සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයි කොවිඩ් මර්දන එන්නත ලබා දීමට වහාම කටයුතු කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අද (25) දිනයේදී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත.
අද දිනයේදී අදල එන්නත පවුලේ සාමජිකයින්ට ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකළහොත් ලබන 31 වන දින සිට වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
කොවිඩ් මර්දන කටයුතු සදහා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම දායකත්වය ලබා දෙමින් සිටියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ පවුලේ සාමාජිකයින්ට පමණක් කොවිඩ් එන්නත ලබා දිමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කිරිම බරපතල වරදක් යැයි ඔහු පෙන්වාදේ.
වෛද්‍යවරුන් හැරුණු කොට අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල අයටද කොවිඩ් මර්ධන එන්නත වහාම ලබා දෙන තෙක් අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සියලුම දෙනා කොවිඩ් එන්නත්කරන වැඩ සටහනින් ඉවත් වීමට තීරණය කර ඇතිබව ද උපුල් රෝහණ පැවසීය.