ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය අතර අද (26) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණු විශේෂ සාකච්ඡාව සාර්ථක වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පවසිය..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු එම සාකච්ඡාවේ දී බොහෝ සාධනීය කරුණු ප්‍රමාණයක් සම්බන්ධව අවධානය යොමු වූ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකමේ මුල් වාරිකය නුදුරේදී ම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාස කරන බවත් ඇමතිවරයා කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය විපුල වික්‍රමආරච්චි ම සාකච්ඡාව සඳහා එක්වී තිබේ.







