අධිකරණ ඇමැතිවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) දින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (22) තීරණය කළේය.
ආණ්ඩු පක්ෂයේ විශේෂ ඉල්ලීමක් පරිදි අද දින මෙම කාරක සභාව රැස් වූ අතර, එහිදී ආණ්ඩු පක්ෂය අවධාරණය කළේ අධිකරණ ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව හැකි ඉක්මනින් විවාදයට ගත යුතු බවය. ඒ අනුව ඔවුන් එළඹෙන සිකුරාදා දිනය ඒ සඳහා යෝජනා කළේය.
කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂයේ මෙම කඩිනම් සූදානම හමුවේ විපක්ෂය දැඩි පසුගාමීත්වයක් මෙන්ම මැලිකමක් පෙන්නුම් කිරීම කැපී පෙනුණු බව විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් දැඩි අකමැත්තක් පළ කළේය. සිකුරාදා දිනයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බැවින්, එදින විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සුදුසු නොවන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
නමුත් සාපේක්ෂව අඩු වැදගත්කමකින් යුත් පෞද්ගලික මන්ත්‍රී යෝජනා පසෙක තබා, රටේ ප්‍රධාන මාතෘකාවක් වී ඇති විශ්වාසභංග යෝජනාව සිකුරාදාම විවාදයට ගත යුතු බවට ආණ්ඩුව පාර්ශවයෙන් ගෙන ආ යෝජනාව අවසානයේ දී බහුතර එකඟතාවයෙන් සම්මත විය.
විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා මෙසේය.








