විටත් උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී වෙඩි තැබීම සිදු වූ ස්ථානයට ළඟා වී ඇත.

RelatedPosts

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

එහිදී උත්සව භූමියේ පිහිටි උද්භිද උද්‍යානය (Arboretum) ඇතුළු ඒ අවට ප්‍රදේශය පුරා වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයන් රැසක් පොලිස් නිලධාරීන්ට හමු වී ඇති අතර, තුවාල ලැබූ සියලුම දෙනා වහාම ප්‍රතිකාර සඳහා අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

සිදුවුයේ කුමක් ද?

පොලිස් විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකා  ඉලක්ක කර ගනිමින් මෙලෙස වෙඩි හුවමාරුවක නිරත වී ඇති අතර, එහිදී උත්සවය නැරඹීමට පැමිණි අහිංසක සිවිල් වැසියන් ද මෙම වෙඩි ප්‍රහාරයන්ට මැදි වී ඇති බවය.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී වෛද්‍ය පුහුණුව ලත් ඇමරිකානු නාවික හමුදා ප්‍රවීණයෙකු වන කෙවින් බෙරී (Kevin Berry) උද්භිද උද්‍යානයේ අසුන්ගෙන සජීවී සංගීතයට සවන් දෙමින් සිට ඇත.

“වෙඩි හඬ ඇසෙන්නට වූ සැණින් හැමෝම බිම දිගා වුණා,” බෙරී ඒ බිහිසුණු මොහොත සිහිපත් කරමින් පැවසීය. ඔහු හිස ඔසවා බලන විට, තමා සිටි ස්ථානයේ සිට අඩි 50 කට වඩා අඩු (මීටර් 15 ක් පමණ) දුරකින් අයෙකු ගිනි අවියක් බිම දමා යන අයුරු දැක තිබේ. ඒ සමඟම පොලිස් නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ ඇත.

තමා සතු වෛද්‍ය පසුබිම උපයෝගී කර ගනිමින්, කෙවින් බෙරී වහාම ක්‍රියාත්මක වී උදව් අවශ්‍ය කිසිවෙකු සිටීදැයි අවට ප්‍රදේශය පරීක්ෂා කර බලා ඇත. එහිදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයන් පස් දෙනෙකුම ඔහුට දැකගත හැකි වී තිබේ.

“තුවාල ලැබූ අය උද්භිද උද්‍යාන පරිශ්‍රය පුරා විසිරී සිටියා,” යැයි  ඔහු කීවේය.

විමර්ශන කටයුතු අඛණ්ඩව

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා සවිස්තරාත්මක විමර්ශනයක් ආරම්භ කර ඇත. පොලිසිය විසින් ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම, වින්දිතයන්ගෙන් ප්‍රශ්න කිරීම සහ වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි.

කෙසේ වෙතත්, මේ වන තෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, වෙඩි තැබීමට හේතුවක් ද මෙතෙක් අනාවරණය වී නොමැත. වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව උත්සවයේ සියලුම ඉතිරි කටයුතු අවලංගු කිරීමට සංවිධායකයින් පියවර ගත්තේය.

මෙම සාමකාමී සහ පවුලේ සැමට එකලස් විය හැකි උත්සවයකදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාව පිළිබඳව ඔහායෝ ප්‍රාන්ත ආණ්ඩුකාර මයික් ඩිවයින් (Mike DeWine) සිය දැඩි කනස්සල්ල පළ කර සිටියේය. ටොලෙඩෝ නගර සභා මන්ත්‍රී තෙරේසා මොරිස් (Theresa Morris) ද මෙම සිදුවීමෙන් මුළු ප්‍රජාවම කම්පනයට පත්ව ඇති බව සඳහන් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවැනි එක් දින තරගය මුලුමනින්ම වැස්සට සේදෙයි…

Next Post

සඳුදා මහජන දිනවල වෙනත් රාජ්‍ය රැස්වීම් වර්ජනය කිරීමට ප්‍රාදේශීය ලේකම්වරු හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තීරණයක්!

Related Posts

පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.