ශ්‍රියානි විජේසිංහ –
රජයේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් හෙට දිනයේදී ආරම්භ කිරිමට සැලසුම් කර තිබු වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම වෛද්‍යවරුන්ගේ සංගම් සඳහන් කරති.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන කටයුතු කර ඇත.
එමෙන්ම ජනවාරි මාසය සදහා සාමාන්‍ය වැටුප් ලේඛණය මගින් DAT දීමනාව නොලැබෙන වෛද්‍යවරුන් සඳහා අදාල දීමනාව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර ඇත.
මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම් පරාජය පත් කරමින් වෛද්‍යවරුන්ට ලැබිය යුතු සාධාරණය කිරීමට මැදිහත් වූ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ස්තූතිය පල කර සිටියි.








