සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් මිලියන 110ක කොකේන් සමඟ 79 හැවිරිදි ස්පාඤ්ඤ ඉංජිනේරුවෙක් කටුනායකදී කොටුවේ!

by editor
ජූලි 25, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක් සහිත කොකේන් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂිකර්ම ඉංජිනේරුවරයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය සමත්ව තිබේ.

මෙම ස්පාඤ්ඤ ජාතිකයා පසුගිය 22 වැනිදා කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR654 ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත. ඔහු සියෙරා ලියෝන් රාජ්‍යයේ සිට අඩිස් අබාබා සහ දෝහා හරහා මෙම ගුවන් ගමන සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.

ගුවන් තොටුපොළට පැමිණි දින මොහු සන්තකයේ තිබූ අත් බෑගයේ සැකකටයුතු කිසිවක් නොතිබීම හේතුවෙන් ඔහු ගුවන්තොටුපොළෙන් පිටව ගොස් ඇත. ඔහුගේ අනෙක් ගමන් මල්ල වෙනත් ගුවන් යානයකින් මෙරටට පැමිණීමට නියමිතව තිබීම ඊට හේතුවයි.

පසුව මෙරටට ළඟා වූ, ප්‍රමාද වූ ගමන් මල්ල භාර ගැනීම සඳහා සැකකරු ඊයේ (24) පස්වරු 6.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබේ. එහිදී රේගු නිලධාරීන් විසින් අදාළ ගමන් මල්ල පරීක්ෂාවට ලක් කළ අතර, එහි තිබූ සැකකටයුතු ඇසුරුම් කිහිපයක් හේතුවෙන් එය භෞතික පරීක්ෂාවකට ලක් කර ඇත.

එම සෝදිසි කිරීමේදී ගමන් මල්ල තුළ තිබූ ලිපිගොනු රඳවන (File Covers) දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම කොකේන් තොගය සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකි විය.

RelatedPosts

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

අත්අඩංගුවට ගත් කොකේන් තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 2.198ක් වන අතර, එහි දළ වීථි වටිනාකම රුපියල් මිලියන 109.9ක් (රුපියල් 109,900,000) පමණ වන බවට තක්සේරු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරු සහ අත්අඩංගුවට ගත් කොකේන් තොගය ඉදිරි නීතිමය කටයුතු හා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාරදීමට නියමිතය.

Share69Tweet43
Previous Post

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රුපියල් මිලියන 110ක කොකේන් සමඟ 79 හැවිරිදි ස්පාඤ්ඤ ඉංජිනේරුවෙක් කටුනායකදී කොටුවේ!

ජූලි 25, 2026

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රුපියල් මිලියන 110ක කොකේන් සමඟ 79 හැවිරිදි ස්පාඤ්ඤ ඉංජිනේරුවෙක් කටුනායකදී කොටුවේ!
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.