සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිය අධ්‍යාත්මික නායකයාට සමු දීමට ඉරාන වැසියෝ මිලියන ගණනින් ටෙහෙරාන් නුවරට රැස් වෙති!

by editor
ජූලි 4, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක් වූ ඉරාන ඉස්ලාමීය විප්ලවයේ උත්තරීතර නායක අයතුල්ලා සෙයියද් අලි ඛමේනි වෙනුවෙන් පැවැත්වෙන අවසන් ගෞරව දැක්වීමේ නිල අවමංගල්‍ය උත්සව මාලාව ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ආරම්භ වී තිබේ.

ඉරාන රජයේ නිල පුවත් සේවාවන් මෙන්ම රොයිටර් සහ සීඑන්එන් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ඓතිහාසික අවමංගල්‍ය උත්සවයේ පළමු දිනයේදීම ඉරානයේ නන්දෙසින් පැමිණි මිලියන සංඛ්‍යාත ජනතාවක් ටෙහෙරාන් අගනුවර පිහිටි ඉමාම් ඛොමේනි ග්‍රෑන්ඩ් මොසල්ලා (Imam Khomeini Grand Mosalla) පූජනීය භූමිය සහ ඒ අවට වීදි සම්පූර්ණයෙන්ම අවහිර කරමින් තම නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා රැස්ව සිටි බවය.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද දැවැන්ත ආක්‍රමණශීලී ගුවන් ප්‍රහාර මාලාවකදී අයතුල්ලා ඛමේනි ඝාතනයට ලක් විය. එදිනම ඉරානය සහ ඇමරිකා-ඊශ්‍රායල බලවේග අතර දැඩි යුදමය තත්ත්වයක් හටගත් අතර, එම දරුණු ගැටුම් හේතුවෙන් මාස හතරකට ආසන්න කාලයක් පුරා ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කල් දැමීමට ඉරාන බලධාරීන්ට සිදු විය.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව, ඉස්ලාමීය නීතියට අනුව දේහයන් කඩිනමින් මිහිදන් කළ යුතු වුවද, යුදමය වටපිටාව තුළ ආරක්ෂක හේතුන් මත දේහය රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව විශේෂිත ශීතාගාර පද්ධතියක සුරක්ෂිතව තැන්පත් කර තැබීමට කටයුතු කර තිබුණි. පසුගියදා ඇති කරගත් තාවකාලික සටන් නැවැත්වීමේ එකඟතාවත් සමඟ මෙම අවමංගල්‍ය උත්සවය සංවිධානය කිරීමට වත්මන් ඉරාන රජයට අවස්ථාව හිමිව ඇත.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ, අයතුල්ලා ඛමේනි සමඟ එකම ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඔහුගේ දියණිය, ලේලිය සහ කුඩා මිනිබිරිය ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුගේ දේහයන් ද මෙලෙස මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති බවය. කළු පැහැති වස්ත්‍රවලින් සැරසුණු මිලියන සංඛ්‍යාත ඉරාන වැසියන් විලාප නගමින් සහ පපුවට අතබා ගනිමින් තම නායකයාගේ දේහය රැගත් දෙන වෙත මල්දම් දමමින් දැඩි සංවේගයෙන් පසුවන අයුරු විදෙස් මාධ්‍ය කැමරාවල සටහන්ව තිබුණි.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ බව කියන ඔහුගේ පුත් සහ නව උත්තරීතර නායකයා ලෙස ප්‍රකාශයට පත් කර ඇති අලි මොජ්තබා ඛමේනි ආරක්ෂක හේතුන් මත මෙතෙක් මහජනතාව හමුවට පැමිණ නොමැති බව ද සීඑන්එන් පුවත් සේවය පවසයි.

නිල අවමංගල්‍ය සංවිධායක කමිටුවේ කාලසටහනට අනුව, ටෙහෙරාන් අගනුවර පැවැත්වෙන මහජන අවසන් ගෞරව දැක්වීමේ සහ ආගමික වතාවත්වලින් අනතුරුව, දේහය රැගත් පෙරහැර ඉරානයේ ප්‍රධාන පූජනීය නගරයක් වන කොම් (Qom) වෙත රැගෙන යාමට නියමිතය. ඉන් අනතුරුව, ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන්ගේ අතිශය පූජනීය නගර ලෙස සැලකෙන නජාෆ් (Najaf) සහ කර්බාලා (Karbala) යන නගර වෙත ද දේහය රැගෙන ගොස් ආගමික වතාවත් සිදු කිරීමට නියමිතව ඇත.

දින හයකට අධික කාලයක් පුරා ඉරානය සහ ඉරාකය පුරා සංවිධානය කර ඇති මෙම දීර්ඝ ආගමික අවමංගල්‍ය වත්පිළිවෙත් මාලාව අවසානයේ, අයතුල්ලා සෙයියද් අලි ඛමේනිගේ දේහය පිළිබඳ අවසන් භූමදාන කටයුතු ඉරානයේ දෙවැනි විශාලතම නගරය මෙන්ම අතිපූජනීය භූමියක් ද වන මෂාද් (Mashhad) නගරයේ පිහිටි ඉමාම් රීසා (Imam Reza) සිද්ධස්ථාන සංකීර්ණයේදී සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළමු මාස 6 රේගු ආදායම ඉලක්කය ඉක්මවයි: රුපියල් ට්‍රිලියන 1.37ක් උපයයි!

Next Post

රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.