බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස දෙකක අඛණ්ඩ තෙල් සැපයුම සහතිකයි…  සංයමයකින් සහ වගකීමකින් යුතුව සියලු පුරවැසියන් මේ අර්බුදයට  මුහුණ දීම අත්‍යාවශ්‍යයයි… ජනපති කියයි!

by editor
මාර්තු 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින ගෝලීය අර්බුදය  ඉදිරියේ  පොදු යහපත උදෙසා වඩාත් පරිස්සම්කාරී ආර්ථික ක්‍රියාකාරකම්වලට යොමු  වෙමින්  සංයමයක් සහිතව  තමන්ගේ පරිභෝජන රටාවන්හි යම් වෙනසක් සිදු  කරගැනීම අත්‍යාවශ්‍ය බවත්,   මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ සියලු දෙනා එක්ව සාමූහිකව කටයුතු කිරීම අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම මාවත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නේ ලෝක දේශපාලනික තත්ත්වයන් හමුවේ යුද්ධය දිග්ගැස්සීමෙන් ඇති විය හැකි බලපෑම් නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි වුවද, ඉදිරි මාස දෙක සඳහා අඛණ්ඩ බලශක්ති සැපයුමක් සහතික කිරීමට රජය පියවර ගෙන ඇති බව රටට අවධාරණය කරමිනි.

එහිදී මිල ගණන් වෙනස් වීමේ හැකියාවක් පැවතුණත්, ජනතාවට අවශ්‍ය බලශක්තිය බාධාවකින් තොරව ලබාදීම රජයේ මූලික වගකීම බව   අවධාරණය කළ ජනාධිපතිවරයා    මෙම බාහිර කම්පන කළමනාකරණය කරමින්, රටේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට අවශ්‍ය මූලෝපායික සැලසුම් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක  මේ බව සඳහන් කළේ  ‘පරපුරෙන් පරපුරට ශක්තිමත් හෙටක් හදන අදක්’  තේමාව යටතේ     ඊයේ (10) පස්වරුවේ කොළඹදී පැවති ලාංකේය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) 2026 වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක  මෙසේ ද කීවේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“මෙම COYLE සංසදය සහ පෞද්ගලිකව මා අතර දිගුකාලීන සබඳතාවක් තිබෙනවා. ඔබ අපගේ ප්‍රතිපත්ති පිළිබද සහ අප අනුගමනය කරන උපායමාර්ග පිළිබද එදා මා වෙත ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළා. අපි බලය ලබා ගෙන දැන් වසරකට වැඩි කාලයක් ගත වී තිබෙනවා. ඔබට එදා තිබු ප්‍රශ්න තවත් තිබෙනවද,  අපේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබද යම් සැකයක් පැවතියා නම් මම හිතන්නේ අද එම සැකය අවසන් වී තිබෙනවා. දැන් තිබෙන්නේ මේ ඇති වී තිබෙන අර්බුදයන්ට සාර්ථකව මුහුණ දී අපේ මාතෘභූමිය ජයග්‍රාහී රාජ්‍යයක් බවට පත් කිරීමයි.  ඒ වෙනුවෙන් අපි ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද යන්න තමයි දැන් ඔබට තිබෙන සංවාදය කියා මම විශ්වාස කරනවා.

අපි කවුරුත් දන්නවා අපේ රට මීට වසර කිහිපයකට පෙර ඉතා විශාල බිඳ වැටීමකට ලක් වුණා.  ආර්ථික බිඳ වැටීමකින් පසු කිසිදු දෙයක් ඉතිරි වන්නේ නැහැ. සියල්ල ඇණ හිටිනවා. ඒ නිසා ආර්ථිකයක් බිඳ වැටීම සමාජ දේහයට මොනතරම් විනාශයක් ගෙන එනවාද යන්න පිළිබදව අපි කාටත් ඉතා අමිහිරි අත්දැකීමක් මෑත කාලයේ තිබෙනවා. එසේ නම් රජයක් ලෙස අපිට පැවරුණු පළමු වගකීම වූයේ ආර්ථිකය පිළිබඳ යළි විශ්වසය කැටුව ඒමයි. ආර්ථිකයක් ඉදිරියට ගෙන යාමට නම් ඒ ආර්ථික චලනය පිළිබද ඔබ විශ්වාස කළ යුතුයි. ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් තුළ ආර්ථිකය කෙරෙහි විශ්වාසය ගොඩනැගිය යුතුයි.

අපි බලය ලබා ගන්නා විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය වැඩසටහනකට ඇතුළත් වී තිබුණා. එම විස්තීරණ ණය වැඩසටහන තුළ අපිට ඉලක්ක සහ යම් පරාමිතීන් හඳුන්වා දී තිබුණා. ඒ පරාමිතින් පසෙක තැබුවත් ආර්ථිකයක් පිළිබඳ විශ්වාසය තහවුරු කළ හැකි සාධක කිහිපයක් තිබෙනවා. මා හිතනවා ඒ සාධක කිහිපයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ තිබෙන බැඳීමේ පරාමිතීන් සහ අපි අපේක්ෂා කරන ලද පරාමිතීන් සියල්ල අභිබවා ඉතා සාර්ථක පරාමිතීන් ප්‍රමාණයක් අපි අත්පත් කරගෙන තිබෙනවා.

ලංකා ඉතිහාසයේ අඩුම අයවැය හිඟය 2025 වසරේදී වාර්තා කිරීම, ජංගම ගිණුමේ ශේෂය ධන අතිරික්තයකට ගෙන ඒම, දශක ගණනාවකට පසු 2025 වසරේදී 17.2%ක ආදායමක් වාර්තා කිරීම සහ ලංකාවේ වැඩිම විදෙස් ප්‍රේෂණ ලැබුණු වසර බවට 2025 වසර පත් කර ගැනීම එම සුවිශේෂ ජයග්‍රහණ වෙනවා. ඒ නිසා දැන් රටේ ආර්ථිකය ස්ථාවරයි. හැබැයි අපිට අවශ්‍ය නොසෙල්වෙන ආර්ථිකයක්. ඒ වගේම බාහිර සහ අභ්‍යන්තර කම්පනයන්ට ඔරොත්තු දෙන ආර්ථිකයක් අපි ඇති කළ යුතුයි. බාහිර සහ අභ්‍යන්තර කම්පන හමුවේ ආර්ථිකය කඩා වැටෙනවා නම් ආර්ථිකයක් ස්ථාවර වන්නේ නැහැ. ඒ නිසා අද අපි ගොඩනඟමින් සිටින්නේ එවැනි අභ්‍යන්තර කම්පනයන්ට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක්.

තෙල් පරිභෝජනය එක්වරම ඉහළ ගිය හැටි…

හැබැයි මේ මොහොතේ අපිට බාහිර කම්පනයක් එල්ල වී තිබෙනවා. මැද පෙරදිග කලාපයේ යුදමය තත්ත්වය භාණ්ඩ හා සේවා සැපයුම්වලට බාධා එල්ල කරමින් තිබෙනවා. ලෝකය වෙළෙඳපොළින් ගැට ගැසී තිබෙනවා. එලෙස විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ගැට ගැසුණු ලෝකය තුළ ඇතිවන ඕනෑම කම්පනයක් අපිට බලපෑමක් ඇති කරනවා. එසේ නම් අපි එම බාහිර කම්පනයන්ට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන එක වැදගත්.

සාමාන්‍යයෙන්  මාර්තු මාසයේ ආරම්භයේදී බොරතෙල් බැලර් එකක් ඩොලර් 70ක වගේ මිලකට තිබුණා. දැන් ඩොලර් 100ට  ගොස් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්විට එය 42%ක වර්ධනයක්. බොර තෙල් මිල නිරන්තරයෙන් උච්ඡාවචනය වෙමින් තිබෙනවා. ඒ නිසා ලෝකයේ සියලු දෙනාම මේ අවිනිශ්චිත තත්ත්වයේ පැටලුණු පංගුකරුවන් වී තිබෙනවා. ඒ වගේම සමාජ හැසිරීමත් යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා.

මම පුරවැසියන්ට කිසිසේත් චෝදනා කරන්නේ නැහැ. තෙල්, ගෑස් අහිමි වීමේ ප්‍රතිවිපාකවලට අපේ රටේ ජනතාව මුහුණ දුන්නා. ගිණි පෙල්ළෙන් බැට කෑ කෙනා කණාමැදිරි එළියටත් බයයි කියලා කියමනක් තිබෙනවා. ඒ නිසා ජනතාව ඉන්ධන පෝළිම්වල සිටිනවා. ඉන්ධන එක් රැස් කරන්න පටන් ගන්නවා. මාර්තු මාසයේ පළමුවෙනිදා අපේ ඩීසල් අළෙවිය කිලෝලීටර් 4500ක්. මාර්තු මාසයේ 03 වෙනිදා අපේ ඩීසල් අලෙවිය කිලෝලීටර් 10500යි.

පෙට්‍රල් අලෙවිය කිලෝලීටර් 4000ක වගේ සිට 9000 දක්වා ඉහළ ගියා. දැන් නැවත 6000ට අඩු වී තිබෙනවා. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිවෙකුට තනි තිනව මෙයින් සුරක්ෂිත විය නොහැකියි. තනි තනිව අපි හැම කෙනාම මේ වෙනුවෙන් යමක් දරා ගනිමින් ඊට මුහුණ දිය හැකි නම් අපි සියලු දෙනාට මෙයින් ගොඩ ඒමට හැකියි.

මේ බාහිර කම්පනය අපිට යම් බලපෑමක් ඇති කරමින් තිබෙනවා. ඒ නිසා තමයි අපිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වුණේ. අපේ ඉන්ධන වෙළෙඳපොළෙන් 47%ක් බාහිර ආයතන අතේ තිබෙන්නේ. ඒ නිසා අපි ඔවුන්ට විශ්වාසයක් ලබා දිය යුතුයි. ඒ වගේම ඉන්ධන සාමාන්‍ය පරිභෝජන තලයට ගෙන ආ යුතුයි. මා යෝජනා කරන්නේ අපි සියලුදෙනා එකතු වී එය තවත් ටිකක් පහළට ගෙන ආ යුතුයි.

අඛණ්ඩවේ සැලසුම අඛණ්ඩ බල ශක්ති සැපයුමක් සහතික කිරීමයි…

2022 අර්බුදය මතු වුණේ මොකක් නිසාද, ලෝකයේ සැපයුම් මාර්ග අඩාල වී නොවයි, ඉන්ධන සංචිතවලට පහර දී නොවයි. අපිට ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් හිඟ වීම නිසයි. හැබැයි දැන් අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. බිලියන 7.2ක විදෙස් සංචිත අපිට තිබෙනවා. ඒ නිසා අද අර්බුදයක් ආවොත් එය සිදු වන්නේ සැපයුම් මාර්ගවල අර්බුදයක් නිසා. ඒ නිසා අපි ඒ සඳහා අවශ්‍ය විකල්ප මාර්ග සියල්ල පිළිබඳ මිතුරු රාජ්‍යයන් සමඟ සාකච්ඡා කරමින් තිබෙනවා. අපේ වගකීම තමයි අඛණ්ඩ බලශක්ති සැපයුමක් ලබා දීම. එය බිඳ වැටීම අපි මේ ආර්ථිකයේ අත්පත් කරගෙන තිබෙන සුවිශේෂී ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් කෙටි කාලයකට නතර වීමට හේතු වෙනවා.

ඒ නිසා රජයක් ලෙස අපේ පූර්ණ සැලැස්ම වන්නේ අඛණ්ඩ බලශක්ති සැපයුමක් සහතික කිරීමයි.  අපිට අඛණ්ඩ බලශක්ති සැපයුමක් දැන් සහතික කළ හැකියි. හැබැයි අපි සියලු දෙනාටම එය පුරෝකථනය කළ හැක්කේ උපරිම මාස දෙකක් සඳහා පමණයි. මාස 02කට වඩා මේ යුද්ධය පැවතියහොත් අපේ පුරෝකථනවලින් තේරුමක් නැහැ.

 මිල උච්ඡාවචනය විය හැකියි

මේ යුගය තාක්ෂණය සහ විද්‍යාව විසින් යුද්ධයට මහා බලයක් නිර්මාණය කර දී තිබෙන යුගයක්. ඒ නිසා මෙම ප්‍රබල අවි මහෙයුම් විසින් කවර තත්ත්වයක් නිර්මාණය කරනු ඇත්දැයි අපිට පුරෝකථනය කරන්න බැහැ. අපිට කෙටි කාලයක් පුරෝකථනය කළ හැකියි. එහෙත් එම කාලය අභිබවා යුද්ධය ඉදිරියට පැවතියහොත් කිසිදු ජගතෙකුට එය පුරෝකථනය කරන්න බැහැ. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන්නම් මේ මාස දෙකේ බලශක්ති සැපයුම් ලබා දෙන බවට. හැබැයි මිල උච්ඡාවචනය විය හැකියි. මම තෙල් ළිඳක අයිතිකරුවෙක් හෝ තෙල් සමාගමක නියෝජිතයෙක් නිසා මට ලාභ ගන්න මේවා කරනවා නෙවෙයි. හැබැයි ආණ්ඩුවක් ලෙස අපිට වගකීමක් තිබෙනවා අඛණ්ඩ බලශක්ති සැපයුමක් ලබා දෙන්න.

ඒ සඳහා අවශ්‍ය මූලෝපාය සියල්ල අපි සකස් කරනවා. අභ්‍යන්තර කම්පනයට මුහුණ දීමට අපිට හැකි වූණා. එහෙත් බාහිර කම්පනයට මුහුණ දෙන්න අපිට තව ටික කාලයක් යයි. අපි මේ ජයග්‍රාහී මාවතක ගමන් කරමින් සිටි අවස්ථාවක්. ඒ නිසා අපිට කම්පනයක් ඇති කර තිබෙනවා. හැබැයි අපි ඉතා හොඳින් එම කම්පනය කළමනාකරණය කරමින් එය සමනය කර ගැනීමට උත්සාහ දරමින් තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එක්ව මෙම කම්පනයට මුහුණ දෙමු.

මේ අපි සියලුදෙනා තමන් ගැන වගේම පොදුවේ සියලුදෙනා ගැන සිතමින් තීන්දු තීරණ සහ භාවිතාවන්වලට එළැබිය  යුතු වෙලාවක් කියා මම විශ්වාස කරනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට පරිභෝජන රටාවේ යම් වෙනසක් අවශ්‍ය වෙයි. ලෝකයේ අර්බුදයට ලක් වූ රාජ්‍යයන් ගොඩගියේ සුපුරුදු පරිදි සිය පරිභෝජන රටා අනුවම නෙවෙයි. අර්බුදයක් තිබෙන අවස්ථාවක අපි සියලුදෙනා යම් සංයමයකට ආ යුතුව තිබෙනවා. ඒ නිසා යම් සංයමයක් සහ පරිස්සම්කාරී ආර්ථික ක්‍රියාකාරකමකට එක් වෙමුයි කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. එය අපි සියලුදෙනා එක්ව මේ අර්බුදයෙන් ගොඩඒමට තිබෙන මාවතයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට: නව මිල ගණන් මෙන්න!

Next Post

  ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි තුවාල ලැබූ ගුවන් ප්‍රහාරය පසුපස කතාව…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.