රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් ගේ බිරිය අනුමත නිවාඩු ලෙස දින 18ක් ලබා ගත්ත ද සේවයට වාර්තා කර නොතිබුණ ද ඉන් ඖෂධ සැපයීමට බාධාවක් ඇති නොවන ආකාරයට කටයුතු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිසස් අද පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංසථාවේ නීති අධ්‍යක්ෂවරියවන දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිය සේවයට වාර්තා නෙිකිරීම හේතුවෙන් දැනට ඖෂධ ඇනවුම් ඉදිරිපත් කළ ලිපි ගොනු 300කට ආසන්න ප්‍රමාණයක් අවසන් කිරීමට නොහැකි වී ඇති බවට වන කරුණ සම්බන්ධව මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.
එහිදී ඇමතිවරයා කීවේ එය ප්‍රශ්නයක් නොවන ආකාරයට කටයුතු සැලසුම් කර ඇති බවය.
“ඇයගේ නොපැමිණීම ඖෂධ සැපයීමට බාධාවක් නොවන ලෙස කටයුතු කරගෙන යනවා. ඇය එස්.පී.සී එකේ නිලධාරිණියක හැටියට වරෙක නිවාඩු ලබා ගත්තා. යළිත් සේවයට වාර්තා කරලා යළිත් නිවාඩු ලබාගෙන තියනවා. මේ තියන ක්‍රමවේදය හැටියට ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ.”
“ඇයගේ නොපැමිනීම නිසා එස්පීසී කටයුතුවලට සිදුවන බලපෑමට නීති නිලධාරිනියක් යොමු කරලා ඒ කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඖෂධ සැපයීමට දේශබන්දුගේ බිරිය නිසා බාධාවක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ.”







