SIS  ප්‍රධානියාට පෙර තිස්සකුට්ටිට බුද්ධි වාර්තාව ලැබුනේ කොහොම ද?. සුසිල් පරීක්ෂණයක් ඉල්ලයි!

තමා පිළිබඳ බුද්ධි වාර්තාවක් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියාට නොව මන්ත්‍රීවරයකුට මුලින්ම ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත රජයෙන් ඉල්ලා සිටී.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි තමා සම්බන්ධයෙන් බරපතල හෙළිදරව්වක් කර ඇති බවයි.

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නේ  රජය පෙරලීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට බුද්ධි අංශ වාර්තා ලැබීමෙන් පසුව බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි.


එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ප්‍රේමජයන්ත එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර මන්ත්‍රීවරයෙකුට බුද්ධි වාර්තාවක් ලැබුණේ කෙසේදැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇත්ත කතා කරන දේශපාලනඥයන් පසුපස බුද්ධි අංශ යොදවනවා   වෙනුවට රටේ ගෑස් හිඟය වැනි ප්‍රශ්න සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් දැනගෙන රටේ යථාර්ථය දේශපාලන නායකත්වයට වාර්තා කිරීම සඳහා   බුද්ධි අංශ  අවධානය යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Exit mobile version