අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමු බන්ධනාගාර ගැටුම… මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළට…

by editor
ජූලි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ දරුණු ගැටුම හේතුවෙන් මේ වනවිට 25 දෙනෙක් මිය ගොස් ඇති බව පොලිස් ආංචි මාර්ග අනාවරණය කරයි. මිය ගිය අය අතර බන්ධනාගාර නිලධාරීහු ද වෙති. තත්වය  පාලනය කිරීම සඳහා විශේෂ බලඇණි යොදවා තිබේ.  පොලිසියට බුද්ධි තොරතුරු සහ නිරීක්ෂණ දත්ත සැපයීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බෙල් 412 (Bell 412) හෙලිකොප්ටර් යානයක් සහ ඩ්‍රෝන යානා යොදවා ඇත.

මීගමුව රෝහල සඳහන් කළේ, මියගිය සහ තුවාල ලැබූ ඇතැම් අයගේ සිරුරුවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාල දක්නට ලැබෙන බවයි.  බන්ධනාගාර නිලධාරීන්ට තිදෙනෙකුට පහර දී ඝාතනය කර තවත් පිරිසකට බරපතල තුවාල සිදුකළ මෙම ගැටුමේ දී  තත්ත්වය පාලනය කිරීමට නිලධාරීන්ට වෙඩි තැබීමට සිදුවී ඇති බව අනාවරණය වේ.

ඊයේ (05) පස්වරුවේ බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය මැදියම් රැය වන විට පාලනය කර තිබූ පසුබිමක අද උදෑසන බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් බන්ධනාගාරය තුළට ඇතුළු වූ පසු ඔවුන්ට පහර දී ඝාතනය කිරීමෙන් පසු තත්ත්වය මේ තරම් දුරට පැතිරී ගොස් තිබේ.

 අද සිදුවූ දේ

අද අලුයම් කාලයේ සන්සුන්ව සිටි රැඳවියන්, උදෑසන යළි සංවිධානාත්මකව බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික ලෙස පහරදී ඔවුන්ගේ ජංගම දුරකථන ද පැහැරගෙන ඇත. ආරක්ෂක අංශ පවසන්නේ, බලධාරීන් බන්ධනාගාරය දැඩිව පාලනය කිරීමට විරෝධය පාමින් ඔවුන් මෙම පහරදීම සිදුකර ඇති බවය.

මෙම බන්ධනාගාරයේ විවිධ අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනෙකු සිටින අතර, අද දින ඇති වූ මෙම මහා පරිමාණ ගැටුම මෙහෙයවා ඇත්තේ එහි දඬුවම් විඳිමින් සිටින “කටුවැල්ලේගම සුරේෂ්” නැමැත්තා බව ආරක්ෂක අංශ අනාවරණය කරයි.

RelatedPosts

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

මොහු ප්‍රකට පාතාල සාමාජිකයකු වන “කෙහෙල්බද්දර පද්මේ”ගේ සමීපතමයකු වන අතර, තියුණු ආයුධවලින් පහරදීම, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවිය සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. එසේම 2016 වසරේදී නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට සහ සහායකයාට පහරදී බැඳ දමා චෛත්‍යයකට හානි කිරීමේ චෝදනාව ද මොහුට එල්ල වී ඇත. මොහුට එරෙහිව මීගමුව මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර, දැනට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළව බන්ධනාගාරගතව සිටියි.

කළහකාරී ලෙස හැසිරුණු රැඳවියන් බන්ධනාගාර රෝහල කඩා එහි වූ ඖෂධ පැහැරගෙන ඇති අතර, ශරීර සුවතා මධ්‍යස්ථානයේ දොරටු කඩා එහි වූ යකඩ සිය ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොදාගෙන තිබේ.

කෙසේ වෙතත්, රැඳවියන් අවි පැහැරගනු ඇතැයි බලධාරීන්ට ඇති වූ සැකය මත ඊයේ රාත්‍රියේම අවි ගබඩාවේ තිබූ ගිනිඅවි ඉවත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණි.

කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික පිරිසක් රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ පස්වරුවේ හටගත් ගැටුමකින් ද රැඳවියන් දෙදෙනෙකු මියගොස්, තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබුණි. මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් එම ගැටුම ආරම්භ වී ඇති බව වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

Next Post

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

Related Posts

පුවත්

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley
පුවත්

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.