සෙනසුරාදා, ජූලි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

by editor
ජූනි 12, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනට ලබන ජූනි මස 16 වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබා දෙන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට වැඩිදුරටත් නියෝග කළේ සැකකරුගෙන් ලබා ගන්නා රුධිර සාම්පල මඟින් සිදුකරන ඩී.එන්.ඒ. පරීක්ෂණයේ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

නිට්ටඹුව පොලිසිය අද දින අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවක් මඟින් මෙම සිද්ධියට අදාළ කරුණු දක්වනු ලැබීය. එහිදී පොලිසිය සඳහන් කළේ, අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි 04 වැනිදා, වින්දිත දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයා ගත් ලේ තැවරුණු ඇඳුම් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවයි. රස පරීක්ෂකවරයා විසින් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා අවසන් කර ඇති බවද පොලිසිය පැවසීය.

එම රස පරීක්ෂක වාර්තාවට අනුව, දැරියගේ ඇඳුම්වල ඩී.එන්.ඒ. ඇලීල (Alleles) තැන්පත් වී ඇති බවට තහවුරු වී ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. එම ඩී.එන්.ඒ. ඇලීල සැකකාර පල්ලේගම හේමරතනගේ ඩී.එන්.ඒ. සමඟ සැසඳීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බැවින්, රජයේ රස පරීක්ෂකවරයා වෙත රුධිර සාම්පල ලබා දෙන ලෙස සැකකරුට නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න, මේ මස 16 වැනිදා රස පරීක්ෂක කාර්යාලය වෙත ගොස් රුධිර සාම්පල ලබා දෙන ලෙස සැකකරුට නියෝග කළේය.

RelatedPosts

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානම: නීතිඥ සංගමයෙන් හදිසි මහජන සංවාදයක්!

රඛිත පුතා හරක් කටාගෙන් අල්ලස් ගත් දින වකවානුවල  විජේදාස තාත්තා ගේ  ඩුබායි සංචාරය  ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන මීට පෙර රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි අතර, පසුව ඔහු ඇප මත මුදා හැර තිබිණි.

Share69Tweet43
Previous Post

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

Next Post

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Related Posts

පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානම: නීතිඥ සංගමයෙන් හදිසි මහජන සංවාදයක්!

ජූලි 4, 2026
පුවත්

රඛිත පුතා හරක් කටාගෙන් අල්ලස් ගත් දින වකවානුවල  විජේදාස තාත්තා ගේ  ඩුබායි සංචාරය  ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!

ජූලි 3, 2026
Wasantha-Karannagoda
පුවත්

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

ජූලි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානම: නීතිඥ සංගමයෙන් හදිසි මහජන සංවාදයක්!

ජූලි 4, 2026

රඛිත පුතා හරක් කටාගෙන් අල්ලස් ගත් දින වකවානුවල  විජේදාස තාත්තා ගේ  ඩුබායි සංචාරය  ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!

ජූලි 3, 2026
Wasantha-Karannagoda

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

    172 shares
    Share 69 Tweet 43
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානම: නීතිඥ සංගමයෙන් හදිසි මහජන සංවාදයක්!
  • රඛිත පුතා හරක් කටාගෙන් අල්ලස් ගත් දින වකවානුවල  විජේදාස තාත්තා ගේ  ඩුබායි සංචාරය  ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!
  • අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.