බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA නිසා රෝහලකටවත් වද්ද නොගත් සුවසැරියට අවුරුදු 05යි… සුවසැරිය දියුණු කරන බව ජනපති කියයි…

by editor
ජූලි 28, 2021
in පුවත්
1990-suwaseriya-
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් වසංගත තත්වය හමුවේ මිල කළ නොහැකි සේවාවක් සිදුකරමින් සිටින සුවසැරිය ගිලන්රථ සේවය ආරම්භ කර අදට වසර 05කි.


වර්ෂ 2016 ජූලි මස 28 දා 1990 හදිසි ඇමතුමට යටත් කර මෙම ගිලන්රථ සේවාව ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ආරම්භවන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ දේශපාලනය මෙම සේවාවට එරෙහිව බරපතල විරෝධතාවයක් දියත් කළේය.

මෙය ඉන්දියානු රහස් ඔත්තු සේවයේ අංශයක් බව ප්‍රකාශ කරමින් දියත් කළ විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස කිසිම රෝහලක මෙම ගිලන් රථ නවතා තැබීමට ඉඩ නොදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළේය.

අනතුරුව ගිලන්රථ නවතා තැබීමට සිදුවූයේ ආසන්නම පොලිස් ස්ථානයේ ය. පොලිස් ස්ථානවල නවතා තැබූ සුවසැරිය ගිලන්රථ සේවාව මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍යම වූ අවස්ථාවල ක්‍රියාත්මක වූයේය.

ගිලන්රථ 297ක් මේ වනවිට සුවසැරිය සඳහා යොමුකර තිබේ. නොමිලයේ ලබා දෙන සුවසැරිය ගිලන්රථ සේවාව රට පුරා ක්‍රියාත්මක වෙමින් ඇත.

මේ සේවාව ලබා ගැනීම සඳහා දිනකට සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලීම් 5000කට අධික ප්‍රමාණයක් ලැබෙමින් ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙම ගිලන්රථ සේවය අතිශය වැදගත් සේවාවක් ඉටු කරමින් සිටී. ඊයේ (27) වනවිට කොවිඩ් රෝගීන් 67 962ක් රෝහල් ගත කිරීමට සුව සැරිය ගිලන්රථ සේවාව දායකත්වය සපයා තිබේ.

සුවසැරිය ගිලන්රථ සේවාව ආරම්භකළ දින සිට මේ දක්වා දුරථන ඇමතුම් හතලිස් එක් ලක්ෂ හැත්තෑ තුන් දහසක් එකසිය විසිපහක් ලැබී තිබේ. රෝගීන් නව ලක්ෂ තුන් දහස් හාරසිය තිස් අටක් රෝහල්ගත කර ඇති බවත් අමාත්‍යාංශය කියයි.

රාජ්‍ය අමාත්‍යාංශය කීවේ සැවසැරිය ගිලන් රථ සේවය තව දුරටත් පුලුල් කිරීමට ජනාධිපතිවරයා ගේ අවධානය යොමු වී ඇති බවය. ඊට තව ගිලන් රථ 112ක් එක් කිරීමට සැලසුමක් ඇති බව ද අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර සහතික ගැන පෙත්සම් ඒ.එස්.පී පත්වීම් 276ක් පමා කරයි

Next Post

දේශපාලකයා එන ගමන් ජපානයෙන් ගේන්න ඉල්ලූ ඇස්ට්‍රාසෙනිකා තොගය අද හෙටම දිවයිනට

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.