අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

by editor
ජූලි 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය-

ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය සම්බන්ධයෙන් රටක් දක්වා ඇති ප්‍රගතිය අනුව සිදුකරනු ලැබූ වර්ගීකරණයක දී  ශ්‍රී ලංකාව ලොව සිව්වන විශාලතම දියුණුව සනිටුහන් කර ඇති ආර්ථිකය ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක නම් කර තිබේ.

එම වාර්තාවේ ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත්තේ ඉතා වේගයෙන් ඉදිරියට පැමිණි සීමිත රටවල් කණ්ඩායමකට (Fast Movers) අයත් රටක් වශයෙනි. මෙම දත්ත මත කළ ඇගයීමේ දී ලොව විශාලතම වර්ධනය වියට්නාමය විසින් වාර්තා කර ඇති අතර, බෙලීස් සහ මොසැම්බික් යන රටවල් පිළිවෙළින් ඊළඟ ස්ථාන ලබාගෙන තිබේ.

ඇගයීමේ පදනම

නැඟී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහිත රටවල් අතරින් ආයෝජක සබඳතා (Investor Relations) සහ ණය විනිවිදභාවය (Debt Transparency) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති මෙම සුවිශේෂී ප්‍රගතිය අනාවරණය වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (Institute of International Finance – IIF) විසින් නිකුත් කරන ලද ‘Investor Relations and Debt Transparency Report 2026: The Transparency Dividend’ නැමැති නවතම වාර්තාව මඟිනි.

ලොව පුරා නැඟී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57ක් ඇසුරින් සකස් කළ මෙම ඇගයීමේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සමස්ත ආයෝජක සබඳතා රටවල් ශ්‍රේණිගත කිරීමේ අගය (Investor Relations Country Score) 50න් 43.67ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. 2025 වසරේදී ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණේ ලකුණු 37.33ක් පමණි. මෙම කැපී පෙනෙන වර්ධනයත් සමඟ ශ්‍රී ලංකාව මෙම සමීක්ෂණයට ලක්වූ රටවල් අතරින් ඉහළම අගය (Top Quartile) නියෝජනය කිරීමට ද සමත්ව තිබේ. මෙම ඇගයීමට ලක්වූ සමස්ත රටවල සාමාන්‍ය අගය ලකුණු 36.1 සිට 37 දක්වා සුළු වර්ධනයක් පමණක් පෙන්වද්දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය කැපී පෙනේ.පසුගිය වසරට සාපේක්ෂව වසරින් වසර සිදුවූ වර්ධනයන් සැලකීමේදී එය ලකුණු 6.3ක ප්‍රගතියක් වාර්තා කර ඇත

කැපී පෙනෙන වෙනත් අත්පත් කරගැනීම්

විශේෂිත ක්ෂේත්‍රයන් යටතේ ද ශ්‍රී ලංකාව ඉහළ දක්ෂතා පෙන්වීමට සමත්ව ඇත. ඒ අනුව ණය විනිවිදභාවය පවත්වා ගැනීම මෙන්ම පාරිසරික, සමාජීය සහ පාලන (ESG) දත්ත හා ප්‍රතිපත්තිමය තොරතුරු ප්‍රචාරය කිරීම යන අංශ දෙකෙන්ම ඉහළම ප්‍රගතියක් පෙන්වූ රටවල් අතර පස්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ලබා ඇති මෙම ප්‍රගතියට හේතුව ශක්තිමත් ණය විනිවිදභාවය සහ ආයෝජකයින් සමඟ පවත්වාගෙන යනු ලබන යහපත් සබඳතා බවය. ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය යටතේ 2024 දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද ‘ආයෝජක සබඳතා වැඩසටහන’ (Investor Relations Program) හරහා අනෙකුත් රාජ්‍ය ආයතන ද සම්බන්ධ කර ගනිමින් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) විසින් සිදුකළ මැදිහත්වීම් මෙම සාර්ථකත්වයට ඍජුවම දායක වී ඇත.

RelatedPosts

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) පෙන්වා දෙන පරිදි, රාජ්‍ය මූල්‍ය, ණය සහ ප්‍රතිපත්තිමය තොරතුරු වඩාත් පැහැදිලිව සහ ස්ථාවරව සන්නිවේදනය කිරීම හේතුවෙන් ආයෝජකයන් තුළ පවතින අවිශ්වාසය සහ අවිනිශ්චිතභාවය අවම වී ඇත. මේ හරහා ඉදිරියේදී මෙරටට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ වෙත පිවිසීමට වඩා හොඳ ප්‍රවේශයක් ලැබෙනු ඇති අතර, කාලයත් සමඟ ණය ලබා ගැනීමේ පිරිවැය (පොලී අනුපාත) පහත හෙළීමට ද මෙය මහෝපකාරී වනු ඇති බව එම සංවිධානය පවසයි.

ලොව පුරා මූල්‍ය ආයතන සාමාජිකත්වය දරන ගෝලීය සංගමයක් වන ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මගින් කළ මෙම ඇගයීමේ දී මැන බලනු ලබන්නේ රටක සමස්ත ආර්ථික සංවර්ධනය හෝ වර්ධන වේගය නොව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය සම්බන්ධයෙන් රටක් දක්වා ඇති ප්‍රගතිය පමණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

Related Posts

suresh-saley
පුවත්

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026
පුවත්

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

ජූලි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.