ලලිත් චාමින්ද –
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණිවල විශාල තනතුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ 2025 වර්ෂයට අදාළ වාර්ෂික කාර්යසාධන වාර්තාවේ ඇතුළත් විගණන වාර්තාව මඟින් අනාවරණය වී තිබේ.
එම වාර්තාවට අනුව පරිපාලන සේවයේ පවතින සමස්ත පුරප්පාඩු මෙසේය:
-
1 ශ්‍රේණියේ තනතුරු: පුරප්පාඩු 97ක්.
-
11 සහ 111 ශ්‍රේණිවල තනතුරු: අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ කොමිෂන් සභා 113ක තනතුරු 435ක්.
-
සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරු: දිස්ත්‍රික්ක 24ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල 90ක පුරප්පාඩු 90ක්.
-
පළාත් සභා පුරප්පාඩු: පළාත් සභා 9ක 1 සහ 11 ශ්‍රේණිවල තනතුරු 253ක්.
මීට අමතරව කම්කරු අමාත්‍යාංශයේ තනතුරු 41ක් සහ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ තනතුරු 70ක් ද පුරප්පාඩුව පවතී.
මෙම දැවැන්ත නිලධාරී හිඟය හේතුවෙන් පරිපාලන සේවයේ 1 ශ්‍රේණියට අයත් ප්‍රාදේශීය ලේකම් තනතුරු 76ක සහ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු 32ක පූර්ණකාලීනව වැඩබැලීම සඳහා 11 ශ්‍රේණියේ නිලධාරීන් පත් කිරීමට පියවර ගෙන ඇති බව ද එම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.







