සීදූව ප්‍රදේශයේදී අද අලුයම පොලිස් කාර්ය බළකාය සමඟ ගැටීමෙන් මියගිය පාතාල අපරාධකරුවෙක් වන ලලිත් පිංතු නැමැත්තා, මීට පෙර ඝාතනයට ලක්වූ මත්කුඩු ජාවාරම්කරු මාකඳුරේ මධූෂ්ට එකල බන්ධනාගාරයේ සිට අපරාධ සිදුකිරීමට කියාදුන් ගුරුන්නාන්සේ කෙනකු බවට අනාවරණය වී තිබේ.
අද පෙරවරුවේ සැකකටයුතු සුඛෝපභෝගී මෝටර් රථයක් විශේෂ කාර්ය බලකායේ විසින් නතර කිරීමට අණ කළ අවස්ථාවේදී මෝටර් රථයේ සිටි පුද්ගලයෙක් ඉන් බැස පලා යමින් විශේෂ කාර්ය බලකායට වෙඩි තබා තිබුණි.
එහිදී විශේෂ කාාර්ය බලකාය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළේය.
එම පුද්ගලයා ලලිත් පින්තු නමැත්තා බව පසුව හෙළිවූ අතර ඔහු මංකොල්ලකෑම් මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයෙකි.
මේ පුද්ගලයා මාකඳුරේ මධුෂ් සමඟ අපරාධවල නිරතව සිටියෙකි.
එම පුද්ගලයා බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණ සිටි අයෙකු බව සඳහන් ය.