බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA වෛද්‍ය වෘත්තියත් හෑල්ලු කරලා ඇමතිවරියත් ලජ්ජාවට පත් කළා…

by editor
මැයි 28, 2021
in පුවත්
Upul-Rohana

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

Share on FacebookShare on Twitter

එන්නත්කරණ වැඩ සටහන තුළ පසුගිය සතියේදී ඇති වුයේ ආන්දෝලනාත්මක සිද්ධියකි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුලේ අයට ලබාදීමට තිබූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 13000ක් රජයේ වෛද්‍ය නිලධාරින්‌ගේ සංගමය සොරාගෙන ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට පමණක් ලබා දුන් බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය චෝදනා කළේය. මේ දැක්වෙන්නේ එම බරපතල චෝදනාව සම්බන්ධයෙන් සංගමයේ සභාපති උපුල් රෝහණ සමග ලංකාසර පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.


ප්‍රශ්නය – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම එන්නත් මාත්‍රා 13000ක් සොරකම් කළා කියල ඔබ චෝදනා කරනවා. ඒක බරපතල චෝදනාවක්. මේ කතාව කියන්නෙ පදනමක් ඇතිව ද?

පිළිතුර – මෙය සොරකම් කිරීමක් තමයි. මොකද මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගෙ ඥාතීන්ට ලබා දුන්නෙ මාරන්තික අවදානමක ඉන්න මිනිස්සුන්ගෙ දෙවැනි එන්නත් මාත්‍රාව. ඇස්ට්‍රාසෙනිකා එන්නත හිඟවෙලා එය ජාතික ප්‍රශ්නයක් වෙලා තියන අවස්ථාවකයි ඔවුන් මෙය ලබා ගන්නෙ. මේ එන්නත් මාත්‍රා 13000 ලබා ගැනීමේ යටි අරමුණ ඇතිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට මීට සතියකට පමණ පෙර ලිපියක් යොමු කළා. ඒ ලිපියේ සඳහන් කර තිබුණේ සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල අයට ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබා දීම සඳහා මේ එන්නත් මාත්‍රා 13000 ලබා දෙන ලෙසයි. ඔවුන් මේ එන්නත් මාත්‍රා ප්‍රමාණය නිදහස් කරගන්නෙ සමස්ථ සෞඛ්‍ය සේවයම පෙන්නලා.

ප්‍රශ්නය – ඔබ කොහොමද මෙය දැනගත්තෙ.

පිළිතුර – අපිට සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුණා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට යවා තිබෙන ලිපිය ගැන. ඒ ලිපිය ලියන්නට මුල් වුණු මූලික ඉල්ලීමට පටහැනිව ඔවුන් කටයුතු කරන්න යනවා කියලා.

ප්‍රශ්නය – පටහැනිව යන්නෙන් ඔබ අදහස් කළේ කුමක් ද?

පිළිතුර – පැහැදිලිවම ඔවුන්ගේ බලාපොරොත්තුව වෙලා තිබුණෙ සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ පවුල්වල අයට එන්නත් ලබා දෙන්න නොවෙයි. තමන්ගේ වෘත්තිය සමිතිය ඇතුළෙ ඉන්න වෛද්‍යවරුන්ගේ පවුල්වල අයට ඇතුළුව වෛද්‍යවරුන්ට පමණක් මේ එන්නත් මාත්‍රා 13000 විද ගැනීම.

ප්‍රශ්නය – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුදැනුම මත තමයි එන්නත් නිකුතුව සිදුවන්නේ. එහෙම නම් රජයේ වෛද්‍ය නිලධාරීන් කොහොමද ඔවුන්ට කැමති ලෙස තීන්දු තීරණ වෙනස් කරන්නේ?

පිළිතුර – පැහැදිලිවම කියනවා නම් ඔවුන් සෞඛ්‍ය ඇමතිවරය සමග ඩීල් එකක් දාලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.

ප්‍රශ්නය – ඔබ හරියටම කියන්නේ කොහොමද ඇමතිවරිය සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ඩීල් දැම්මා කියලා.

පිළිතුර – ඇමතිවරිය තමා කරපු වරද පිළිගත්තා‍. ඇය සෞඛ්‍ය වෘත්තීය සංගම් 20ක පමණ නියෝජිතයින් සමග පැවැත් වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කළා තමන් අතින් වරදක් වූ බවට. ඒ වරද ඉක්මනින්ම නිවැරදි කරනවා කිව්වා.

ප්‍රශ්නය- එතකොට ඇමතිවරයිද වසංගත රෝග විද්‍යා අංශයට එන්නත් මාත්‍රා 13000ක් පිට කරන්න කියලා නියෝගය කරලා තියෙන්නේ?

පිළිතුර – නැහැ. ඇමතිවරිගේ නියෝගයන් මත සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළම නිළධාරියෙක් තමයි වසංගතරෝග විද්‍යා අංශයට ලිඛිත නියෝගය කරලා තියෙන්නේ.

ප්‍රශ්නය – ඒ ඉහළ නිලධාරියා කවුද?

පිළිතුර – ඒ නිලධාරියාගේ ලිඛිත ලියවිල්ලේ පිටපතක් අප සතුව නැහැ. ඒ නිසා නම ප්‍රකාශ කරන්න පුළුවන්කම්ක නැහැ‍

ප්‍රශ්නය – මෙතනදී ඇමතිවරිය වරද නිවැරදි කරන බවට පොරොන්දු වූ බව ඔබ ප්‍රකාශ කලා. එය කරන්නේ කොහොමද?

පිළිතුර – වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් කාර්ය මණ්ඩ සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීමට ඇය පොරොන්දු වුණා.

ප්‍රශ්නය – ඇය පොරොන්දු වුණත් මේ වන විට රට තුළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා නැහැ නේද?

පිළිතුර – එන්නත් ලබා දීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා‍. එතනදී වෛද්‍යවරුන් හැර අනෙකුත් සියලුම වෘත්තීය සමිති එක හඬින් කියා සිටියා රටතුළ මේ වන විට තිබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් ටික එකතුකරලා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුල්වල පළමු මාත්‍රාව ගත් අය ඉන්නවා නම් ඒ අයට දෙවන මාත්‍රාව ලබා දීමටත් මේ වන විට පළමු මාත්‍රාව ගත් පොදු ජනතාව ලක්ෂ පහමාරක් විතර සමාජයේ ඉන්නවා ඒ අයගෙන් බරපතල රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් තෝරා‌ ඔවුන්ට දෙවන මාත්‍රාව ලබා දෙන්නත් කියලා. ඒත් එක්කම ක්ෂේත්‍ර නිලධාරීන්වන ග්‍රාමසේවක නිළධාරීන්ට විදුලිබල මණ්ඩලයේ, ඛනිජතෙල්නීතීගත සංස්ථාව ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සපයන නිලධාරීන්ට එන්නත ලබා දියු යුතුයි කියලත් අපි සඳහන් කළා.

ප්‍රශ්නය – සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුලේ අය ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත් අය ඉන්නවා නම් කියලා ඔබ සදහන් කළේ පළමු මාත්‍රාව ලබා නොගත් අයත් ඔබ සාමජිකයින්ගේ පවුල්වල සිටිනවාද?

පිළිතුර- ඔව් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සාමාජිකයින්ගේ පවුල්වල කිසිම කෙනෙක් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන නැහැ.

ප්‍රශ්නය- එහෙනම් වෛද්‍යවරුන්ගේ පවුල්වල අය කොහොමද පළමු මාත්‍රාව ලබාගෙන තිබෙන්නේ?

පිළිතුර – ඒක අපිටත් ගැටලුවක්. ඒ අය පළමු මාත්‍රාවත් තමන්ගේ පවුල්වල අයට විදගෙන තියෙන්නේ හොරෙන්. සෞඛ්‍ය අමාත්‍යංශය කිසිම විටක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල අයට එන්නත ලබා දෙන්න කියලා චක්‍රලේඛ නිකුත් කළේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛ නිකුත් කළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට එන්නත ලබා දෙන්න කියලා විතරයි. මේ අය සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛවලට පටහැනිව තමයි මුල සිටම කටයුතුකර තිබෙන්නේ.

ප්‍රශ්නය – මේ වන විට ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා කොපමණ ප්‍රමාණයක් ඉතිරිව ඇතියි කියලා විශ්වාස කරනවාද?

පිළිතුර – මේ වන විට එන්නත් මාත්‍රා 7000ක් විතර ඇතියි කියලා අප විශ්වාස කරනවා. ඒ එන්නත් අද (28) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොරොන්දු වුණා එකතු කරනවා කියලා.

ප්‍රශ්නය – ඒත් ඔබගේ ඥාතීන් අතුළු පවුලේ අයට එන්නත ලබා ගත්තා කියලා මේ වන විට ඔබට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔබත් වංගු ගහල ද මේ කතා කරන්නෙ?.

පිළිතුර – අපි නීතියට වංගු ගහන මිනිස්සු නෙමෙයි. මේක සම්පූර්ණ අසත්‍යයක්‍. මම ක්ෂේත්‍රයේ සිටිනකෙනෙක් විදිහට එන්නත ලබා ගත්තා. මගේ බිරිය රෝහල් හෙද පාලිකාවක්. ඒ නිසා ඇයත් එන්නත ගත්තා. මගෙයි නෝනගෙයි තාත්තලා ජිවතුන් අතර නැහැ. ඉන්නේ අම්මලා දෙන්න විතරයි. ඒ අයට එන්නත් දෙනවා තියා කෑවද බිව්වාද කියලාවත් බලන්න යන්න වෙලාවක් නැහැ. අනික මගේ දරුවෝ දෙන්නා අවුරුදු 18ට අඩුයි. මේ බොරු පතුරුවන්නේ බංකොලොත් වෙච්චි මිනිස්සු…


.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජූනි 7 වනදා තෙක් දිගටම රට වැසේ

Next Post

තවත් නැව් අනතුරක් ! නැවියන් තිදෙනෙක් අතුරුදන්

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.