බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

SSCබේරගන්න ක්‍රිකට් ලොක්කන් ගහන ගෙම් ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න ගැහුවනම් අද රටේ ක්‍රිකට් ගොඩ!

by editor
පෙබරවාරි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ගැන කතා කරන්න බැරි තරමට ඕස්ට්‍රේලියානුවෝ අපට පාඩමක් ඉගැන්වූහ. අවුරුදු 44ක ටෙස්ට් ක්‍රිකට් ගැසූ ඉතිහාසයේ අපි මේ තරම් කුජීත ලෙස පැරදුන පළමු අවස්ථාවය. මේ ක්‍රිකට් බැරිකමට වඩා ක්‍රිකට් කුපාඩිකම්වල ප්‍රතිඵලයකි.

රට මේ තරම් කනාටු විදිහට පරදිද්දී ක්‍රිකට් පරිපාලනය තම තමන්ගෙ ක්ලබ් බේරා ගැනීමේ බලු පොරයක නිරත වී සිටින බව පෙනී යනවිට ඇතිවන්නේ පිළිකුලකි. රටේ පලමු පෙළ ක්‍රිකට් තරගාවලිය යනු ජාතික කණ්ඩායම පෝෂණය කරනු ලබනා පෝෂක බිමය. එය පවත්වා ගත යුත්තේ ජාතික අභිලාෂයකින් මිස වටේට ගේම දී තමන්ගේ ක්ලබ් එක බේරා ගැනීමට ගහන මජර ගේම්වලින් නොවේ. ස්වකීය පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ක්‍රිකට් පරිපාලනය විසින් මේ පෝෂක බිම ස්වකීය ගොදුරු බිමක් බවට පත් කරගෙන ඇති අයුරු දකිමින් හිඳිමු.

වත්මන් ක්‍රිකට් පරිපාලකයන් පලවා හැරිය යුතු බවට පසුගිය වසරේ මුළු පාර්ලිමේන්තුවම ඒකමතිකව තීරණය කරන ලදී. ජනතා හිතවාදී බව ස්වයං ප්‍රකාශිත මාලිමා රජයේ එක් ඡන්ද පොරොන්දුවක් වූයේ ක්‍රිකට් ව්‍යස්ථාව වහා සංශෝධනය කර දූෂිතයන්ට දඬුවම් දීමය. එහෙත් කුප්‍රකට ක්‍රිකට් ලොක්කන් දැන් ඉන්නේ කාගේ ඔඩොක්කුවේ දැයි පෙන්නුම් කරමින් තිබේ.

මක් නිසාද යත් නැවත වරක් බලයේ රැඳී සිටීම සඳහා වත්මන් ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩා අමාත්‍යංශයටද නොදන්වා තම ව්‍යවස්ථාව සංශෝධනය කොට නිලවරණය පැවැත්වීමටද යයි.
මාලිමා ආණ්ඩුවේ පුනරුද රජයේ රූකඩ ඇමතිවරයකු ලෙස බොහෝ දෙනා දකින ක්‍රීඩා ඇමතිවරයා නිහඬය. ඔහු ඉන්නේ අනෙක් ක්‍රීඩා වලට යොදවන්න ක්‍රිකට් වලින් මුදල් හිඟා කන මට්මකය.

මේ අතර තුර තමන්ගේ අභිමතය පරිදි ඉහළ පෙළේ ක්‍රීඩා සමාජ ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පහත් ලෙස හැසිරෙන ආකාරය දකිමින් හිඳිමු. මේ සියල්ල ලියා තබන්නේ අප නැවත නැවතත් විශ්වාස කරන පරිදි ශ්‍රි ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවේන සරු ඵල උපදවා ගතහැකි පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී ජාතික අභිමතාර්ථ පසෙක තබා ක්‍රීඩා සමාජ රකින කුපාඩිකම රටේ ක්‍රිකට්වලට යහපත් නැති බැවිනි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යම් ක්‍රීඩා සමාජයක් පරදින්නේ නම්, දිගින් දිගටම පැරදෙමින් හිඳීනම් ඉන් අදහස් වන්නේ ක්‍රිකට් යෞවනයින් අනෙක් ක්‍රීඩා සමාජවල බලගැන්වෙමින් ජාතික තලය ප්‍රවේශය අසල පෙළගැසෙමින් සිටින බවය. එය පිළිගෙන ඊට අවශ්‍ය පසුබිම සකස් කරනු විනා ඉපදෙන පැල පොඩිකර කල්ලි රැකීමට ක්‍රිකට් පරිපාලනයක් රටකට අවශ්‍ය නැත.

දැනට පැවැත්වෙන ප්‍රිමියර් අන්තර් ක්‍රීඩා සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ SSC ක්‍රීඩා සමාජය මේ වන විට ලකුණු සටහන අනුව සිටින්නේ අවසන් ස්ථානයේය. තරග තුනක් තව ඉතිරිව ඇති අතර එම තරගද ඇත්තේ ප්‍රබල මුවර්ස්, ටැමිල් යූනියන් හා NCC සමගය.

ඒ අනුව ඔවුන් සිටිනුයේ ලබන වසරේ දෙවෙනි පෙළට වැටීමේ අනතුරුදායක මට්ටමකය.

මේ සති අන්තයේ පැවැත්වෙන මුවර්ස් සමග තරගයට ක්‍රීඩා කිරීම සඳහා ILT 20 ලීග් තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටි චරිත් අසලංක,අවිශ්ක ප්‍රනාන්දු හා දසුන් ශානක ආපසු ගෙන්වා ගත්තද මේවන විට එම තරගයද පරාජය වීමේ තර්ජනයට SSC ක්‍රීඩා සමාජය මුහුණ දී සිටී.
දෙවෙනි දිනය අවසානයේ මුවර්ස් පිලේ ලකුණු 412 ට පිළිතුරු වශයෙන් SSC පිල කඩුලු 5 ක් දැවී රැස් කර සිටින්නේ ලකුණු 136කි.

මේ වන විට ගාල්ලේ සිටින ටෙස්ට් සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් ලෙස සිටින සදීර සමරවික්‍රම හා මිලාන් රත්නායක මෙම තරගයට නිදහස් කර දෙන ලෙස මුවර්ස් ක්‍රීඩා සමාජය ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂෙප කළ ක්‍රිකට් බලධාරීන් NCC ක්‍රීඩා සමාජයේ තරගයකට ටෙස්ට් සංචිතයේ සිටින ලහිරු කුමාර හා ලහිරු උදාර නිදහස් කරන ලදී. මේ සඳහා කණ්ඩායම් පුහුණුකරු සනත් ජයසූරියගේද සහායද , ලැබී ඇතැයි වාර්තා වේ.

මෙවර ක්‍රිකට් නිලවරණයේ සභාපති,උප සභාපති හා ලේකම් යන තනතුරු තුනටම නාම යෝජනා ලබා දී සිටින වත්මන් තරග කමිටු සභාපති සමන්ත දොඩන්වෙල SSC ක්‍රීඩා සමාජයේ විධායක කමිටු නිලධාරියකුද බැවින් මෙම අකටයුත්ත සිදු කර ඇතැයි වාර්තා වේ.

ක්‍රිකට් උසස් තාක්ෂණ අංශයේ පුහුණුකරුවන්ට ක්‍රීඩා සමාජ වල පුහුණු කරුවන් ලෙස කටයුතු කිරීම තහනම් වුවද උප සභාපති රවින් වික්‍රමරත්නගේ පානදුර ක්‍රීඩා සමාජයේ පුහුණුවට උසස් තාක්ෂණ අංශයේ සම්පත් පෙරේරාව යොදවා තිබේ. මීට අමතරව රවින් වික්‍රමරත්න විනිසුරු සංගමයේද සභාපති නිසා පානදුර ක්‍රීඩකයන්ට තරග විනිසුරුවන්ගෙන් සහාය ලැබෙන බවටද චෝදනාවක් ඇත.

ක්‍රිකට් ආයතනයේ රැකියාවට යාම සඳහා SSC පුහුණුකරු ධූරයෙන් ඉවත්වූ සමන් ජයන්තව ඉතිරි තරග දෙක සඳහා ආපසු SSC වෙත නිදහස් කිරීමට යන බවක්ද මේ අතර කියවේ.

බලය වෙනුවෙන් ක්‍රිකට් කල්ලි රැකීමට යෑම බලයේ ඉන්න උන්ට යහපතක් උනත් ක්‍රිකට්වලට නම් කිසිම යහපතක් නැත. එහි ප්‍රතිඵලය අද හවස් වරුවේ ගාල්ලෙන් පැමිණි බව යළිත් සිහිපත් කළ යුතුව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට ස්ථාන මාරු….

Next Post

යුක්තිය වෙනුවෙන් ජීවිතය කැප කළත් යුක්තිය නොලත් විනිසුරු ඉලන්චේලියන් විනිසුරු අසුනෙන් බැස යති!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.