ISIS දෙවැනියා ඉරාකයේ අත්අඩංගුවට ! ඇමෙරිකාවෙන් ඔලුවට ඩොලර් මිලියන 5ක් !

 

අයි එස් අයි එස් හෙවත් ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ දෙවන අණ දෙන නිලධාරියා ලෙස හැඳින්වෙන එම සංවිධානයේ මූල්‍ය ප්‍රධානියාද බව කියන සමි ජසීම් අල් ජබූරි  ඉරාකය විසින් අල්ලාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහු අල්ලා ගත් අයකුට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 5 ක පරිත්‍යාගයක් ද ලැබූ බවට නම් කළ  පුද්ගලයකු බවය.ඉරාක උසස් හමුදා ආරංචි මාර්ගයක් ප්‍රංශ ඒ එෆ් පී පුවත් සේවයට පවසා ඇති ආකාරයට  ජාසිම් අල් ජබුරි තුර්කියේදී’ අත්අඩංගුවට පත් ව ඇත.

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදෙමී අද (11)  අත්අඩංගුවට ගැනීම නිවේදනය කළ නමුත් ඔහු අත්අඩංගුවට පත් ස්ථානය නිශ්චිතව සඳහන් නොකළ අතර ට්විටර් ගිණුමින් ප්‍රකාශ කළේ  ජබුරි ‘රටින් පිටත සිදු කරන ලද සංකීර්ණ  මෙහෙයුමකින් අනතුරුව  අල්ලා ගත් බවය.

‘ඉරාක ආරක්‍ෂක අංශ මැතිවරණ සුරක්‍ෂිත කිරීම කෙරෙහි අවධානය යොමු කරද්දී,රටේ  ජාතික බුද්ධි සේවාවන් සමි ජාසිම් අල්ලා ගැනීම සඳහා සංකීර්ණ බාහිර මෙහෙයුමක්‌ කරමින් සිටියා“’ ඉරාක අගමැති අල්-කදේමි ට්විටර් ගිණුමෙහි සඳහන් කර ඇත. මෙහෙයුමේ වැඩි විස්තර ඔහු ඉදිරිපත් නොකළ නමුත් එය විස්තර කළේ ඉරාක හමුදාව විසින් සිදු කරන ලද ‘දේශසීමා හරහා සිදු වූ ඉතාමත් දුෂ්කර බුද්ධි මෙහෙයුමක්’ ලෙස ය.


යුක්තිය සඳහා වූ එක්සත් ජනපද ත්‍යාග වැඩසටහන පැවසුවේ අයිඑස් තුළ ජබූරි ‘තෙල්, ගෑස්, පුරාවස්තු හා ඛනිජ නිධි රහිතව විකිණීමෙන් කණ්ඩායමේ ආදායම් උත්පාදන මෙහෙයුම් අධීක්ෂණය කරමින් මුදල් ඇමතිවරයාට සමාන තනතුරකින් අයි එස් අයි එස් සංවිධානය තුළ ක්‍රියා කර ඇති බවය.

2014 දී දකුණු මොසුල් හි අයිඑස් නියෝජිතයා ලෙස කටයුතු කරමින් සිටියදී ජසීම් අයිඑස් හි මුදල් ඇමතිවරයාට සමානව සේවය කළ බව වාර්තා වූ අතර, එම සමාගමේ නීති විරෝධී තෙල්, ගෑස්, පුරාවස්තු හා ඛනිජ අලෙවියෙන් ආදායම් උත්පාදනය කිරීමේ මෙහෙයුම් අධීක්ෂණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ජබුරි විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරන ලදී.ඔහු අල්ලා ගත් තැනැත්තන්ට ඩොලර් මිලියන 5ක ත්‍යාග ලබා දෙන බවටද ප්‍රකාශ විණි.

Exit mobile version