MOH කාර්යාල වේලෙනවා.. හමුදාවට එන්නත්  පටවනවා.. වසංගත රෝග  අංශයේ අවිද්‍යාව  GMOA සෞඛ්‍ය ඇමතිට කියයි!

රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා සුළු වශෙයන් ලබා දීමටත් හමුදාවට එන්නත් කිසිදු හිගයකින් තොරව ලබා දීමටත් වසංගත රෝග විද්‍යා අංශය කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලව දැනුවත් කළ බව එම සංගමය සඳහන් කරයි.

සෞඛ්‍ය ලේකම්වරයා වසංගත රෝග විද්‍යා අංශයේ එන්නත් නිකුත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාට ඇති අනවශ්‍ය ලැදියාව හා විද්‍යාත්මක නොවන අක්‍රමවත් තීරණ ක්‍රියාත්මක බලපෑම කරන බවද පෙනී යන්නේ යැයි සංගමය අවධාරණය කරයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැන් පසුබිමක් තුළ  රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත සුළු එන්නත් මාත්‍රා ප්‍රමාණයක් නිකුත් කිරිමෙන් එන්නත්කරණ මධ්‍යස්ථානයන්හි  දැඩි තදබදයක් ඇති වී ඇති අතරම එන්නත් ලබා ගැනීමට නොහැකි මහජනතාව සෞඛ්‍ය අංශයන් වෙතට දෝෂාරෝපණය කරන තත්ත්වයක් උදාවී ඇතැයිද සංගමය පෙන්වාදේ.


Exit mobile version