QR ක්‍රමය නොතැකූ ඉන්ධන පිරවුම්හල් 12කට ඉන්ධන  බෙදා හැරීම අත්හිටුවයි….

ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය උල්ලංඝණ කරමින් හා ඊට අවම ලෙස දායක වෙමින් කයුතු කළ පිරවුම්හල් 12ක් වෙත ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජාතික ඉන්ධන අවසර පත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී ඉන්ධන පිරවුමහල් කටයුතු කර ඇති ආකාරයෙහි  ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා බලශක්ති ඇමති කාංචන විජෙසේකර ප්‍රධානත්වයෙන් අද (19) පැවති විශේෂ රැස්වීමක දී මෙම තීන්දුව ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද මහජන පැමිණිලි ලෙස ලැබී ඇති තොරතුරු අදාල පොලිස් ස‍්ථාන වෙත ලබා දීමට ද තීරණය වී ඇත.

Exit mobile version