HIV වළක්වා ගන්න ප්‍රසිද්ධ ස්ථානවල සවිකළ කොන්ඩම් යන්ත්‍ර පිරිසක් කඩා බිඳ දමනවා – විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ…

ශ්‍රියානි විජේසිංහ –                                                 

එච්අයිවී ඒඩ්ස් රෝගය මර්දනය කිරිමේ අරමුණ ඇතිව ප්‍රසිද්ධ ස්ථානයන්ගේ  කොන්ඩම් යන්ත්‍ර සවිකර ඇති  බව එච්අයිවී ඒ්ඩ්ස් මර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ   සදහන් කරයි.

දුම්රියපොලවල් ඇතුළු මිනිසුන් වැඩිවශයෙන් ගැවසෙන ස්ථානවල මෙම කොන්ඩම් යන්ත්‍ර සවිකර ඇතත් ඇතැම් පුද්ගලයින් ඒවා කඩා බිදදැමීමට කටයුතු කරන බවද විශේෂඥවරයා පෙන්වාදේ.

මෙම යන්ත්‍ර ඒඩ්ස් මර්දන වැඩසටහන සමග සමීපව කටයුතු කරන රාජ්‍ය නොවන ආයතනයන් කීපයක් විසින්  රැකබලා ගන්නා අතර පවුල් සෞඛ්‍ය සංගමය විසින් නඩත්තු කරනු ලබන බවද හෙතෙම සඳහන් කළේය.

අනාරක්ෂිත ලිංගික කටයුතුවලින් ඈත්වීම මගින් රෝගය බෝවීම වලක්වා ගත හැකි බැවින් මෙවැනි  ක්‍රියාමාර්ගයන් ගැනීමට කටයුතු කළ බවද පැවසේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආසාදිතයින්ගෙන් සියයට 50ක්ම සමලිංගිකයින් බව වර්තා වන බැවින් කොන්ඩම් භාවිතයට හුරුවීම ඉතාමත් වැදගත්  යැයිද විශේෂඥවරයා පෙන්වාදේ.

Exit mobile version