සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන බදු සහන දෙන්න ඉන්දියාව ඉන්දීය රුපියල් ට්‍රිලියන 1.55ක  ආදායමක් කැප කරයි!

by editor
මාර්තු 27, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය රජය පෙට්‍රල් සහ ඩීසල් සඳහා පනවා තිබූ බදු  විශාල වශයෙන් අඩු කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. මේ අතරම ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් අපනයනය මත ‘වින්ඩ්ෆෝල්’ (Windfall) බදු පැනවීමට ද ඉන්දීය බලධාරීන් කටයුතු කර ඇත.

මෙම බදු කපා හැරීම නිසා රජයට අහිමි වන ආදායම කොපමණදැයි නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, ලබන මාසයේ ප්‍රාන්ත හතරක සහ එක් මධ්‍යම පාලන ප්‍රදේශයක පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

රොයිටර් පුවත් සේවය  එම්කේ ග්ලෝබල් (Emkay Global) ආයතනයේ ආර්ථික විද්‍යාඥ මාධවී අරෝරා උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ    මෙම බදු කප්පාදුව හරහා ඉන්දීය රජයට වසරකට රුපියල් ට්‍රිලියන 1.55ක පමණ ඇස්තමේන්තුගත  මූල්‍ය පාඩුවක් සිදුවිය හැකි බවයි. කෙසේ වෙතත්, මෙමගින් තෙල් අලෙවි කරන සමාගම්වල වාර්ෂික පාඩුවෙන් 30% සිට 40% දක්වා ප්‍රමාණයක් පියවා ගැනීමට හැකිවනු ඇතැයි ඇය සඳහන් කරයි.

ඊයේ (27)  ප්‍රකාශයට පත් කරන ලද රජයේ නියෝගයකට අනුව, ඉන්දීය මුදල් අමාත්‍යාංශය පෙට්‍රල් ලීටරයක් සඳහා වූ විශේෂ සුරාබද්ද රුපියල් 13 සිට රුපියල් 3 දක්වා (ඩොලර් 0.0318) අඩු කර ඇත. එසේම ඩීසල් ලීටරයක් සඳහා මෙතෙක් පැවති රුපියල් 10ක බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කර (ශුන්‍ය කර) තිබේ.

තෙල් මිල ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය තෙල් අමාත්‍ය හර්දීප් සිං පූරි ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ජාත්‍යන්තර මිල ගණන් අහස උසට නැග ඇති මෙවැනි අවස්ථාවක තෙල් සමාගම්වලට සිදුවන දැවැන්ත පාඩුව අවම කර ගැනීමටත් ජනතාවට සහන දීමටත් රජය තම බදු ආදායමෙන් විශාල කැප කිරීමක් කර ඇති බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඔහුට අනුව මේ වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 24ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පමණ පාඩුවක් තෙල් සමාගම්වලට විඳීමට සිදුව ඇත.

ඉන්දියාවේ ඉන්ධන මිල තාක්ෂණික වශයෙන් රජයේ පාලනයෙන් නිදහස් කර තිබුණද, සිල්ලර ඉන්ධන වෙළඳපොළෙන් 90%ක් පාලනය කරන රජයට අයත් තෙල් සමාගම් ලෝක වෙළඳපොළේ මිල ඉහළ යන සෑම විටම මිල වැඩි කරන්නේ නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිල උච්චාවචනයන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා වන අතර එම පිරිවැය රජය හෝ තෙල් සමාගම් විසින් දරා ගනු ලබයි.

මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළේ පෙට්‍රල්, ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන සැපයුමේ කිසිදු හිඟයක් ඇති නොවීමට රජය වගබලා ගන්නා බවයි. මිල ඉහළ යාමෙන් පුරවැසියන් ආරක්ෂා කිරීමට තෙල් සමාගම්වලට සහාය දෙන බවත් ගුවන් යානා ඉන්ධන මිල ඉහළ නොයන බවට සහතික වන බවත් ඇය ANI පුවත් ඒජන්සියට පවසා ඇත.

ලොව තෙවැනි විශාලතම තෙල් ආනයනකරු සහ පාරිභෝගිකයා වන ඉන්දියාව තම අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරයි. බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද තෙල් අමාත්‍යාංශයේ ලිපියකට අනුව, වාණිජ සහ කාර්මික පරිශීලකයන් සඳහා වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) කෝටාව 20%කින් ඉහළ නංවා ඇති අතර, එමගින් මුළු සැපයුම අර්බුදයට පෙර තිබූ මට්ටමෙන් 70%ක් දක්වා ගෙන ඒමට අපේක්ෂා කෙරේ.

අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ රජය අවධාරණය කර සිටින්නේ, ඉදිරි ගිම්හාන වගා සමය සඳහා පොහොර සැපයුම සහ ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීමට ගල්අඟුරු සැපයුම ඇතුළු සියලු අත්‍යවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොකද මේ තරම් රස්නය වැඩි… ඉස්සරහට මොකද රටට වෙන්නේ… ඉදිරි කාලගුණ තත්ත්වය ගැන විද්‍යාත්මක විමසීමක්!

Next Post

“අපේ එකා හින්දා කියනවා නෙවෙයි; අනුර විශ්මිතයි.. මේ හැකියාව මීට කලින් යන්තමින් හරි තිබුණේ රනිල්ට විතරයි!” – ලාල් කාන්ත කියයි…

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.