බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

by editor
ජූනි 25, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

තෙල්දෙණිය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගත් අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිරකිරීමෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

පසුගිය 17 වන දින තෙල්දෙණිය රෝහල ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී මෙලෙස සොයාගැනුණේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ශ්‍යාමා නැමැති කාන්තාවකගේ මළ සිරුරකි. මුළු රටම කම්පනයට පත් කළ මෙම මරණය පිළිබඳව ඇති වූ සැකය මත පොලීසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ (24) අලුයම වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් ඇයගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

යාපනයේදී බස් රථයකදී කොටු වූ අඹුසැමි යුවළ

ශ්‍යාමාගේ පෙම්වතා බව කියන 43 හැවිරිදි ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ වන 35 හැවිරිදි කොස්ගොල්ල හොරොම්බාව ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, චාවකච්චේරිය කයිතඩි ප්‍රදේශයේදී බස් රථයකින් ගමන් කරමින් සිටියදී ය. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

මේ අතර, අදාළ ප්‍රධාන සැකකරුට සැඟව සිටිම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත 49 හැවිරිදි රජවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඊයේ (24) රාත්‍රී නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාර දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

CCTV දර්ශන සහ හෝටල් කාමරයේ සුලමුල

ඝාතනයට ලක්වූ ශ්‍යාමා පසුගිය ජුනි මස 3 වන දින සිට ජුනි 16 වන දින දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකාර පෙම්වතා විසින් අදාළ හෝටල් කාමරයේ සිට ශ්‍යාමාගේ සිරුර ඔසවාගෙන යන CCTV දර්ශන පෙළක් ද මාධ්‍ය වෙත නිකුත් වී තිබූ අතර, ඒ ඔස්සේ පොලීසිය දීර්ඝ ලෙස පරීක්ෂණ පැවැත්වීය.

දින 7ක් පුරා සැකකරු සොයා පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහාය ඇතිව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව මෙම සැකකරුවන් කොටුකර ගැනීමට හැකිව තිබේ.

සැකකරු කියන මරණයේ ඇත්ත නැත්ත

කෙසේවෙතත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රධාන සැකකරු පවසා ඇත්තේ තමා ශ්‍යාමා නැවතී සිටි කාමරයට යන විට ඇය ගෙල වැලලාගෙන සිටි බවයි. එහිදී තමා බියට පත්ව සිරුර මෝටර් රථයේ දමා තෙල්දෙණියට රැගෙන ආ බව ඔහු ප්‍රකාශ කර ඇතත්, පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ඇයව ගෙල සිරකර මරා දමා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය සහ තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Next Post

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.