බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් ඇමරිකානු අධිකරණය ඉදිරියේ යළිත් සල්ලං වෙයි… ඇමෙරිකාවේ උපත් පුරවැසි අයිතිය සීමා කිරීමේ ට්‍රම්ප්ගේ  උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

by editor
ජූලි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය  අධිකරණය ඉදිරියේ දැඩි අවතක්සේරුවකට ලක් වී ඇත.   ඒ  ඇමෙරිකානු සමාජයේ දිගුකාලීන පදනමක් බඳු වූ “උපත් අයිතිවාසිකම් පුරවැසිභාවය” (Birthright Citizenship) සීමා කිරීම සඳහා ඩොනලඩ් ට්‍රම්ප්  ගත් ප්‍රබල උත්සාහය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම හමුවේය. සංක්‍රමණිකයන් මර්දනය කිරීමේ ට්‍රම්ප්ගේ ප්‍රධානතම දේශපාලන අරමුණක් ව්‍යර්ථ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.

විනිසුරුවරුන් 6ට 3ක් ලෙස ලබා දුන් මෙම ඓතිහාසික තීන්දුව, මේ වසර තුළ ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිපත්තියක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවලංගු වූ දෙවන අවස්ථාව සලකුණු කරන්නේය.  එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 9 දෙනා අතුරින් 6 දෙනෙකුම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයට එරෙහිව (උපත් අයිතිවාසිකම් පුරවැසිභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන්) ඡන්දය ප්‍රකාශ කළ අතර, 3 දෙනෙකු පමණක් ඊට පක්ෂව සිය විරුද්ධත්වය (Dissent) සටහන් කර තිබුණි.  මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී ඔහු විසින් පනවන ලද ගෝලීය තීරුබදු ප්‍රතිපත්තිය ද අධිකරණය විසින් නිශ්ප්‍රභ  කරනු ලැබීය.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර පහළ අධිකරණයක් ලබා දී තිබූ තීන්දුවක් තහවුරු කරන ලදී. එමඟින් ට්‍රම්ප්ගේ විධායක නියෝගය අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. ට්‍රම්ප්ගේ අදාළ විධායක නියෝගයෙන් උපදෙස් දී තිබුණේ, දෙමව්පියන් දෙදෙනාම ඇමෙරිකානු පුරවැසියන් හෝ නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවන් (Green Card හිමියන්) නොවන අවස්ථාවක, ඇමෙරිකානු භූමිය තුළ උපත ලබන දරුවන්ට පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ෂේප කරන ලෙසය. මෙය නීතිවිරෝධී ලෙස රට තුළ රැඳී සිටින සංක්‍රමණිකයන්ට මෙන්ම වීසා මත තාවකාලිකව රැඳී සිටින විදේශිකයන්ගේ දරුවන්ට ද බලපාන පරිදි සකස් කර තිබුණි.

TRUMP

අපි ඒ පොරොන්දුව රකිනවා – අගවිනිසුරු ජෝන් රොබර්ට්ස්

මෙම බහුතර තීන්දුවේ ප්‍රකාශය ලියූ කොන්සර්වේටිව් මතධාරී අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් අවධාරණය කළේ, ට්‍රම්ප්ගේ මෙම නියෝගය ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනය උල්ලංඝනය කරන බවය. එම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනය මඟින් ඇමෙරිකාවේ උපත ලබන ඕනෑම අයෙකුට පුරවැසිභාවය සහතික කර ඇත.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

“එදා මෙන්ම අදත් පුරවැසිභාවය යනු අයිතිවාසිකම් ලැබීමේ අයිතියයි.  අපගේ දේශපාලන ප්‍රජාවට නිදහසේ දායක වීමේ අයිතියයි. 14 වන සංශෝධනයේ නිර්මාතෘවරුන් එම පොරොන්දුව මේ දේශයේ උපදින සෑම නිදහස් පුද්ගලයෙකුටම ලබා දුන්නා. අපි අද ඒ පොරොන්දුව රකිනවා,” යනුවෙන් අගවිනිසුරු රොබර්ට්ස් සිය තීන්දුවේ සඳහන් කළේය. ට්‍රම්ප් පරිපාලනය ඉදිරිපත් කළ තර්කයන් ප්‍රතික්ෂේප කළ රොබර්ට්ස්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ මෙවැනි රැඩිකල් උත්සාහයන් සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද පෙන්වා දුන්නේය.

මෙම බහුතර තීන්දුව සඳහා අගවිනිසුරුවරයාට අමතරව අධිකරණයේ සිටින කාන්තා විනිසුරුවරුන් සිව්දෙනා වන සෝනියා සෝටෝමායර්, එලේනා කේගන්, ඇමී කෝනි බැරට් සහ කේතන්ජි බ්‍රවුන් ජැක්සන් සහයෝගය දැක්වූහ.

විනිසුරු කාවනාගේ එකඟතාව සහ වෙනස් මතය

තවත් කොන්සර්වේටිව් විනිසුරුවරයකු වන බ්‍රෙට් කාවනා ද ට්‍රම්ප්ගේ විධායක නියෝගය ප්‍රතික්ෂේප කිරීමට එකඟ වූ නමුත්, ඔහු  ඊට පාදක කරගත් නීතිමය තර්කය වෙනස් විය. ඔහු   ප්‍රකාශ කළේ ට්‍රම්ප්ගේ නියෝගය 14 වන සංශෝධනයට වඩා, උපත් පුරවැසි අයිතිය නීතිගත කර ඇති 1952 සංක්‍රමණ සහ ජාතිකත්ව පනත (Immigration and Nationality Act) සෘජුවම උල්ලංඝනය කරන බවය.

ව්‍යවස්ථාපිත වගන්තිය කුමක්ද?

මෙහිදී මතභේදයට ලක් වූ ප්‍රධාන වගන්තිය වන්නේ 14 වන සංශෝධනයේ ඇතුළත් “පුරවැසිභාවය පිළිබඳ වගන්තියයි” (Citizenship Clause). එහි සඳහන් වන්නේ: “ඇමෙරිකා එක්සත් ජනපදයේ උපත ලබන හෝ පුරවැසිභාවය ලබන සහ එහි බල ප්‍රදේශයට යටත් වන සියලුම පුද්ගලයින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඔවුන් පදිංචි ප්‍රාන්තයේ පුරවැසියන් වේ.” යන්නයි.

පසුගිය වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්ති රට පුරා ක්‍රියාත්මක වීම වැළැක්වීමට ෆෙඩරල් විනිසුරුවරුන්ට ඇති බලය සීමා කරමින් ඔහුට මූලික ජයග්‍රහණයක් ලබා දී තිබුණද, උපත් පුරවැසිභාවයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ අවසන් තීන්දුව ලබා දීම මෙතෙක් ප්‍රශ්නාර්ථයක්ව පැවතුණි.

ට්‍රම්ප්ගේ සහ විරුද්ධ පාර්ශවයන්ගේ ප්‍රතිචාර

මෙම තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අධිකරණ තීන්දුව දැඩි ලෙස විවේචනය කළේය. “ශ්‍රේෂ්ඨාධිකරණය උපත් පුරවැසිභාවය තහවුරු කළා, එය අපේ රටේ අවාසනාවක්. නමුත් අපට ව්‍යවස්ථා සංශෝධනයක් නොමැතිව වුවද, කොංග්‍රස් මණ්ඩලය හරහා නව පනත් සම්මත කරගනිමින් මේ තත්ත්වය වෙනස් කිරීමට පහසුවෙන් පියවර ගත හැකියි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙහෙයවූ ඇමෙරිකානු සිවිල් නිදහස් සංගමයේ (ACLU) ජාතික නීති අධ්‍යක්ෂිකා සිසිලියා වැන්ග් ප්‍රකාශ කළේ මෙසේය. “අධිකරණයේ මෙම තීන්දුව මඟින් මූලික ඇමෙරිකානු පොරොන්දුව නැවතත් තහවුරු කර තිබෙනවා. ඔබ මෙහි උපත ලැබුවේ නම්, ඔබ පුරවැසියෙක්. ජනාධිපතිවරයකුට තනි විධායක නියෝගයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකියි,” ඇය අවධාරණය කළාය.

මෙම තීන්දුවට එරෙහිව සිය විරුද්ධත්වය (Dissent) ප්‍රකාශ කරමින් කොන්සර්වේටිව් විනිසුරුවරුන් වන සැමුවෙල් ඇලිටෝ, නීල් ගොර්සච් සහ ක්ලැරන්ස් තෝමස් ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතල වැරදීමක් සිදු කර ඇති බවය.  විශේෂයෙන්ම විනිසුරු ඇලිටෝ සඳහන් කළේ මෙය ඇමෙරිකානු ඉතිහාසයේ අධිකරණය ගත් වැරදි සහගතම තීරණයක් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

Next Post

අවුරුදු 16ක් හිරේට ගිය සරණගෙන් අභියාචනාධිකරණයට ඇපෑලක්!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.