බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවැනි එක් දින තරගය මුලුමනින්ම වැස්සට සේදෙයි…

by editor
ජූනි 7, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ධාරාණිපාත වර්ෂාව තරගය සෝදා දමා ඇත.  ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය, නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යවන්නේ නැතිව  අතහැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය.

මීට පෙර දිනයේදී ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ද විනාඩි 30 කින් ප්‍රමාද කිරීමට සිදුවූයේය.  කාසියේ වාසිය දිනා ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් නායකයා විසිනි.   තරගය අතරතුරදී නැවතත් වැසි ඇතිවීමේ හැකියාව සැලකිල්ලට ගනිමින්  කොදෙව්වෝ  මුලින්ම පන්දු රැකීම තේරූහ.

මෙම තරගය සඳහා කණ්ඩායම් දෙකෙහිම වෙනස්කම් සිදුකර තිබිණි. ආබාධයකට ලක්ව සිටි මැතිව් ෆෝඩ් වෙනුවට අමීර් ජැංගු කොදෙව් කණ්ඩායමට කැඳවා තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායම ද අසිත ප්‍රනාන්දු වෙනුවට එෂාන් මාලිංග කණ්ඩායමට ඇතුළත් කර තිබුණි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සිය 150 වන එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටි ෂේ හෝප් වෙනුවෙන් විශේෂ සමරු ජේර්සි මුද්‍රිත කමිසයක් ද මෙහිදී පිරිනැමුණු අතර, ඉන් සුළු වේලාවකට පසුව තරගයට දැඩි ලෙස වැසි ඇද හැලෙන්නට විය. කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු තරගයට අදාලව කිසිදු ඉදිරි පියවරක් තබන්නට වර්ෂාව ඉඩ දුන්නේ නැත. .

මෙම තරගය ප්‍රතිඵලයකින් තොරව අවසන් වීමත් සමඟ, තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තිබූ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ගිලිහී ගියේය. කෙසේ වෙතත්, එළඹෙන සඳුදා පැවැත්වීමට නියමිත අවසන් මෙන්ම තෙවන එක්දින තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට ඔවුන්ට හැකි වුවහොත්, තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කරගැනීමේ අවස්ථාව තවමත්  බටහිර ඉන්දීය කොදෙව්වන්  සතුව පවතී.

RelatedPosts

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදා වන්නේ  ලබන වසරේ මාර්තු මාසය වන විට කණ්ඩායම් ලබා ගන්නා අවසන් ශ්‍රේණිගත කිරීම් ස්ථාන මතය.    මේ හේතුවෙන්, සිය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ගැනීමට නම් සත්කාරක කොදෙව් කණ්ඩායමට එළඹෙන සඳුදා තරගයේ ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වනු ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!

Next Post

ඇමරිකාවේ  ඔහියෝ හි ගිම්හාන උත්සවයක වෙඩි තැබිමක්… 12ක් තුවාලයි…. 02ක ගේ තත්ත්වය බරපතලයි…

Related Posts

පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
පුවත්

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.