සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක මැයි 22 වනදා සිට ජුනි 01 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
මැයි 22 සිට ජූනි 01 දක්වා විදුලිය විසන්ධි වන්නේ මෙසේය.
විභාගය පැවැත්වෙන වකවානුව තුළ එළඹෙන ඉරිදාවන් දෙකකි. ඒ මැයි 22 සහ මැයි 29 ය. එම දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැත.
මැයි 23 සිට ජුනි 01 දක්වා පස්වරු 6.30 න් පසුව විදුලි කප්පාදුවක් සිදු නොකෙරේ.
එම දිනයන්හි දී විභාගය නොපවැත්වෙන දහවල් 12.00 සිට පස්වරු 6.30 දක්වා කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාප සඳහා පැය 1 යි විනාඩි 45 සිට පැය 2 යි විනාඩි 15 දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතව ඇත.