බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

DAT නමින් අනෙක් සෞඛය සේවකයින්ට දීමනාව ලැබුනොත් ඔබේ අභිමානයට අවුලක් ද?. එහෙනම් වෙන නමක් දාමු…. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය GMOA ට උත්තර දෙයි!

by editor
ජනවාරි 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය නිළධාරීන් කාණ්ඩගත කිරීමේදී බාධා කිරීමේ, රැඳී සිටීමේ සහ ප්‍රවාහන අවශ්‍යතාවයට අදාලව DAT යන නමින් ලබාදී ඇති දිමනාව හිමි වන්නේ වෛද්‍යවරුන්ට පමණක් නම්, එම දීමනාවෙන්  කොටසක් හෝ අනෙක් සෞඛ්‍ය සෞඛ්‍ය සේවකයින් ලබා ගැනීම වෛද්‍යවරුන්ගේ අසමසම තතත්වයට, රාජ්‍ය සේවයේ සුපිරි බවට, අභිමානයට ගැටලුවක් නම් එම දීමනාව වෙනත් ඕනෑම නමක් භාවිතා කරමින් සමස්ථ සෞඛ්‍ය සේවකයින්ට ලැබීම පිළිබඳ  තමන්ගේ කිසිදු විරෝධයක් නැතැයි දන්වමින්    හෙට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවා ඇති වෘත්තීය සමිති 72කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලිපියක් යවා තිබේ.

ලක්ෂයකට  කට අධික සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සාධාරණත්වය වෙනුවෙන් වෘත්තීය සමිති 72ක් ගිවිසුම්ගතව, ඒකාබද්ධව සිදු කරන මෙම අරගලයේදී  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැහැදිලි ලෙසම රජයේ උවමනාව වෙනුවෙන් මෙම අරගලය කඩාකප්පල් කිරීම සඳහා පෙනී සිටිමින්, ලිපි ලිවීම, සංදේශ ඉදිරිපත් කිරීම, මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වීම සහ රහසිගත අයුරින් විවිධ මැදිහත්වීම් සිදු කිරීම පි  හෙළා දකින බවද සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දන්වා ඇත.

සංගමයේ ලේකම් හරිත අලුත්ගේ හෝ සංගමයේ සාමාජිකයකන්    දේශපාලන හස්තයකින් හසුරුවන බළල් අත් සේ තමන්ට පෙනෙන බවත්,   වසර සියයකට අධික ඉතිහාසයක් ඇති වෘත්තීය සමිතියක් ලෙස වෙනත් වෘත්තීය සමිතියක සාමාජිකයන් විවෘතව ආමන්ත්‍රණය කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් කඩාකප්පල් කිරීමට නිල වශයෙන් දායක වීම හරහාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ    සදාචාර සම්පන්න බව අභියෝගයට ලක් කර ඇති බවත් එම සමිති සන්ධානය අවධාරණය කරයි.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

මගේ අංකය: HSTUA/Gen/2024 (09)
දිනය: 2024.01.30

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

වෛද්‍ය හරිත අලුත්ගේ
ලේකම්
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
නො. 275/75, වෘත්තියවේදීන්ගේ මධ්‍යස්ථානය
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත
කොළඹ 07

ඔබ සංගමය විසින් සෞඛ්‍ය ආයතන වල සේවය කරන සියලුම හිතවත් වෛද්‍ය නොවන කාර්යය මණ්ඩල සාමාජිකයන් වෙත යොමු කරන ලද විවෘත සංදේශය පිළිබඳවයි.

අදාල සංදේශය තුල ඉතා සාවද්‍ය කරුණු රැසක් ඇතුලත් කර ඇති බවත්, එමඟින් වෛද්‍ය වෘත්තිකයන් නොවන අනෙකුත් වෛද්‍ය හා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය නොමඟ යැවීමට උත්සහ දරණ බවත්, ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර විධිමත් සහ සදාචාරාත්මක වෘත්තීය සමිති සන්ධානයක් ලෙස ඒ පිලිබඳව සාකච්ඡා කිරීමටත් සහ ඔබ නොදන්නා කරුණු පිළිබඳව ඔබව දැනුවත් කිරීමටත් කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

එසේම ලිපියෙහි සඳහන් අන්දමටම වසර සියයකට අධික ඉතිහාසයක් ඇති වෘත්තීය සමිතියක් ලෙස වෙනත් වෘත්තීය සමිතියක සාමාජිකයන් විවෘතව ආමන්ත්‍රණය කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් කඩාකප්පල් කිරීමට නිල වශයෙන් දායක වීම හරහාම ඔබගේ වෘත්තීය සමිතියෙහි සදාචාර සම්පන්න බව අභියෝගයට ලක් වන බවත් අවධානරණයෙන් යුතුව පෙන්වා දෙමු.

කෙසේ නමුත් එම ලිපියෙහි සඳහන් මූලික කරුණු කිහිපයක් පිළිබඳව පමණක් අපගේ ප්‍රතිචාර මෙලෙස සටහන් කරමු.

  • රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය DAT දිමනාව ඉල්ලා සිටින විට අනෙකුත් වෘත්තීය සමිති රුපියල් 20,000/- දීමනාවක් ඉල්ලා සිටි බවත් වෙනත් දීමනා ඉල්ලා නොසිටි බවත් ඒත්තු ගැන්වීම සඳහා එම ලිපියෙන් උත්සහ දරා ඇති නමුත් එය පැවති සත්‍ය විකෘති කිරීමට දරණ ලද නිර්ලජ්ජිත උත්සහයකි.

සෞඛ්‍ය සේවාව තුල විවිධ දීමනා පිලිබඳ ඉල්ලීම් පසුගිය වසර කිහිපය තුල අප කොතෙකුත් සිදුකර ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිටින වෛද්‍ය පරිපාලකයන් විසින් එම කිසිඳු ඉල්ලීමක් සාධාරණීකරණය කරමින් මුදල් අමාත්‍යාංශය වෙත හෝ ජනාධිපතිවරයා වෙත යොමු නොකිරීම හිතාමතාම සිදු කරමින් ඔවුනට පමණක් වාසි සහගත වන ඔබගේ ඉල්ලීම පමණක් අතිශය ඒකපාර්ශ්වීය ලෙස සාධාරණීකරණය කිරීම මෙම අර්බුධයේ ඔබ හා අප ගැටෙන ප්‍රධාන ගැටළුව ලෙස කාරුණිකව පෙන්වා දෙමු. එසේම අප වෘත්තීය සමිති විසින් ඉල්ලන ලදැයි ඔබ විසින් ප්‍රකාශ කරන රු 20,000/- දීමනාව ඔබ සාමාජිකත්වයටද ලැබී ඇති පසුබිම තුලම අපගේ අරගලය තුල අපට ඔබව අමතක කිරීමේ අවශ්‍යතාවයක් නොපැවති බවත් පැහැදිලිය. එසේම අදායම් බදු පිළිබඳ ගැටළුවේදී පොදු අරගලයක් සිදු කිරීම සඳහා අප සියළු සංගම් ඔබ සංගමයේ දායකත්වයෙන් යුක්තව සාකච්චාවක් සිදු කල බවද සිහිපත් කරන අතර එම සාකච්චාවන් අතරමැද කඩා බිඳදමා ඔබ ඔබගේ සාමාජිකත්වය සඳහා පමණක් සාධාරණත්වය ඉටු කර ගැනීමට කටයුතු කිරීම තුල ඔබ සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩල පිළිබඳව හැඟීමකින් කටයුතු කර නොමැති බවත් පෙන්වා දෙමු.

තත්වය එසේ තිබියදීත් එම සාධාරණත්වය ඔබට ලැබෙන තුරු සාවධානව බලා හිඳිමින් අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෙනුවෙන් සාධාරණත්වය ඉටුකරවා ගැනීමේ අරගලය ආරම්භ කළද, එය ආරම්භ කළ මොහොතේ සිටම ඔබ සංගමය ඊට විවිධාකාරයෙන් බාධා කිරීම අප පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

  • තවද රාජ්‍ය නිළධාරීන් කාණ්ඩගත කිරීමේදී බාධා කිරීමේ, රැඳී සිටීමේ සහ ප්‍රවාහන අවශ්‍යතාවයට අදාලව DAT යන නමින් ලබාදී ඇති දිමනාව හිමි වන්නේ වෛද්‍යවරුන්ට පමණක් බව පෙන්වා දෙමින් අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ඉන් කොටසක් හෝ හිමි නොවිය යුතු බව ඒත්තු ගැන්වීමට අසීරු හා දැඩි උත්සහයක යෙදෙනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජය වෙත සාවද්‍ය කරුණු දක්වමින් ඒ බව පූර්ව වශයෙන් තහවුරු කර තිබීමේ වංචාව හෙළිදරව් වීම වැලැක්වීමට බවත් අප දනිමු. කෙසේ නමුත් ඔබට ඇත්තේ අභිමානය, රාජ්‍ය සේවාවේ සුපිරි බව, අසමසම වීම වැනි අවශ්‍යතාවයන් තහවුරු කරගැනීමේ උවමනාවන් ඉෂ්ඨ කර ගැනීම වුවද, අපට ඇත්තේ සාධාරණත්වය, සමානාත්මතාවය සහ රුපියල් ශත පිළිබඳ ආර්ථික යුක්තිය ඉටු කර ගැනීමේ වුවමනාවකි. එනයින් උක්ත අවශ්‍යාතාවයට අදාලව ඔබ දීමනාව ලබා ගන්නා DAT යන නමින් අප දීමනාවන් ලබා ගැනීම පිළිබඳව හිරිකිතයක් ඔබට ඇත්නම් එය වෙනත් ඕනෑම නමක් භාවිතා කරමින් අපට ලබා දීම පිළිබඳවද අපගේ කිසිඳු විරෝධයක් නොමැති බවත් පෙන්වා දෙමු.
  • සෞඛ්‍ය පද්ධතියේ අනවශ්‍ය බෙදීමක් ඇති කිරීම පිළිබඳවත් වෘත්තීය සමිති නායකයන්ගේ දේශපාලන අරමුණු පිළිබඳවත් බිල්ලන් මැවීමට ඔබ උත්සහ දරා ඇති නමුත් දශක දෙක තුනක මෑත ඉතිහාසය තුලම එවැනි දේශපාලන භාවිතාවක් අනුගමනය කර ඇත්තේ කවුරුන්ද, කුමන සංගම් නායකයන්ද යන වග ඔබ සංගමයේ සහ වෛද්‍යවරුන්ගේ කීර්තියට හානි වන පරිදි හෙළිදරව් කිරීමට තරම් අප උත්සහ ගන්නේ නැත. නමුත් මේ මොහොතේද 100,000 කට අධික සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සාධාරණත්වය වෙනුවෙන් වෘත්තීය සමිති 72ක් ගිවිසුම්ගතව, ඒකාබද්ධව සිදු කරන මෙම අරගලයේදී ඔබ පැහැදිලි ලෙසම රජයේ උවමනාව වෙනුවෙන් මෙම අරගලය කඩාකප්පල් කිරීම සඳහා පෙනී සිටිමින්, ලිපි ලිවීම, සංදේශ ඉදිරිපත් කිරීම, මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වීම සහ රහසිගත අයුරින් විවිධ මැදිහත්වීම් සිදු කිරීම මඟින් ඔබ හෝ ඔබ සංගමයේ ඇතැම් බළල් අත් කිසියම් දේශපාලන හස්තයකින් හසුරුවන බව පෙනෙන්නට තිබෙන බවත් නොකියාම බැරිය.
  • එසේම වෛද්‍යවරයෙකු වීම පිලිබඳව, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව අනන්‍ය වූ පොදු ගැටළු පිළිබඳව ඔබගේ ලිපියෙහි මතු කර ඇති කරුණු වලට අදාලව, වෛද්‍ය වෘත්තික නොවන අනෙකුත් වෛද්‍ය හා සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ අධ්‍යාපන අවස්ථාවන් කඩාකප්පල් කිරීමට අනන්‍ය වූ වෘත්තීමය සංවර්ධනයන්ට එරෙහිව සිදුකරනු ලැබූ බාධාවන් සම්බන්ධව ඉතිහාසගත කරුණු ඕනෑ තරම් ප්‍රමාණයක් පෙන්වා දිය හැකි නමුත් වර්තමාන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ භාවිතාව ඊට වඩා වෙනස් තත්වයකට පත්කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින පසුබිමක් තුල වැඩි දුරටත් එවැනි කරුණු ප්‍රසිද්ධියේ හෙළිදරව් නොකර සිටීමට වගබලා ගනිමු.

උක්ත කරුණු වලට අමතරව අපට සාකච්ඡා කිරීමට බොහෝ දේ ඇත. සාධාරණය ඉටු කරවා ගැනීම සඳහා එක්ව ආරම්භ කරන ලද සටනකින් ඔබ පමණක් ජයග්‍රහණය කොට ඇත.

  1. ඔබ ලබා ගත් එම ජයග්‍රහණය ඔබ සමඟ පවුලක් සේ බැඳෙමින් සේවය කරමින් සිටින පවුලේ අනෙකුත් සාමාජිකයන් සඳහා ලබා දීමට ඔබ යෝජනා කරන ක්‍රමය කුමක්ද?
  2. ඉදිරිපත් කරනු ලබන ලන්සුව කුමක්ද?
  3. DAT නමින් එය ලබා දෙනවාට ඔබ විරුද්ධ නම් ඊට ඔබ ලබා දෙන නම කුමක්ද?
  4. මෙම සටන අසාධාරණ නම් සාධාරණ සටන සහ එහි විය යුතු නිශ්චිත ඉල්ලීම් මොනවාද?
  5. මෙම අරගලය සඳහා ඔබගේ සහයෝගය සහ ශක්තිය ලබා ගැනීම සඳහා අප විසින් අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග කවරේද?

යන්න පිළිබඳව කඩිනමින් අපව දැනුවත් කරන ලෙසත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙසත් එතෙක් දේශපාලන න්‍යායපත්‍රයන්ට අනූව මෙම අරගලය කඩාකප්පල් කිරිම සඳහා මැදිහත් නොවන ලෙසත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි
මෙයට විශ්වාසී  කැඳවුම්කාර මණ්ඩලය
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍යවරුන්ට ගෙවන  DAT දීමනාව තමන්ටත්  ඉල්ලා වෛද්‍ය නොවන    සේවකයින් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක… සමස්ත ලංකා හෙද සංගමය වර්ජනය ප්‍රතික්ෂේප කරයි!

Next Post

පොලිස්පතිවරයා පත් කිරීමට අදාලව ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රාජකාරි සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.