අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

by editor
ජූලි 7, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුව  අධිකරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකි බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 07)  ඍජුවම දැනුම් දුන්නේය.

මේ හේතුවෙන් පවතින ආරක්ෂක අවදානම සැලකිල්ලට ගෙන, ඉදිරි කටයුතුවලදී අදාළ නඩුවලට ඍජුවම සම්බන්ධ පුද්ගලයින් පමණක් අධිකරණ පරිශ්‍රය තුළට කැඳවීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් හදිසි ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීම කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් ඊට අදාළ අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇතුළු අදාළ පාර්ශ්ව වෙත මේ වන විටත් දැනුම් දී තිබේ.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් තුනක් පත් කර ඇති අතර, මෙම බුද්ධි තොරතුර අනාවරණය වී ඇත්තේ එම විමර්ශන අතරතුරදීය.

මේ අතර ශානි අබේසේකර ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් මීගමුව අධිකරණ පරිශ්‍රය වෙත පැමිණි අතර, එහිදී මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළ විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, ඒ අවස්ථාව වන විට අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි විනිසුරුවරුන් සහ නීතිඥවරුන් ද මෙම මහේස්ත්‍රාත් නිල මැදිරිය වෙත වහාම කැඳවා මෙම ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගැනුණි.

මීගමුව බන්ධනාගාරයේ පවතින තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, ඇති වී තිබෙන බුද්ධි තොරතුරු සහ අධිකරණ ආරක්ෂක තත්ත්වය මත බන්ධනාගාරයෙන් පිටත මෙන්ම සමස්ත කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා (STF) කණ්ඩායම් කැඳවා ආරක්ෂාව දැඩි ලෙස තර කර ඇත.

RelatedPosts

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

Next Post

මීගමුව බන්ධනාගාරයෙන් මාරු කළ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!

Related Posts

පුවත්

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley
පුවත්

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.