ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් “Rebuiding Sri Lanka ජනාධිති කාර්ය සාධක බලකාය” ස්ථාපිත කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් යුතුව සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත එම කාර්ය සාධන බලකායට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් , රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න
කෘෂිකර්ම, පශු ස ම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, පරිසර අමාත්‍ය පටබැඳිගේ දම්මික, නිවාස – ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන ඇමතිවරු නම් කර සිටිති. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීස් යූසුෆ්, ද මෙම කමිටුවේ සාමාජිකයෙකි.
එමෙන්ම රාජ්‍ය නිලධාරින් සහ සිවිල් ක්‍රියාකාරීන්ද මෙම කාර්ය සාධක බලකායට නම් කර ඇත.
ජනාධිපති ලේකම් එන්.එස්.කුමානායක, මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර, රෝහණ හෙට්ටිආරච්චි, මලවති ගංගාදරන්, ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම, සමන්තා ද සිල්වා, මන්දනා ඉස්මයිල් , පරාක්‍රම දිසානායක ද එම ජනාධිපති කාර්ය සාධන බලකායේ සාමාජිකයින්ය.
ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ආංශික අමාත්‍යවරයාගේ සභාපතිත්වය යටතේ අනුකමිටු 08ක් ද නම් කර තිබේ.
පශ්චාත් ආපදා අගැයුම් කමිටුව, පොදු යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව, පීඩාවට පත් ප්‍රජාවන් සඳහා නිවාස ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව, දේශීය ආර්ථිකයන් සහ ජීවනෝපායන් පුනර්ජීවනය කිරීමේ කමිටුව, සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව, මුල්‍ය සහ අරමුදල් කමිටුව, දත්ත සහ තොරතුරු පද්ධති පිළිබඳ කමිටුව, මහජන සන්නිවේදනය පිළිබඳ කමිටුව එම කමිටු වේ.







